(ළහිරු හර්ෂණ)
ජනාධිපතිවරයා විසින් පවතින නීතිරීති හා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම මේ මස 24 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද (7) බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල් ටී බී දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියල්ල පසුපස ඉන්නේ කවුද කියල රටම දන්නවා දෙවියෝ මේවා හොදින් බලන් ඉන්නේ
මොහු අර කොමිසමේ උත්තර දුන්නු විදිහට නම්, මොහු තමන්ගේ වගකීම පැහැරහැර ඇති බව මනාව පැහැදිලියි!. ලැජ්ජාවක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්නට ඕනේ...!
පන්දුව එහෙ සිට මෙහෙට දැම්මත්..// සිත තුල පන්දුව රැදී ඇතිබව පෙනීමත්..// කතාවෙන් හොද හැටි එය දැනීමත්..// බැරිය හංගන්නට සක්කරයාටවත්..//
ඔබ අප උසස් වෙන්නට වෙන්නට තනතුරුවලින් ..// මිනිසත් බව ඉස්මතුවිය යුතුය වෙනදාටත් කලින්..// ඉහළම තනතුරක හිටියත් මා ගැන බැලුවොත් හොඳින්..// පේනවා නේද හරකාට අලවංගුව ලැබුණු විලසින්...//
තනතුර කුමක්ද උස්පහත්ද නැත ප්‍රශ්නේ..// එපා කිව්වද එන්න කිව්වද නැත ප්‍රශ්නේ..// යුතුකම,වගකීම තනතුරටම නැත ප්‍රශ්නේ..// අවසන් දින වැටෙනවා මුදල් ගිණුම නැත ප්‍රශ්නේ..//
මිස්සක... ඔයා හීනෙන් නැගිටපු ගමන්ද? ඔයාට තේරුම්ගන්න බැරි ලෙඩක් හැදිලා වගේ ඒ දෙන්නම නිර්දෝශී බව ලෝකයාම පිළිඅරගෙන හමාරයි. වැරදිකරුට දේව නීතියෙන් දඬුවම් ලැබේවි...!!!
මේ පොලිස්පති, හොඳ සිංහල, බෞද්ධ, නීතිගරුක නිහතමානි අවංක නිලධාරියෙක්..
මේ නිහතමානි මිනිසුන් අතර මිනිසාව දෙවියෝ රකිවී...
මේ පොලිස්පතිතුමා, භාවනා කරන, පන්සල් යන, පන්සිල් රකින, ධර්මානුකූලව ජීවත්වෙන මනුෂ්‍යයෙක්. එමනිසා මේ මිනිසා ධර්මය රකින ධර්මානුකූලව ජීවත්වෙන නිසා ධර්මය විසින් මොහුව රකිවී... එහෙම නොවුනොත් මේ බුද්ධ ශාසනය පවතීවිද...බුදුදහම...?
පොලිස්පති තුමාට තුනුරුවන්ගේ සරණයි
පුජිත් ජයසුන්දර මහතාට ජයවේවා
පුජිත් මහත්තයාට බුදුසරණයි ...!!!
පුජිත් ජයසුන්දර පොලිස්පති තුමනි වැඩිකලක් යන්න නොදී ඔබතුමා නැවතත් පොලිස් පති පුටුවේ වාඩිවෙන එක නියතයි මේ දන්ත දාතුන් වහන්සේ ජීවමානව වැඩසිටින මේ ශ්‍රී ලංකාව වේ .
මේ පොලිස්පතිතුමා ධාර්මික බව ඇත්ත. නමුත්, ඔහු කොමිසමේදී සඳහන් කල පරිදි මේ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳව ඔහුට ඉහලින් ලැබුණු බොහෝ උපදෙස් ලැබී ඇත්තේ වාචිකවයි. වාචිකව සඳහන් කල දේ, ලිඛ්ත ප්රකාශනයක් මෙන් තව කෙනෙකුට තහවුරු කිරීම අපහසුයි. එබැවින් ඔහු කොමිසමේදී සඳහන් කල සියලු දේ සත්‍යය බවට තහවුරු කිරීම අපහසුයි. එමෙන්ම, ආපසු හැරී බලු කල, ඔහු තම ජේෂ්ඨ නිලධාරීන්ට මේ ප්‍රහාරය සම්බන්දයෙන් දුන් නියෝග වලින් ප්‍රහාරය වලක්වා ගැනීමට යමක් සිදුවූ බවක්ද පෙනෙන්නටද නැහැ. පොලිස්පතිවරයා විසින් පොලිසියේ පහල මට්ටමේ දිනපතා සිදුවන සියලු ක්‍රියාන්විත වලට හවුල් නොවන නමුත්, අවසානයේ පොලිස් කටයුතු පිළිබඳව වගකීම ඔහු සතුයි. එම නිසා මේ ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම පිළිබඳව පොලිසිය වග කිව යුතුයි.
රවින්ද්‍ර මැතිඳුනි... අපි දෙන්නා දෙන්නෙක් නිසා එකම දේ දෙවිදිහකට අපි දෙන්නටම හිතන්න, කියන්න, ලියන්න, ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇත. ස්තුතියි...!!!
මේකද රටවැසියනි, යහපාලනේ..!!!
ඔබතුම නිර්බීතව ඇත්ත ඇති සැටියෙන් ලොවටම කියන්න. කිසිම කෙනෙක් මොන තරාතිරමේ උනත් බේරන්න එපා.
සියල්ල වෙන්න ඉඩහැර 254 මැරුණට පස්සේ මට දවසකට කලින් පැයකට කලින් මේක ගැන කෝල් ආවා දරුණු ප්‍රහාරයක් වෙනවා කියල. මේවගේ කතාවක් පොලිස් ප්‍රධානියාගෙන් අහගෙන ඉන්න තරම් අපි මොනතරම් අසරණ වෙලාද?
ඇත්තෙන්ම මේ දේවල් ගැන හරිම කණගාටුවක් හිතට දැනෙන්නේ. කව්ද හරි වැරදි අපි දන්නේ නැහැ. රට හොද තැනකට ගේන්න ජනතාවට සතුටින් ඉන්න සලසන එක මේ රජය සහ සියලු වගකීම් දරන අයගේ පරම වගකීම නේද ? බලයට ආවෙත් එහෙම කියලනේ. නමුත් මේ රජය සහ අන් අය මොන තරම් නම් පහත් පාලනයක්ද කරන්නේ. අනේ මන්දා කවද හොද පාලකයෝ බිහි වෙලා හොද කලක් උදා වෙයිද කියලා. මේ තත්වය නැති කරන්න අපි සැවොම දැනුවත් වෙන්න උනන්දු වෙන්න. ඇයි අපට පසුපස ඉන්න රටවල් දියුණු වෙන්නේ හේතුව දක්ෂ පාලනය බොරු නැහැ සෝබන නැහැ