ගායන ශිල්පී මධුමාධව අරවින්ද, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ප්‍රදීප් උඳුගොඩ හා ලලිත් එල්ලාවල යන පිරිසගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කළ බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.
අද පෙරවරුවේ ඔවුන් එහි කැඳවා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට නොකැඳවන්නැයි පසුගියදා අල්ලස් කොමිසම ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයේදී විකෘති කළ ජාතික කොඩි අතැතිව සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටය.
මධු මාධව අරවින්ද ප්‍රශ්න කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් කීවේ තමාගේ කකුලක සිංහයකුගේ පච්චයක් ඇතැයිද එම සිංහයා අසලට තීරු දෙකක් නොමැතිවීම ගැනද රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට විරුද්දව නඩු දාන්න ඕනෑ සිංහයා කකුලේ පච්ච කොටලා සිංහයාට අපහාස කලාට (නදී)
අහල තිබෙන ප්‍රශ්නයම මදැයි ? මොන්ටිසෝරි දරුවෙක් පවා දන්නවා පච්චයක් කියන්නේ මොකක්ද, කොඩියක් කියන්නේ මොකක්ද කියා මොහුට නොතේරුනාට (නදී)
ඒකට ජාතික කොඩිය කියන්නේ කවුද. ඒ රෙද්දක ඇන්ද සිංහ රූපයක්.(නදී)
රට විකෘති කරන අයට කොඩියත් කජ්ජක්ද? (නදී)
ඔලුවේ සයිස් එකට මොලේ නැහැ . (නදී)
මොකද යහපාලානේ මාධ්‍ය නියෝජිතයෝ පල කරන්නේ නැතිව අපේ ප්‍රතිචාර තියාගෙන අනුභව කරනවද? (නදී)
ඔන්න බලන්න මොලේ තරම. එහෙනම් ගිහින් කැලේ ඉන්න සිහයන්ගේ බෙල්ලෙත් රෙදි පටි දෙකක් දාන්න. දැන් නියමෙට ජාතික කොඩියට නිග්‍රහ කරනවා.මොලේ වැඩ කරන්නෙම රට ට හිතැතිව නෙමේ. තනිකරම දේශ පාලනය. ඉගෙන ගත්ත ඉස්කොලෙටත් අවනම්බුවක්. හැබැයි අපේ රටේ දේශපාලනයට නියමෙට ගැලපෙනවා. වැඩි හරියක් ඉන්නේ මෝඩ නළුවෝ, නුගත් හොරු, නිලියෝ, ගැණු පෙරේතයෝ, දුෂකයෝ මිනීමරුවෝ (බ)
මහලොකු දේශප්‍රේමියා සිංහයා ඉන්නේ කකුලේ. හරිනම් සිංහයාගේ පච්චේ කොටන්න ඕනේ පපුවේ හරි අතේ හරි. (බ)
"සාගර 2015-05-06 11:18:19 ජාතික කොඩියකින් පිළිබිඹු වන්නේ රටක ඒකීය බවයි. එතකොට සන්ධීය රටක්වන ඉන්දියාවේ ජාතික කොඩියෙන් පිළිබිඹු වෙන්නේ මොකක්ද? (බ)
ජාතික කොඩියෙයි පච්චෙයි වෙනස දන්නේ නැතිව වැරද්දක් කරලා පණ්ඩිත කතා කියනවා (බ)
