ඉදිරි පළාත් පාලන මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රණය කළ යුතු බව මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයෝ අද (20) බුත්තල දී පැවසූහ. එම රැස්වීමට හිටපු පළාත් නියෝජිතයෝ 65 දෙනෙක් සහභාගි සිටියහ. ඔවුන් පැවැසුවේ එසේ නොවන්නේ නම් තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ඊට විකල්පයක් ගන්නා බවයි. බුත්තල සිරිසඳ හෝටලයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් සභාපතිවරු දස දෙනකු සහභාගී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ශ්‍රීලනිප හැරයන්නේ නැහැ. මෛත්‍රී ශ්‍රීලනිප සභාපති. මේ දෙන්නම එකම පක්ෂයේ. රටේ විධායක ජනාධිපති ශ්‍රීලනිප සමාජිකයෙකු නම් ඔහු නිතරඟයෙන්ම ශ්‍රීලනිප නායක වන බවට ව්‍යවස්ථාව වෙනස් කළේ මහින්ද. තත්වය මෙසේ තිබියදී අපි කලබල වියයුතු නැහැ (නි)
තිලක් ඩුබායි, ඔයා කියන්නේ මොන නිදහසද? (නි)
තිලක් ඩුබායි, දැන්මම ඇඟේ මවිල් කෙළින් වෙනවද? එසේනම් ඉදිරියේදී උණ ගැනිලම නවතීවි (නි)
තිලක් ඩුබායිට ප්‍රභාකරන්ගෙන් රට බේරාගන්න තීරණය කිරීම මතක් වුණාම වෙන්න ඇති ඇඟේ මවිල් කෙළින් වෙන්නේ. (නි)
හැබැයි ලොකු කට්ටිය කළා වගේ පොඩි කට්ටියත් මහින්දගේ පිටින් ගිහින් ඡන්දෙ දිනලා මෛත්‍රී මහතාගෙන් පට්ටම් ගන්නද දන්නේ නැහැ බලා ඉන්නේ. (නි)
රාජා, ඔයා හරි කියලා මටත් හිතෙනවා (නි)
සුදු වැන් එක ඇවිත් ගේ ඉස්සරහ නතර කරලා තියෙනකොට,උද්ගොෂණ වලදී ඔලුවේ පදාසයක් යන්න වෙඩි තියල පිළිතුරු දෙනකොට,පට පට ගාල අසරණ මිනිසුන්ව සමුල ඝාතනය කරනකොට,රටේම නිදන් ටික දැඩි ආරක්ෂාව මැද්දේ ගොඩ ගන්නකොට,බදු පිට බදු ගහල අසරණ අම්මලට දරුවන් සමග ගගට මුහුදට පැනල මැරෙන්න සිද්ද වෙනකොට.. ඒ යුගය ගැන තව පොතක් ලියන්න කරුණු තිබෙනවා.(බ)
සුමනදාස මහතාගෙන් හරි, චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගෙන් හරි අහල බැලුවද මේ දෙන්නගේ කේන්ද්‍රය ගැන? ඊට පස්සේ යෝජනාව ගෙනෙන්න, එතකොට බලමු. ස්තුතිය්. (බ)
ඔය පැත්තේ එක්කෙනෙක් තමයි අප්පච්චි මැරිලා ඉවරයි කියලා යහපාලනෙන් ඇමතිකමක් ගත්තේ. ඒ නිසා මහින්ද බොහොම පරිස්සම්වෙන්න ඕන.(බ)
මහින්ද සමග නැගිටිමු (බ)
