රත්නපුර රත්ගඟ පුංචි දඹදිව නිර්මාතෘ රත්ගඟ අසූමහා ශ්‍රාවක පස්විසි බුදුරජ මහා විහාරාධිපති අමරපුර චූලගන්ධි නිකායේ සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක ගිලිමලේ චන්දාලෝක නාහිමියෝ අපවත් වී වදාළහ.
හෘදයාබාධයකට ප්‍රතිකාර ගැනීමට රත්නපුර රෝහලේ බාහිර රෝගී අංශයට අතුළත් වීමෙන් පසුව ඒ හිමියෝ අපවත්වූ බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.
ආදාහන පූජෝත්සවය ගැන රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ මූලිකත්වයෙන් පැවත්වෙන රැස්වීමෙන් පසු තීරණය කරන බවත් කියති.
උන්වහන්සේගේ දේහය අද (12) පෙරහරකින් රත්ගඟ අසූමහා ශ්‍රාවක පස්විසි බුදුරජ මහා විහාරයට වැඩම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! ඔබ වහන්සේ රත්නපුරයට මිණි පහනක්... (නි)
අපවත් වී වදාල පුංචි දඹදිව විහාරාධි පති නායක ස්වාමීන් වහන්සේට අමාමහ නිවන්සුව ප්‍රර්ථනා කරමු.(හේ)
නිර්වාන සුව පතමි.(හේ)