තම නිවසේ තිබූ අසභ්‍ය වීඩියෝ තැටියක් නැරඹූ අවුරුදු 12- 14 ත් අතර සිසුන් තිදෙනෙකු නව හැවිරිදි සිසුවකුව වැසිකිළියකදී අපයෝජනයට ලක් කිරීමෙන් පසුව එලෙස අපයෝජනයට ලක් වූ නව හැවිරිදි සිසුවා ඔහුගේ පාසලේ ඉගෙනුම ලබන තවත් නව හැවිරිදි සිසුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ආනන්ද මහතාගේ කතාව අනුමත කරමි.මෙමෙ අසභ්‍ය වීඩියෝ තැටි ගෙදර තබා ගත් දෙමව්පියන්ට දඬුවම් කළ යුතුයි.ළමයින් මේවා බලන අතර මොවුන්ගේ ගෙදර දෙමව්පියන්ගේ අසභ්‍ය හැසිරීම් දැක තිබේද දන්නේත් නැහැ.අපේ බල සේනාවත් හෙළ උරුමයත් මේ වෙනුවෙන් පියවරක් ගනීවිද ? (නි)
තියන්න වටිනවද මේ ළමයි? (නි)
අම්මා තාත්තත් හැම වැඩක්ම ප්‍රායෝගිකව අත්හදා කරන බවක් නම් පේනවා (නි)
ඔයා හරි ආනන්ද මහත්තයා. මමත් කියන්නේ ඔය ටිකම තමයි.(නදී)
දැන් කොහොමද හැමෝම උපකල්පනය කරන්නේ මේක කලේ සිංහල බෞද්ධ අය කියලා? බුදුන් වැඩියත් , පරංගි, නැත්නම් සුද්දෝ ගෙනත් ආගමක් දුන්නත්, එහෙමත් නැත්නම් වෙළදාමට ආපු මිනිස්සු අරන් ආපු ආගමක් වුනත් , මිනිස්සු කරන කියන දේවල් වලට ආගම් වලට ඇගිල්ල දික් කරලා වැඩක් තියෙනවද ? අනිත් එක ඇයි මේ හැමෝම බොදු බල සේනාවට, සිංහල රාවයට විතරක් ඇගිලි දික් කරන්නේ? බෙදාගන්න දගලන කොට මේක හැම කෙනාගෙම රට. ඒත් වරදිනකොට සිංහල, බෞද්ධ රට (නි)
මේ නුතන විද්‍යුත් මෙවලම් ඔක්කොම විසිකරලා පැරණි ගොවි සංස්කෘතිය නැවත එලඹේවා. කිසිම දෙයක් ආනයනය නොකර පුරන් කුඹුරු අස්වද්දලා කාලා ඇදලා සමගිව ජීවත් වෙන්න පුළුවන්. එතකොට අපේ පැවැත්ම මීට වඩා වැඩියි. ලෝකේ දියුණු වෙන්නේ තාක්ෂණික මෙවලම් පමණි. සදාචාරය , සංස්කෘතිය ආගම දහම ළමා කාලය මේ හැම දේම දැන් විනාස වෙලා. (නි)
සිංහ, ආනන්ද, හොද ප්‍රතිචාරයක් (නි)
මෙම ළමයින්ගේ දෙමාපියන් කරන දේවල් දෙක ඒවා ප්‍රයෝගිකව අත්හද බලන්න ගිය ළමයින් කිහිප දෙනෙක් . මෙම ළමයින්ගේ දෙමව් පියන්ට නඩු දෙමිය යුතුය (අ)
රන්ජනී ලන්ඩන් ඔබගේ දෙමව් පියන් ළමයින් 7 හෝ 8 හදන කලේ ළමයින් ගෙදරින් පිට කරන්න එති . අපි නොදන්නා රන්ජනී ලන්ඩන් . බොරු ෂෝ එපා ලංකාදීපයට රන්ජනී (අ)
දෙමාපියන් වග කිවයුතුයි. විශේෂයෙන් තාත්තා (නි)
මෙවැනි දෙයට වැඩිහිටියන් සම්පූර්ණයෙන් වග කියන්න ඕනෑ. දරුවන් කියන්නේ තමන් දකින අසන දේ සහ ලබන අත්දැකීමෙන් මානසික වර්ධනය ලබන අවදියක සිටින කොටසක්. දරුවන් කියන්නේ රටක අනාගතය. දරුවන්ට හරි පාර පෙන්වීමේ වගකීම වැඩිහිටි අපි හැමෝටම තිබිය යුතුයි. (නි)
කෝ අර සේනාව? පනින්න කියන්නකෝ මේ වගේ ගෙවල් වලට. (නි)
දෙමුපියන්ට නිසි දඩුවම් දිය උතුමි. නැතිමං පොඩි ලමි පරිවාස බාරයට ගෙන පාසල් යවන්න වෙනවා. අනේ මේ වැඩිහියන්ට චාරයක් නැති හැටි. (අ)
මේවට පාර හදපු අය නම් දැන් නැහැ. හැබැයි වැසි නැතුව පාත්වන ඒවායින් බේරගන්න කාන්දම් කූරු එයාලගේ වල වටේ සවිකරන්න වෙයි (නි)
දෙසපලකයෝ කාන්තාවන් 100 දුෂණය කරලා උත්සව පවත්වන රටේ අවුරුදු 10- 12 කොල්ලන් ගැන කවර කතාද? (නි)