අද ශ්‍රී ල.නි.ප. නායකත්වයේ ක්‍රියා කලාපය හේතුවෙන් විකල්ප බලවේගයක් ගොඩනැගෙන බව නම් ඒකාන්තයි. හිටපු ජනාධිපති තුමා එහි නායකත්වයට පත් කර ගැනීම ජනතා අපේක්ෂාවයි. (බ)
ඔය තිලක් ඩුබායි කියන මනුස්සය කිසිම, අධ්‍යාපනයක් නැති කෙනෙක්. ඩුබායි වල කරන්නේ ක්ලීනින්ග් ජොබ් එකක්. මෙයා 2010 දී පොන්සේකාට වැඩ කරලා මෙහෙන් පැනපු කෙනෙක්. මේ පාටක තීරුව පාවිච්චි කරලා එයාගේ වෛරය පතුරවනවා. (බ)
මහින්ද කියන්නේ හොද අන් රටවල් වලට කොන්ද නමන්නැති රට ආගම රකින දුටු ගැමුණු වගේ සිංහල නායකයෙක් (බ)
මෛත්‍රීට දිවවල් දෙකයි. විශ්වාස කරන්න එපා. (බ)
පක්ෂ නායකත්වය මහින්දට දිය යුතුයි (බ)
සිරිසේන මහතාට කළ යුතු හොඳම දෙය ඡන්දෙ කරන්න විතරක් නෙමෙයි ශ්‍රී ලංකා එකේ නායකත්වය මහින්දට බාර දීල පැත්තකට වෙලා බලා ඉන්න. එතකොට අනිවාර්යයෙන්ම පළාත් පාලන ඡන්ද ශ්‍රී ලංකා එක දිනනවා. (අ)
ඇයි අගමැතිතුමාවත් එකතු කර ගන්නකෝ. ජවිපෙ හැර අනිත් ඔක්කොමලා එක ගමනක් යන උදවියනේ (අ)
ඔබ කියන දෙය හරි නමුත් එතනෝල්, කුඩු සහ බැසිල් ගෙන් ඔහු බේරගන්න බැරි නිසා ලක්ෂ 7 ජනතාව ඡන්දය නොදෙනු ඇත. මේ ලක්ෂ 7 පසුගිය ඡන්දයේදී ශ්‍රීලනිපයට ඡන්දය දුන්නේ නැහැ පාරම් පාරික ශ්‍රීලංකා කාරයෝ (අ)
මහින්ද මාහතාත් අලුත් පක්ෂයක් හදා ගත යුතුයි එතකොට නියම ජන මහත්ය බලගත්ත හැකියි (අ)
මොන බොරු කතාවක්ද මෛත්‍රීට මහින්ද නැතුව හොදට දිනන පුළුවන් මේක අර අනාථයන්ගේ සහ කඩේ යන්නන්ගේ හින්මන්යක් පමණි. (අ)
නායකත්වය මහින්දට දීලා පැත්තකට වෙන්න පක්ෂේ දිනවන්න ඕනේ නම්.(හේ)
මහින්ද මහතාට නායක පදවිය දියයුතුයි. ජයවේවා....!! (හේ)
නැව් පිටින් බෝම්බ සහ අවි ලංකාවට ගෙන්වපු අයට යන්න එන්නම හෙලිකොප්ටර් දීලා සැප දුන් යුගයකුත් තිබුනා. අරන්තලාවේ සංඝයා වහන්සේලා 33 දෙනෙක් කපලා කොටලා මරපු ත්‍රස්ත නායකයන්ට ඇමතිකම්, සභාපතිකම් දුන් යුගයකුත් තිබුනා. මුදල් වලට තිබෙන කෑදරකමට ඕනෑම ත්‍රස්ත නායකයෙකුට සැප දීමේ ඒ යුගය අපි ජනවාරි 9 වෙනිදා වෙනස් කළා. (නි)
මේ වගේ ප්‍රවෘති අහද්දිත් පුදුම බියකින් මගේ අගේ මවියි කෙලින් වෙනවා .අවම ජිවිත පරිත්‍යාගයකින් රටට රටේ ජනතාවට ලැබුන නිදහස බුක්ති විදින්න සැප නැහැ. (අ)