කවුරුහරි බෙහෙතක් දුන්නොත් හොඳයි (බ)
මේ වගේ දේශපාලන පළිගැනීම් යුගයක් කිසිම ආණ්ඩුවක් යටතේ රටේ තිබුනේ නැහැ, රටේ සිද්දවෙන අපරාද එක්ක බලද්දී, රටේ ලොකුම අපරාධය තමය් තීරු දෙක නැතුව සිංහ කොඩිය ගෙනයාම. ඇත්තටම මේවගේ පොලිසියකටනේ මහජන අපේ බදු වලින් පඩි ගෙවන්නේ (බ)
තමාගේ පවුල රැකගන්න බැරි එක කොහොමද රටක් හදන්න යන්නේ. (බ)
සිංහයා කොටන්න ඕනේ පපුවේ , කකුලේ නෙමේ (බ)
සමහරක් දේශපාලනයට නුසුදුසුයි (නදී)
පාසල් යන වයසේ කොල්ලකුගේ වැඩ (නදී)
මොලේ කකුලේ නේද ? (නදී)
තීරු දෙක වෙනුවට ඇත්තේ මොකක්ද දන්නෙ නැහැ (නි)
මොලේ නැති කෙනෙක් වගේ (බ)
ජාතික කොඩිය සහ සිංහල කොඩිය කියන්නේ වෙනස් කොඩි දෙකකි. ඕනෑම කෙනෙකුට සිංහල කොඩිය භාවිතා කිරීමට අයිතියක් ඇත. මෙය තේරෙන්නේ නැත්තේ ගව පාලකයන්ට පමණි.(බ)
ජාතික කොඩියේ ඉන්න සිංහයා කොහොමද කකුලේ පච්ච කොටන්නේ. වහාම පරීක්ෂණයක් කර කකුල කපල දමන්න,(බ)
ජාතීන් අතර සංහිඳියාව ගැන කිසිම අවබෝධයක් නැති වෛරය තම ජීවත්වීම සඳහා පාවිච්චි කරන මේවගේ අය සින්දුවක් කියාගෙන තමන් දන්නා දෙයක් කරගෙන හිටියා නම් කොච්චර අගේද.(බ)
ජාතික කොඩි නොවන සිංහ කොඩි තිබේද (බ)
නරියෙකුගේ කකුලේ කොටලා තියෙන සිංහයෙකුගේ රූපයට රටේ ජාතික කොඩිය සමාන කරන මේ වගේ අයද දේශාභිමානය ගැන කතා කරන්නේ?(හේ)
අර පිල් විහිදාගෙන පස්ස එළියේ බව නොදැන වටේට කැරකෙන මොනරත් ඔහොම හිතනවලු. (හේ)
නුගත් මෝඩයන් (බ)
කාලෙකට ඉස්සර හොදට හිටිය පුද්ගලයෙක් තමයි. වසරක පමණ කාලයක සිට බොහෝ වෙනස් කම් වලට ලක්වුණ හැටි අප දැක්කා. වශී තෙලක්වත් ගෑවිලා ද දන්නේ නැහැ. (බ)
අනේ බටන්ගල, දැන් එතකොට පුරාණ සිංහ කොඩිය අතේ තියාන හිටියම තමයි අපේ රටේ ජාතින් අතර සංහිඳියාව නැති වෙන්නේ? නීතියෙන් වරදක් නොවෙන දෙයක් කළ කෙනෙකුට දේශපාලන පළි ගැනීමක් හැටියට එලව එලවා පළි ගන්නිද්දී එහි සැබෑව මාධ්‍යයට කීම වැරදිද? ඔහු ජීවත්වෙන්න ඕනැ විදිය තීරණය කරන්න ඔබ කවුද? (බ)
සමිරයියගේ කතාවට මට හිනා. හැබැයි අයියේ අායිත් කියන්න එපා මොකද මේ පාලකයන්ට ඕක ඇහුනොත් හෙම සෙල්ලම් නැහැ අන්තිමට ඕකත් කරලම තමයි නවතින්නේ! (බ)
කකුලේ තියෙන්නේ "දද" යක්ද නැත්නම් හන්වධුවක්ද දන්නේ නැහැ.හන්වධුවක්නම් ඉතුරුවුන කොටස් දෙකක් තියෙනවා .එකක් ලාඩම් ගැසීම (නදී).
