
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ඇයගේ හත් හැවිරිදි දියණිය සහ දෙහැවිරිදි පිරිමි දරුවා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා හොර රහසේ ප්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයි කුරුණෑගල කුඹුක්ගැටේ පොලිසිය පවසයි.
මව නිවෙසේ අතහැර දමා ගිය බාල වයස්කාර දරු දෙදෙනා එම දරුවන්ගේ ආරක්ෂාව සඳහා තමන් භාරයට ගත් බව පොලිසිය පැවැසීය.
බාල වයස්කාර දරු දෙදෙනා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා කෲරත්වයට පත් කර කිසිවකුටත් නොකියා අනියම් සැමියා සමග පලා ගිය බව කියන මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කියයි.
මෙම කාන්තාවගේ සැමියා මීට මාස පහකට පමණ පෙර දී මැද පෙරදිග රටක රැකියාවක් සඳහා ගොස් සිටින බවත් බිරිඳ දරු දෙදෙනා සමග නිවෙසේ ජීවත් වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
එම නිවෙස අසල පදිංචි මෙම කාන්තාවගේ ඥාතියකු දරු දෙදෙනා නිවෙස තුළ පෙරේදා (28) සවස හඬමින් සිටින අයුරු දැක දරුවන්ගෙන් තොරතුරු විමසා දරු දෙදෙනාද කැටිව කුඹුක්ගැටේ පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇත.
දරු දෙදෙනා කුසගින්නේ සිට ඇති බවත් කියති.
බාලවයස්කාර දරු දෙදෙනාගේ මව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයා ද අසල්වාසියකු බව පොලිසිය පැවැසීය.
මොවුන් දෙදෙනා සිටින ස්ථානයක් ගැන තවම තොරතුරු ලැබී නැතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිතිගොල්ලෑව අංක දෙක. මේ පවුලටත් පිහිට ඉල්ලීම පටන්ගන්නවා. මේ දරුවන් දෙමාපියන්ට ඕන වෙලා හදාගෙන නොවේ නේද? සමාජ මාධ්‍ය මේවා අනුකම්පාව ඉල්ලලා ප්‍රචාරය නවත්තන්න ඕන.
මෙන්න මේ වගේ අම්මලාත් සිටින නිසා තමයි අපි කැබිගොල්ලෑවේ මවට ආධාර උපකාර කරන්න ඕනැ
කාමය අවුස්සා ගත්තම එලෝ මෙලෝ නෑ. වැඩේ ඉවර වුණාම තමයි ඇස් අරෙන්නෙ. එතකොට පෙරහර සෑහෙන්න දුර ගිහින්.
මේ වගේ ගැහැණු සහ පිරිමි තියන්න වටින්නේ නැහැ.
කාමය කියන්නේ මාරයෙක්. මනුස්සකම එහෙන් පිටින්ම නැතිකරන්න මේ කාමයට පුළුවන්. මිනී මරන්න, තමන් බිහිකළ නොදරුවන් දාල යන්න තරම් මේ අම්මා කොච්චර කාමයෙන් මත් වෙන්න ඇද්ද. ඔය කම්සැප ලබන්න ගිහින් කොච්චර ප්‍රශ්න ඇතිකරගන්නව ද. අන්තිමට ලබපු සැපේ ඒ මොහොතට විතරයි. ඉතුරු වෙන්නේ ප්‍රශ්න ගොඩකුයි, දුක් කන්දරාවකුයි විතරයි. මේ අම්මාට සැමියා, දරුවන්, ඥාතීන් නැතිවෙනවා. අනියම් සැමියා ටික දවසකින් දාල යයි. කාමය, රාගය කියන්නේ රාත්‍රී දැකපු හීනයක් වාගේ කියන්නේ නිකං නෙමෙයි. ඇති දෙයක් නෑ. අසරණ දරුවන්ට යහපතක් වේවා.
මේ දරුවන් දෙමාපියන්ට ඕන වෙලා හදාගත්තද, නැද්ද කියන්න දන්නෙ නෑ. හැබැයි පියා රට ගියේ දරුපවුල ජීවත් කරවන්න කියල පැහැදිලියි. සොමියට ගහලා, කරුමෙට හිටපු එවුන් ඉන්නෙ දියවන්නාවේ මිසක්, කැබිතිගොල්ලෑවේවත්, රටේ වෙන කොහෙවත් නොවෙයි.
මේ අය හොයලා නිසි දඬුවම් දෙන්න ඕනි