මේ ඩුබායි තිලක් කියලා ලියන තැනැත්තා ඩුබායි ඉන්න කෙනෙක් නම් ලංකාව ගැන මොනවාද කියවන්නේ. ඇවිල්ලා බලලා කට කියවන්න. දැන් බය නැතුව පාරේ යන්න පුළුවන්. ඉස්සර වගේ බෝම්බ පත්තුවෙන්නේ නැහැ. (ර)
ඩුබායි තිලක් මල්ලේ පොල් නැතුව තියන ප්‍රශ්නයට සුදුසු විසඳුමක් දෙන්න. ඔයානේ දැන් ලංකාවේ මෙච්චර කල් වුනු හැමදෙයම දන්නේ. (ර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෛරි දේශපාලනයකට යොමුකළේ බටකොළ ආච්ච්යි (අ)
මෛත්‍රීපාල කොහොමත් කිව්වේ එය නිර්පාක්ෂිකයි කියලනේ..ඒ නිසා මහින්ද ශ්‍රී ල නි පයේ නායකයා විය යුතුයි. (අ)
එකට වැඩකරන්න නම් සාමුහික හැගීමක් තියෙන්න ඕනි. එහෙම තියෙනවද. (අ)
පරාද උණු කෙනෙක්ට මොන නායකත්වයද අනේ. (අ)
තිලක් ඩුබායි , බෝම්බ පුපුරන, මායිම් ගම්මාන වල අහිංසක මිනිස්සු කපා කොට මරපු යුගයකුත් ලංකාවේ තිබුනා, මම හිතන්නේ ඔය ඒ යුගේ ගැන දන්නේ නැත්තේ ඩුබායි හිටපු නිසා වෙන්න ඇති, (ර)
අපිට ඕනේ මහින්ද විතරයි (අ)
නුවන්. මොකද මරණ සහතිකයට රුපියල් 10,000 කර ගන්න ඕනේ වෙලාද? (ර)
මෛත්‍රී මහින්ද එකමුතුවෙන් කිසිම පලක් නැහැ ..මෛත්‍රී ඉදිරියට දාගත්තොත් පරාජය ස්ථිරයි ..මෛත්‍රී නටන්නේ චන්ද්‍රිකා,රනිල්ගේ පදයට.මහින්දව නායකත්වයට ගෙනාවොත් ජය සිකුරුයි ! (අ)
මහින්ද මාහතා අලුත් පකෂයයකින් නව ජවයකිනේ එන්නේ .(අ)
මහින්ද මහත්තයගෙන් අපි ඉල්ලන්නේ රැ වැටුනු වලේ දවල් වැටෙන්න එපා. අපේ ජන්දයේ අර්ථය නැති කරන්න එපා (අ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෛරි දේශපාලනයකට යොමුකළේ බටකොළ ආච්ච්යි. නිහාල් හරි, ඇත්තම තමයි. සිරිසේන මහතා කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශකරන්න ක්‍රියාකළ බැසිල්ගෙන් රට බේරා ගත්ත එක පමණයි. මහින්ද රාජපක්ෂ මහතා බැසිල්ව ආපහු ගත්තොත් වන්නේ ඔහුටම වස කටට දමා ගන්නයි. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශෙයෙන් කල යුත්තේ බැසිල්ව පක්ෂයට ඇතිල් කර ගැනීම මා හඩක් නැගීමයි. එතකොට පක්ෂය ශක්තිමත් වේවි. ඒ වගේමසිරිසේන මහතා පක්ෂයේ නායකත්වය මහින්දට භාර දියයුතු වෙනවා ඉදිරි ජන්ද වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර වීමට නම්. (අ)
මොකද ජවිපේ හැර කියන්නේ. ජවිපේ තමයිඅගමැති සහ මෛත්‍රිඑක්ක පළමුව එකතු වුණේ. (අ)
