කිසිදු පළාත් පාලන ආයතනයක් බලෙන් විසුරුවා නොහරින බවත් වසර හතරක කාලය අවසන් වූ පළාත් පාලන ආයතන ව්‍යවස්ථානුකූලව ඉබේ විසිරෙන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අලවතුගොඩ නගරයේ අකුරණ ප‍්‍රාදේශීය සභාව සඳහා රුපියල් කෝටි අටක වියදමින් ඉදි කළ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමට එක්වෙමින් කීවේය.
පළාත් පාලන ආයතන විසුරුවා හරින බවට අද ඇතැම් පිරිස් මතයක් ගෙන යන බවත් ඒවායේ කාලය බලෙන් දීර්ඝ කීරීම මගින් ජනතාවට තම නියෝජිතයින් ඡන්දයක් මගින් පත් කර ගැනීමට ඇති අයිතිය උල්ලංඝණය කිරීමක් වන බවද කී ජනපති වසර හයක කාලයක් ඇති පාර්ලිමේන්තුව යම් බලයක් භාවිතා කර තවත් වසරකින් හෝ දීර්ඝ කිරීම තෙතරම් සාධාරණදැයි ප‍්‍රශ්න කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පාවා දෙන්න නම් එපා , ලබා ගත් නිදහස නැතිකරන්න එපා . විදේශීය ආධාර හා විදේශීය හොද හිත ලබා ගන්න , විදේශ වලට ගැති වන්න එපා . බෙදුම වාදයට මොනම අයුරකින් හෝ හිස ඔසවන්න ඉඩ දෙන්න එපා . සිංහල , මුස්ලිම් , ද්‍රවිඩ මොනම තස්තවාදයට ඉඩ දෙන්න එපා . මුස්ලිම් , බෞද්ද , ක්‍රිස්තියානි මොනම විදිහේ වත් දැඩි මතධාරී ආගම් වාදීන්ට ඉඩ දෙන්න එපා .(කේ)
අර මාතලේ එක්කෙනාත් එතන ඉන්නවා. (කේ)