එක්සත් ජනතා නිදහස් සන්ධායේ මාධ්‍ය හමුවක් අද (6) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර තිබියදී ආණ්ඩුව ජනතාවට කොළය වසා එම ව්‍යවස්ථාවට තවත් පිටු 12ක් එකතු කිරීම නීති විරෝධී මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
එම තීරණය නිසා ජනතාවට ඒ කරුණු සම්බන්ධව අභියෝග කිරීමට ඇති අවස්ථාව අහිමිවූ බවයි.
‘එක එක්කෙනාගේ අස්ස කුලප්පුවට හිතුමතේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට යෑම භයානක ක්‍රියාවක්‘ යැයි විපක්ෂ නායකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහන්, ඔබ හරියටම හරි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනා හැටි අපිට හොඳට මතකයි. ඒ ගැන කතාකරන්නවත් අවස්ථාවක් ලැබුනද? (නි)
ව්‍යස්ථා සංශෝධනය මෛත්‍රී මහත්තයාගේ පොරොන්දුවක්නම් එතුමාට එක ඉටු කරන්න අවශ්‍යනම් එතුමා නායකත්වය දරන පක්ෂයේ සහයෝගය එතුමාට ඒකට ලබාගන්න බැහැ කියනවනම් ඒක ලෝක පුදුමයක්..ශ්‍රී ලංකා එකේ නායකයා කියන්නේ පඹයෙක්ද එතකොට..මෙතන යන්නේ ගේමක් ඇතුලේ ගේමක්..සියල්ල අත් ඇරලා වෙස්සන්තර වෙන්න ආපු නිර්පාක්ෂිකයි කියපු මනුස්සය තමන්ට අයිති නැති තමන්ට සහය නොදුන් තමන් ව අනුමත නොකළ ලක්ෂ 58ක ජනමතය අමු අමුවේ මංකොල්ල කාල පක්ෂ සභාපතිකමක් බදා ගත්තේ කහනවට නෙමෙයි..එක තමයි ඔය කුමන්ත්‍රණේ පළමු පියවර..දෙවන පියවර තමන් සභාපතිකම් දරන පක්ෂයෙන් මේ විරෝධතාවය මතු කරවීම..තුන්වන එක මේ අවුල් සියල්ල මත තමන් කැමති උනත් අනිත අයගේ සහයෝගය නැහැ කියන මතය සමාජය ඉදිරියේ තියල විධායක බලතල ඇති ජනපති දුරය බාධාවකින් තොරව තමන්ගේ නිල කාලය තුල අත් විඳීම. මෛත්‍රී මහත්තයව ඉස්සරහට දාල කොස් ඇට බාවා ගන්න හදපු කට්ටියට වෙන්නේ ඉදිරියට ගලේ පහරපු බළලාට වෙන දේ තමයි. (ස)
හැමෝම අපි රවටනවා එත් අපේ මිනිසුන්ට පරණ හොර ආණ්ඩුව අයෙත් ඕනද කියලා මට තේරුම් ගන්න අමාරුයි ... (ම)
මේ ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට එකට බලය ගන්න ක්‍රමයක් හදා ගන්න මිසක් ජනතාවට යහපතක් කරන්න නම් නෙමෙයි .(අ)
ඒ ගොල්ලන්ට බලය තියෙද්දී, පනත් සම්මත කර ගනිද්දීත් විපක්ෂෙට කාලයක් දුන්නද ඒවා හොදද නරකද කියලා බලන්න. (ර)
සිල්වා බර්ලින්, ඔබ යහපත් චේතනාවෙන් කතාකළත් ඔබ යෝජනා කරන්නේ භයානක වගේම ව්‍යවස්ථාවිරෝධී දෙයක්. 19 සංශෝධනයක් ගෙනවිත් ජනාධිපති බලතල කප්පාදු කරනතුරු වර්තමාන ජනාධිපතිට පුර්ණ විධායක බලතල තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවාහරින තීරණය අගමැතිගෙන් එන්න විදියක් නැහැ. අනෙක් අතට ජනවාරි 8 වෙනිදා ඡන්දයක් පැවැත්වුයේ අලුත් ජනාධිපති කෙනෙක් පත්කරන්න මිස අලුත් අගමැති කෙනෙක් හෝ අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න නොවෙයි. ඒ.ජ.නි.සන්ධානය වගේම යු.එන්.පියත් මේ බව හිතේ තියාගෙන වැඩකරන එක හොඳයි. (නි)
එදා වුනෙත් එ්කයි අද වෙන්නෙත් එ්කයි .මහත්මා දේශපාලනයක් නැති රටක අවාසනාව.(බ)
ඉදිරි මහමැතිවරණය සහ රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනමතවිචාරණයක් එක දිනයක තබා මින් පසු විශාල මුදලක් වැයකර ජනාධිපතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරාගත නොහැකිද ?(බ)