බමුණුසිංහගෙන් බමුණු මතයක්. මනුස්සයෝ, මේ තාක්ෂණය හරහා ආව හැමදේම අවදානම්. හැබැයි ප්‍රවේශමෙන් කලොත් අවුලක් නැහැ. මෙතැන වෙලා තියෙන්නෙ මවුපියන්ගේ අතපසුවීමක්. ඒකට කාටවත් බැනලා වැඩක් නැහැ. අද ලෝකේ යන්නේ ඔයවිදියට තමා. (නි)
ලංකාව මේ... මං මේ රටේ.... හිගා නොකා හිග කකා අසමි මේ කතා ... (නි)
ළමයි ගැන දෙමව්පියෝ හොඳින් හොයල බලන්න ඕනෑ කාලයක් මේ (නි)
ආණ්ඩුවේ නව ආර්ථික ප්‍රතිපත්තියට ඕන ඔහොම සමාජයක් තමයි. හෙට අනිද්දට අපේ දරුවන්ට සංචාරකයන් ඉදිරියේ හැසිරෙන්න වෙන්නෙත් ඔහොම තමයි . ක්‍රම වෙනසකින් හැර වෙන විසදුමක් දැන් ඉතිරිව නැහැ.(නදී)
සිංහ,ඔයා නම් ෂෝක් කතා දන්නේ. ඇත්තම ඇත්ත. නමුත් එක්කම කියන්නකෝ (නි)
ක්‍රම වෙනසකින් හැර මේවට විසදුමක් නැහැ .(අ)
දැන් ඉන්නේ පොඩි එවුන් නෙමෙයි. ලොකු මිනිස්සු ඉන්නේ (නි)
ක්‍රම වෙනසකින් හැර මේවට විසදුමක් නැහැ .(අ)
ඇත්තම හේතුව පලවන්නේ නැද්ද ?(නදී)
බුදුන් වැඩිය මේ රුවන් පොලව මත යලි දිනකදී මා ඉපදේවා........ (නි)
ඉදිරියේදී මේවා තවත් වැඩිවේවි. මේවා නවත්වන්න කාටවත් බැරිද? මේ ලෝක විනාශ වන කාලයයි (නි)
කොහොමද ටිකිරි මොලේ...? (නි)
ළමයි කියන්නේ තමන් දකින අහන දේ පුළුවන් නම් ප්‍රායෝගිකවත් කරලා බලන්න උත්සාහ කරන කොටසක්. බෙහෙත් බෝතල්වල 'ළමයින්ගෙන් ඈත්ව තබන්න' කියලා ලියා තියෙන්නේ ඒකයි. පතරොම් දාපු තුවක්කු ගෙදර තිබිලා ළමයින්ට අහුවෙලා සෙල්ලම් කරන්න ගිහින් ළමයි වෙඩි වැදී මියගිය අවස්ථා මම අහලා තියෙනවා. අසභ්‍ය සී ඩී තැටිත් තුවක්කු වගේ භයානකයි. පේනවා නේ. (නි)
ඔය වයසේ දරුවෝ ඉන්න දෙමව්පියෝ ඔහොමත් දේවල් ගෙවල්වල තියෙනවද?හොදට ඇති. ඔය වයසට දරුවන්ට හොදට මොලේ තියෙනවා. දෙමව්පියෝ හැසිරෙන විදිහ ඉවෙන් මෙන් දැනෙනවා.අපේ කාලෙ අම්මො දරුවෝ 7-8 දෙනා කොහොම හැදුවද කියලා දන්නේ අපිට දරුවෝ ලැබෙනකොට. ඔය අම්මට,තාත්තට දඩුවම් කරන්න වටින්නේ.'සිංහ'කියන්නේ ඇත්ත. (නි)
අසභ්‍ය වීඩියෝ තැටි නිවසේ තබා ගත් වැඩිහිටියන් උසාවි ගෙන යා යුතුය. (නි)
ආනන්ද හරි. මෙවැනි වීඩියෝ පටි ගෙන ඒමෙන් සහ නිවසේ තබා ගැනීමෙන් නිවසේ අය කරලා තියෙන්නේ ලොකු වැරැද්දක් (නි)
මල් කැකුළුද මේ? (නි)
දැන් තියෙන්නේ කාබයිඩ් ගහල ඉදවපු පළතුරු ගැට. ඒවායේ ඇට පැලවෙන්නෙත් නෑ. ඒ වගේම වේලාසනින් කුරුවල් වෙන මේ කොල්ලන්ට පරපුර ගෙනියන්නත් බැරි වෙනවා. බොහෝ වෙලාවට මේ අය සමාජ රෝග හදාගෙන වඳ බවට පත් වෙනවා.(නදී)
ආනන්දගේ යෝජනාවට මමත් එකඟ වෙනවා. ලොකු අය වඩාත් පරිස්සම් වෙන්න ඕනෑ කුඩා මනසට විසබීජ දාන හරි වැටෙන්න හරි ඉඩ අහුරලා. ලොකු අය මේවට අනුබල දුන්න හා සමානයි. වගකීමෙන් බැහැර වෙන්න බැහැ. අනිත් අයටත් පාඩමක් වෙන්න මේ අයට බෙහෙත් දෙන්න. (නි)
අම්මලා තාත්තලා මේවා ගැන දැනගන්න එපැයි (නි)
පාසල් වල මේ වගේ දේවල් ඕනෑම කාලෙක ඕනෑ තරම් සිද්ධ වෙනවා. වෙනසකට තියෙන්නේ අද මේවා පත්තර වල පලවන එකයි. ඔය වයසට හැගීම් ඇවිස්සිම හා අත්හදා බැලීම් කරන්න යාම සිදුවෙනවා. ඕනෑවට වැඩිය දරුණු දඬුවම් අනවශ්‍යයි. (නි)