බණ්ඩාරගම ගෝනදුවේ උත්තරචේතියාරාමාධිපති මොරොන්තුඩුවේ සාරානන්ද හිමියෝ (78) අපවත් වුහ.සිව් දිගින් කොළඹට වැඩම කරන මහා සංඝරත්නයට ආගන්තුක සත්කාර සැලැසිමේ නමක් දිනා සිටි ඒ හිමියෝ කොළඹ මරදානේ පංචිකාවත්ත අභයසිංහාරාමයේ වැඩි කලක් වාසය කළහ.ඒ හිමියන්ගෙන් ගිලන්පස නොවැළදු හිමි නමක් මල්වතු පාර්ශවයේ නැති තරම්ය.
මල්වතු මහා විහාරයේ කර්මාචාර්යවරයෙකුද වු ඒ හිමියන්ගේ ආදාහන පුජෝත්සවය උත්තරචේතියාරාම විහාරස්ථ අදාහන මළුවේදී බ්‍රහස්පතින්දා (25) සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතු උපදින හැම භවයකදිම ඔබවහන්සේ උතුම් පැවිදි බව ලබත්වා! (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (නදී)
ගරුතර ලොකු ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
නිවන් සුව ලබත්වා! (නි)
කොළඹට පැමිණෙන හිමි වරුන්ට ගිලන්පස පුජා කර පවස නිවු ඔබ හිමිට නිවන් සුව අත් වේවා! (නදී)
දායක පින්වතුනි, මහා සේවයක් කල අපේ හාමුදුරුවන්ගේ දේහය මංකොල්ල කන්න දේශපා ලුවන් එ්වී. ,කළුතර දිසාපති ගේ නායකත්වය මත රාජ්‍ය ගෞරවය ඇතුව ආදාහනය සුදානම් කරමු. පව් කාරයන්ට, හොරුන්ට නායකත්වය නොදෙමු (නදී)
ඔබවහන්සේ ගැන ඇසීමත් මහත් සතුටක්. දවසින් දවස පැවිදි සහ ගිහි සිරිත්විරිත්, හොඳ නරක පරිහානියට යද්දී අතළොස්සක් මිනිස්කම රැකගෙන ජීවත්වීම පවා පුදුමයක්. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ වහන්සේගේ කරුණාබරිත දෙනෙත, දයාන්විත සිනහව ඇතුව කෙරෙන ආගන්තුක සත්කාරය අප මතකයේ සදාකල්හි රැඳෙනු ඇත. එයම ඔබ වහන්සේට පුෂ්පෝපහාරයක් වේවා! ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පාරමිතා විහාරයේ සංවේගයයි මේ. (නි)
ඔබවහන්සේ බුදුදහම වෙනුවෙන් කළ සේවය භක්තිමත්ව අගයමි. ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නි)
අපේ ගරු ලොකු හාමුදුරුවන් වහන්සේට නිවන් සුව ලැබේවා! මේ ගමන උන් වහන්සේ බැහැදකින්න තිබුනේ තව සති දෙකක් පමණි. එහෙත් ඊට පෙර උන් වහන්සේ අපවත් වීම මහත් සංවේගයට කාරණයකි. (ස)
ඔබ වහන්සේගේ පාද මුලයට මම හිස නමා නමස්කාර කරමි! (නදී)
අනේ! නිවන් සැප ලැබේවා! (නි)