පිවිතුරු යහපාල , ඔබ අද හරවත් විස්තරයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මම එම අදහස් අගය කරනවා. මටත් පේන්නේ ඔය ටිකම තමයි, වෙන්න යන්නේ කියලයි.මොකද මමත් අහුවෙන්නේ ඔබ අන්තිමට කියපු කට්ටියටයි.ඒගැන මම දැන් කනගාටුවෙනවා. යහපාලට ස්තුතියි.(බ)
මට තේරුනා ..මට තේරුනා... සහන්, ප්‍රවීන්, එතකොට ඔයාලා කියන්නේ 18 ගෙනාවා වගේ මේකටත් නිහඬවම ඉඩදෙමු කියලා නේද? (නි)
කමල්, රහිකා නම් ඔයාට වඩා කරුණු දැනගෙන කතාකරන බවයි අපිට නම් පෙනෙන්නේ. එහෙම නේද ඉන්දික? එහෙම නේද අජිත්? (නි)
ජනවාරි 08 වෙනසත් කලේ ආප්පත් කලා ඇවිල්ලා බව අමතකද.? (ර)
ගයාන්, දේශපාලනඥයෝ හැමෝම එක වගේ නෙමෙයි. සමහරු රටට මෙහෙවරක් කරලා පැරදුණත් ජනතාවගේ ගෞරවයට පාත්‍රවෙනවා. තවත් සමහරුන්ගෙන් ගැළවෙන්නේ කවදාද කියලා මිනිස්සු නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. (නි)
අපි නොදන්නා මොනර තැන්න දැන් වෙන්න ඇති දකින්න ඇත්තේ (දී)
රොබර්ට්ගේ කතාව ඇත්ත. කඩිමුඩියේ කෙරෙන මේ ව්‍යවස්ථා සංශෝධනය රටට හොඳ නැහැ. එය පැරදවිය යුතුයි. හැබැයි ඒ මත්තෙන් තම තමන්ගේ රටට අහිතකර අරමුණු ඉටුකරගන්න උත්සාහ කරන අයගෙනුත් ප්‍රවේශම් වියයුතුයි. (නි)
19න් අපේක්ෂිත සැබෑ අරමුණ අපි දනිමු. ඒ බලය කෙසේ පාවිච්චි කරන්නේදැයි සමහරුන් විධායක නොවන තනතුරක සිටියදී රටට කළ කීදෙයින් සිතාගත හැකිය. (නි)
තව ඇමතිකම් ටිකක් අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරන්න! (දී)
දැන්වත් තේරුම් ගනිල්ලා මේ ආණ්ඩුවත් ,ජනාධිපතිත් මුළු රටම විනාශ කරන බව.මේ කුම්භාණ්ඩයෝ ටික පලවා හැරිය යුතුයි.පතෝල පාර්ලිමේන්තුවක් තියෙන්නේ.මේ කුමන්ත්‍රණ කාරයින්ව එළවා දැමිය යුතුයි. අපුරු යහපාලනය.සෝභිත මුන්ව දක්කා ගෙන ආවේ මේකටද? (බ)
මෙයාගේ කතාව ඇත්ත වුණත් නැතත් අපි බලන්න ඕන එකේ යටි අරමුණ කුමක්ද කියලයි. (ර)
අවුරැදු 20ක් නෙකෙරුනු දේ කරගන්න දැනවත් කරගන්න ඉඩ දෙන්නැදද.? (ර)
සුමුදු හේවා, යටි අරමුණු බලන්ඩ දෙයක් නැහැ, උඩින්ම පේනවා. මේවා රටේ අනාගතයට බලපාන දේවල් හදිසියේ කරන්ඩ බැහැ. නීතිය පිලිබඳ මහාචාර්ය වරු දාලා ඕක හදන්න ඕනේ. (ර)
මේ රටේ විතරයි පුදුම හතේ නීති තිබෙන්නේ. ලෝකයේ සෑම දියුණු රටක්ම වැදගත්ම තීරණ ගන්නේ ජනමත විචාරණයකින් පසුවයි. මේවා මේ රටේ මුළුමහත් ජනතාවගේම බුදලයයි. ඒවා ගැන තීරණ ගැනීම මුළු ජනතාවගේම කැමැත්ත ලබාගෙන කළයුතුයි. (නි)
19න් සිද්ධවෙන්නේ බලතල අඩුවීම. ඒකට සමහරු සෑහෙන දඟලනවා (නි)
කවුරුත් දන්නවා මෙයාල ආණ්ඩුවේ ඉන්නකොට කරපු හරිය. (ර)
රහිකා, දන්න දෙයක් ගැන කතාකරන්න. නොදන්නා දෙයකට අදහස් දැමීමේදී ප්‍රවේශම් වෙන්න. ඔයාගේ දැනුමේ තරම ප්‍රදර්ශනය කරන්න එපා (නි)
