පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ පසුගියදා (21 දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණ.
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ හතළිහක් යටතේ මෙදින විශිෂ්ට කුසලතා දැක්වූ ශිල්පී ශිල්පිනියෝ හැත්තෑ හයක් රාජ්‍ය ටෙලිනාට්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙම උලෙළ 13 වැනි වරට මෙවර පැවැති අතර, එහිදී රූපවාහිනී සම්ප්‍රවේශක (නිවේදක) පිදුම් ලැබුවේ සිතුවිලි සිතාරාය. මේ ඇය ඒ පිළිබඳව මෙසේ කියා සිටියා.
“මේ පාර තිබ්බ රාජ්‍ය රූපවාහිනි සම්මාන උලෙළෙ වසරේ හොඳම රූපවාහිනී සම්ප්‍රවේශක (නිවේදක) සම්මානය මට ලැබුණා, ගිය වසරේදීත් ඒ සම්මාන උලෙළෙ මේ සම්මානය මට ලැබුණා, ඒ කියන්නෙ අඛණ්ඩව දෙවැනි වතාවටත් මේ සම්මානය මම දිනාගත්තේ, සම්මානය ලැබුණේ මම ඉදිරිපත් කල ‘මාලිමා’ කියන සඟරාමය වැඩසටහනට.”






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd