(මොනරාගල කේෂර ගුණතිලක)
පළාත් පාලන ඡන්දය පවත්වනනේ නැතිනම් ආණඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා බදුල්ල මැදගම නන්නපුරාවේදී අද (2) පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් හෙට (3) පැවැත්වෙන සාකච්ඡාවේදී, ඒකාබද්ධයේ සියලුම මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන අනුකමිටුවලින් ඉල්ලා අස්වීමට තීරණයක් ගන්නා බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී රජය පරාජයට පත් කරමින් ඒකාබද්ධ විපක්ෂය විශිෂ්ට ජයක් ලබන බව දන්නා නිසා විවිධ හේතු ඉදිරිපත් කරමින් රජය පළාත් පාලන මැතිවරණය දිනෙන් දිනම කල් දමන බවත් මෙම රජයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනවරමක් නැති බවත් කීවේය.
පෙඩරල් ව්‍යවස්ථාවක් සම්පත කර රට බෙදාවෙන් කිරීමට ක්‍රියාකරන බව ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු රටේ ජනතාවගේ එකඟතාවයක් ඊට නොලැබෙන බව ද ඔහු පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් මුළු රටම විනාශ කරල නැවතත් බලයටම කෑදරකමින් රටතුල නොයෙකුත් විනාශකාරී වැඩ කරන එ්කාබද්ධ මංමුලාවූවන්ගේ සහය කිසිවකට අවශ්‍ය නොවේ.
ඡන්දෙන් පැරදිලා මහින්ද මහත්තයා යැවුවට පස්සේ මොන කාරණයකටද සහයෝගයක් නැත්නම් සපෝර්ට් එකක් දුන්නේ. රටට කරපු දේවල් දැනටමත් අමතක වෙලා. රටට ඔරොත්තු නොදෙන පොලී අනුපාත අනුව ණය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ආදිය මගින් විශාල ධනස්කන්ධයක ණයක් පියවන්න සිදුවුණා.
පරිසර වේදින්ගේත්, ඉංජිනේරුවන්ගේත් උපදෙස් මායිම් නොකර සෑදූ උමාඔය ව්‍යාපෘතිය අනාගත ජාතික ව්‍යසනයක් වෙන එක ගැන තවමත් වචනයක් හෝ කතාකර නැත්තේ ඇයි? වර්ජන, පෙළපාලි මගින් යලිත් බලය ගන්නද තැත් කරන්නේ?
කොහොමත් මේ මහත්වරු නම් සහාය දෙන්නේ නෑනේ...
මහින්ද මහත්තයාට නියම මොලයක් තියෙන්නේ .... හැබැයි බලයේ ඉන්නකොට වෙන එකක්.. දැන් වෙන එකක්.
මේ ඒකාබද්ධය එකතුකරන්න අවශ්‍යම නැහැ. ඒ අයව ගාවගන්නත් ඔනේ නැහැ.
පළාත් පාලන ඡන්දය පැත්තකට දාමු. ඊට පෙර යෝජිත හානිදායී ව්‍යවස්ථාවට එරෙහිව රටේ ජනමතයක් ගොඩනඟමු. රටට හිතකර සංශෝධනවලට විතරක් ඉඩ දෙමු. ඔබතුමන්ලා ඉදිරියේ තිබෙන ප්‍රධාන ජාතික යුතුකමත් ඒක තමයි.
අපිට ඡන්ද නම් තව අවුරුදු 3කට එපා. සියළු ඡන්ද එකවිට තබමු. අලුත් මන්ත්‍රීවරුන් පත්වෙනවා කියන්නේ අපේ සල්ලි තවත් වියදම් වෙන එකයි.
මහින්ද මහත්තයා තාම දේශපාලනය අතහැරලා නෑනේද? රෑට නින්ද යන්නෙත් නැතුව ඇති....