අවුරුදු 30 කට සැලසුම් කළ මහවැලිය අවුරුදු 07 කින් නිම කළේ විධියක ජනාධිපතිවරයාගේ බලතල නිසා. අවුරුදු 30 ක යුද්ධයක් අවුරුදු 03 කින් නිම කළේ විධායක බලතල පාවිච්චි කරළා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දියුණු රටවල්වලට සුදුසු උනත් දියුණුවන රටවල්වලට සුදුසු නෑ. පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදය ඉල්ලන්නේ එන්ජීඕ සහ කුවිප්ලවවාදී සංවිධාන. මන්ද ඒ තුලින් ජනතා පීඩාව හා දුර්වල පාලනයන් ඇති්කර සිය බලය තහවුරු කර ගැනීමේ පරමාර්ථයෙන් හා සිය පැවැත්ම උදෙසා රටේ දුක්පත්කම වර්දනය වීමේ අවශ්‍යතාවය මත. මතක තියාගන්න සිංගප්පූරුව දියුණු කළ ලී ක්වාන් යූ මැතිතුමාට අනන්ත අප්‍රමාණ දූෂණ චෝදනා එල්ල වුණා. ඒත් සිංගප්පූරුව දියුණු කළා. ජේආර්ටත් මහවැලියේදී දූෂණ චෝදනා එල්ල වුණා. ඒත් රට සහලින් ස්වයංපෝෂිත වීමට එය හේතු වුණා. අනෙත්වා විවාදිතව පවතින බැවින් තීරණය ජනතාවට භාර කරනවා. මේ රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යා යුතුමයි. නැතිනම් දුර්වල පාර්ලිමේන්තු ජාතිවාදීන්ට යට වෙනවා.(බ)
ජනාධිපතිගේ විධායක බලය අහෝසි කරන්න බැරි නම් දැන් කරන්න තිබෙන හොඳම දෙය අගමැති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය එතකොට ජනතාව පාර්ලිමේන්තුවට යන්න ඕනේ කවුද කියල තීරණය කරාවී , ඊට පස්සේ පුළුවන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ විධායක බලතල අහෝසි කිරීම ඇතුළු දේවල් ක්‍රියාත්මක කරන්න (බ)
කමල් කියන පුද්ගලයාට සෑහෙන රිදිලා වගේ.අනුන්ගේ මතවාද ඉවසන්න පුරුදුවෙන්න ඉගෙනගන්න අනුන්ට උපදෙස් දෙන්න කලින්.ඔබගේ දැනුමේ තරම ප්‍රදර්ශනය වුණා අනුන්ට උපදෙස් දෙන්න ගිහිල්ලා.අනුන්ට කඩේ යනකොට ටිකක් රිදෙනවා නේද? (නි)
වැරදි තිබෙනවා නම් මේ වගේ කතාකිරීම හොඳයි. හදිස්සියට ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්න එපා කියලා කියන්න කට අරින්න පුලුවන්කම තිබෙන එක හොඳයි. (නි)
අධිකරණයට එකක්. පාර්ලිමේන්තුවට වෙන එකක්. ගැසට් එකේ තවත් එකක් වගේ. කුමන්ත්‍රණ පැරදවිය යුතුවේ. (නි)
මමත් හරියට දැකලා තියෙනවා කමල් වගේ අය. එයාලා හිතන්නේ එයාලා විතරයි හරි කියලා. ඉන්දික, ඔබ හරි. (නි)
"හොරුත් එක්ක හෙළුවෙන්" (නි)
කමල්ලා තාම කඩේ යනවා. දැන් ඇති ගියා. මල්ල පැත්තකින් තියලා බලන්න මොකද වෙන්නේ කියලා.(නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
ඉන්දික, දේශපාලඥයන් කවුරුත් එකයි.හාමුදුරුවරුන්ට අපහාස කරන්න එපා. මේ හැම කෙනාටම දේශපාලුවන් ගැන පුදුම අමාරුවක්නේ තියෙන්නේ.අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)
ව්‍යස්ථා සංශෝධනය මෛත්‍රී මහත්තයාගේ පොරොන්දුවක් නම්, එතුමාට ඒක ඉටුකරන්න අවශ්‍ය නම්, එතුමා නායකත්වය දරන පක්ෂයේ සහයෝගය එතුමාට ඒකට ලබාගන්න බැහැ කියනවා නම් ඒක ලෝක පුදුමයක්. (නි)
මෙතන වෙන්නේ කුමන්ත්‍රණයක් ඇතුළේ කුමන්ත්‍රණයක් කියලයි මම නම් කියන්නේ (නි)
අධිකරණයේ සම්මත වුණ පසු පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතවීමෙන් පසු නීතිගත වෙයි.අධිකරණයේදී පිටු දොළහක් නෙමෙයි පිටු සීයක් හරි සංශෝධන වශයෙන් දාන්න පුළුවන්. එය තමයි අධිකරණයේ ක්‍රියාවලිය. තවත් ඕනෑ නම් පාර්ලිමේන්තුවෙත් සංශෝධන ගෙනෙන්න පුළුවන්. (නි)
දැන් රටේ යහපාලනයක් ඇතිකරලා කතාකරන්න , රැස්වෙන්න නිදහස දුන්නහම එනවා කට්ටිය ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න (නි)
පිවිතුරු යහපාල ,ඔයා නම් පුදුමාකාර මිනිහෙක් (නි)
මේ සිදුවෙන නාටකය කාගේ කාගේත් බල තණ්හාව මත ලියවුණ පිටපත් කිහිපයකට අනුව රඟදැක්වෙන බව පමණක් අපිට පැහැදිලිය (නි)