මේ වගේ නූගත් ළිං මැඩියන්ට දේශාපාලන අනාගතයක් නෑ. කාටහරි කඩේ ගිහිල්ල තමන්ගේ නූගත්කම පෙන්නන එක තමයි කරන්නේ (බ)
රොෂාන් අයියාට වැරදිලා. දේශප්‍රියල බටන්ගලලට කියන්න ඕනේ උගත් මෝඩයන් කියලයි. කොහොමත් අපේ රටේ උගත් මෝඩයෝ වැඩියි. වාසනාවකට නුගත්තු හුඟ දෙනෙක් මෝඩයෝ නෙවෙයි. (බ)
විජයබාහු, ප්‍රකෘතිය විකෘතිය වෙලා විකෘතිය නීතිගත වෙච්චි රටේ සිංහ කොඩිය තහනම් වුණු හැටි කියලයි කියන්න ඕනේ (බ)
නිහතමානී වෙනවනම් තම හොද. ආධුනිකයෙක් ලෙස ලොකු ඉදිරි ගමනක් යන්න තියෙනවනේ? (ම)
මේ වගේ අඳබාල කතා කියන අය ගැන මොකට වද වෙනවද? (ම)
මදු මාදවට ජාතික කොඩිය හා කකුලේ ඇති පච්චය සිංහයා අතර වෙනස නොවැටහෙන බව තමා පෙන්නේ(ම)
දේශපාලනේ මොළේට ගහලා වැඩියි වාගේ (ම)
ජාතික කොඩියකින් පිළිබිඹු වන්නේ රටක ඒකීය බවයි.(ම)
මෙයත් මොනවදෝ ඉල්ලනවා වගේ....(බ)
හැදෙන පොරක් නෙමෙයි... ඕක තමයි ඉස්කොලෙනුත් අයින් කළේ (බ)
හොරුන්ට දඬුවම් කරන්නැ’යි ඉල්ල මින් උද්ඝෝෂණ ලෝකයේ ඕනෑ තරම් පවත්වා තිබේ. එහෙත් ලංකාවේ අප මේ දිනවල දකින්නේ දූෂණ චෝදනා ලබා ඇති පුද්ගලයන්ට පරීක්ෂණ කරන්නටවත් එපා කියන ආකාරයේ අරමුණින්ම පසුගාමී වූ, එනයින් ම නීති විරෝධී උද්ඝෝෂණ ය. එහෙත් ඒ සමඟම කිව යුත්තේ මහජනතාව විරෝධතා මර්දනය කිරීම සඳහා රාජපක්ෂ යුගයේ වර්ධනය කරන ලද ඒ නරක සම්ප්රදාය බූමරංගයක් සේ ඔවුන්ටම කැරකී තිබෙන බවත් ඔවුන්ගේම පැරණි තර්ක අනුව නම් මෙය නීතිවිරෝධී උද්ඝෝෂණයක් බවත් ය. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජ ව්යවස්ථාවේ පළමුවන පරිච්ෙඡ්දයේ 6 වන ව්යවස්ථාවෙන් නියම කර තිබෙන අතර දෙවන උපලේඛනයේ ලංකාවේ ජාතික කොඩියේ ආකෘතියක් පැහැදිලිවම දැක්වෙන්නේ ය. රාජපක්ෂවරුන්ගේ ජාතිවාදී අනුගාමිකයන් පාවිච්චි කළ ජාතික කොඩියෙන් වුවමනාවෙන්ම හලා දමා තිබෙන ඒ තීරු දෙකෙන් ප්රමාණයෙන් සුළු වූ සියලූම ශ්රී ලාංකිකයන් නියෝජනය කෙරෙන බව අප දන්නේ ශිෂ්යත්ව පන්තියේ සිටය. මධුමාධව අරවින්ද ගම්මන්පිලලා ඩලස්ලා මේවා නොදන්නා ශිෂ්යත්ව පන්තියේ නම් මඳක් ඒ ගැන විමසා බැලිය හැකිය. (කේ)
කතාවෙන්ම පේනවා තියන දැනුම. (කේ)
මෙයාල කිව්වොත් ඉතින් මෙහෙම කතාවක්ම තමයි.(බ)
ඉල්ලගෙන කනවා, (බ)
අර වේදිකා නාට්‍යයක් මේ දිනවල පෙන්නනවා "සිරිවර්ධන පවුල " කියලා .එක බලන්න. (අ)
මධු මාධව නෙමෙයි මෙයා මෝඩ මාධව .(ම)
ජාතික කොඩිය තුළ පවා මන් තීරු වෙන්කර නොයෙක් ජනවර්ග වලට දෙන මෙවන් කුඩා රටක් මෙලොව තුළ නොමැත (ම)
මෙවන් අය ගැන මොකුත් නොකියමි. (නි)
මධුමාධව හරි. (නි)
සිංහයො හොයන්න කලින් උත්තර දෙන්න ප්‍රශ්න කොච්චර තිබෙනවද? (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ (නි)
මේවද දැන් රටේ ප්‍රශ්න? (නි)
ඔන්න ඔහේ දාගන්න (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා? (නි)
මෙයත් හිතන් ඉන්නේ මෙයා මහ ලොකු මිනිහෙක් කියලයි.(නදී)