පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර නිශ්චිත වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කොළඹ දී අද (15) පැවසීය.
මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටුව ඔවුන්ගේ වාර්තාව තමාට ඉදිරිපත් කරන දිනට පසු දිනම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කරන බව ද අමාත්‍යවරයා කීය.
මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව මෙම මස 28 වැනිදාට පෙර තමාට ඉදිරිපත් කරන බව එම කමිටුව දන්වා ඇතැයි ද කී ඔහු ලබන 28 වැනිදාට පෙර කමිටු වාර්තාව තමාට ඉදිරිපත් නොකළහොත් එම කමිටුව සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට කටයුතු කරන බව ද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා එසේ කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක හොඳයි (ර)
2018 ද නැත්නම් 2020 ද ? (ර)
2020 ද නැත්නම් 2040 ද ? (ර)
මුස්තාපා බොරු කියන්නේ (බ)
මුස්තපා තව ඉක්මන් කරන්න (බ)
එන්නකෝ අපි ලැස්ති (හේ)
මැතිවරණයක් තිබ්බත් හොරුන්ටමනේ ඡන්දය දෙන්න වෙන්නේ.(හේ)
පළාත් පාලන ඡන්දේ විතරක් නෙවෙයි, මේ යන විදියට ඉස්සරහට එන්න තියන පාර්ලිමේන්තු ඡන්දෙ, ජනධිපතිවරණේ පවා 2025-2030 වෙනකන් කල් දම ගනී (හේ)
කෝ අර ඉස්සර මිනිස්සුන්ගේ ඔලුවටම වෙඩි තියන්න පවා උපදෙස් දීපු මැතිවරණ කොමසාරිස්, මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය අමු අමුවේ උල්ලංගනය කරලා තියෙද්දිත් මික් සද්දයක් නැත්තේ? පේනවද කවුද රැවට්ටුවේ, කවුද රැවටුනේ කියල? නියම වෙනස. (බ)
මේ හදන්නේ මේ කමිටුව විසිරුවල අලුත් කමිටුවක් පත් කරලා තව අවුරුදු කීපයක් ඡන්ද කල් දාගන්න අලුත් සෙල්ලමකට! මැතිවරණ කොමසාරිසුත් එකගොඩේ නිසා අවුලකුත් නැහැනේ, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර පදේට නටන රුකඩ ආණ්ඩුවක් නිසා අන්තර්ජාතිකෙන් ප්‍රශ්නෙකුත් නැහැනේ. කලින් ආණ්ඩුවෙන් මෙහෙම ඡන්ද කල් දැම්මනම් මේ වෙනකොට ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ සන්විධානේ, යුරෝපේ හොඳ හොඳ නැටුම් නටල! (බ)
මෙතැනදී මැතිවරණ කොමසාරිස්තුමාට බැනීම සම්පුර්ණයෙන්ම වැරදියි. මැතිවරණය තවත් කල්යනවා නම් කළයුතු හොඳම දෙය තම 2012 ට පෙර පැවති ආකාරයට ඡන්දය තිබීම. කොහොමටත් අලුත් ව්‍යවස්ථාවෙන් නව ඡන්ද ක්‍රමයක් එන එකේ පළාත් පාලන ඡන්දයට වෙනම ඡන්ද ක්‍රමයක් වෙනුවෙන් කාලය යෙදවීම නිෂ්ඵල දෙයක් (නි)