පැරදුන අයට මොන නායකත්වද කියල අහන අයට කියන්න තියෙන්නේ එහෙනම් රනිල් කොහොමද 29 වතාවක් නායකත්වයේ හිටියේ කියල..(අ)
එතකොට අපේ රනිල් මහත්තයා? (නි)
මගේ අම්මෝ! මෙන්න වැන්ඳා. ආයෙත් නම් අහවල්ලු නැතුවට කමක් නැහැ. මේ යන විදිය හොඳටම හොඳයි (නි)
රනිල් හොරකම් කලා කියල කොහෙද තියෙන්නේ? (අ)
රනිල් 29 වතාවක් පැරදුනත් විව්‍යසථාවෙන් බාදාවක් නැහැ රනිල්ට ඉල්ලන්න , මහින්ද විව්‍යාස්ථාවට පිටින් ගිහින් ලංකා වාර්තාවකුත් තියල පල වෙනිවතාවට බලයේ ඉඳල පැරදුන ජනපති හැටියටයි ගෙදර ගියේ එතනයි වෙනස, (අ)
තිලක්-ඩුබායි, සැපයක් මැයි දිය කෙලියේ. තව ටික දවසකින් තේරේවි ජනතාව ඉල්ලන්නේ කවුද කියලා. (ර)
කවදත් අපි මහින්දට (අ)
අද තියෙන්නේ ජේවිපි , යුඑන්පි හවුල් ආණ්ඩුවක්. .සමහරුන්ට එක තේරෙන්නේ නැහැ. (අ)
අනේ බයවෙන්න එපා .ඔය දෙන්නම නාවත් මොනරාගල දිනන්නේ ඔයගොල්ලෝ තමයි. මොනරාගල මෝඩයෝ වෙන විකල්ප හොයන්නේ නැහැ .ශෂින්ද්‍ර හරියට වැඩ කරලා තියනවනේ (අ)
රනිල් හිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට මිස රටේ නායකයා විදිහට නෙමෙයිනේ. (නි)
පුදුමේ කියන්නේ මහින්ද මහත්තයාට කවදාවත් නිදහසක් නැහැ. ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න තියෙනවනේ. (නි)
අපෝ! අපි නිදහස් පක්ෂයට නැවත ඡන්දෙ දෙන්නේ නැහැ. මහින්ද සමඟ එකතු වුණත් එකයි, නැතත් එකයි. (නි)
නායකයෝ කියලා මිනිස්සු හිතාගෙන ඉන්න කට්ටිය මහන්සි වෙන්නේ ඔවුන්ගේ බලය සහ නිලයන් රැකගැනීමට පමණයි. මේක නොදන්නා අපේ ජනතාව දේශපාලන පක්ෂ බදාගෙන තවමත් තප්පුලනවා. මේ රට දිනෙන් දින අගාධයට යන්නේ ජනතාවගේ මෝඩ ක්‍රියාකලාපය නිසාය. (නි)
මහා පරිමාණ වංචා වලට හිරේ දාන්නේ නැතුව මොනවා කරනවද මන්දා... (නි)
එහෙම වුණත් නරක නැහැ (නි)
අපිට නම් ඔය එක් කෙනෙක්වත් ඕනෑ නැහැ. අපිට ඕනෑ රට ගැන හිතලා වැඩකරන, හොරකම් නැති අවංක මිනිස්සු විතරයි. (නි)
පුංචි ඡන්දෙට මෛත්‍රී - මහින්ද එකතුවක් හදාගත්තොත් කුමකින් කුමක් සිදුවේදැයි අපිට හිතාගන්න පුළුවන් (නි)
තුන්වෙනි පාර ඉල්ලන්න ගිහිල්ලා ඉල්ලගෙන කෑවා. ආයෙත් මන්ත්‍රීකමකට ඉල්ලුවා. ඒ පාරත් පක්ෂය පරාදයි. ජනතාව ආයේ දෙන්නේ නැහැ. අපි නොදන්නා කට්ටියනේ! (නි)
රූපසිංහ හරි. (නි)