පුංචි ඡන්දයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රණය කළ යුතු බව මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයෝ අද (20) මහනුවරදී පැවසූහ.
බහුතර ජනතාවගේ කැමැත්ත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඩයස් පෝරාවටත් අවශ්‍ය වි ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිම බවත් ඔවුහු එහිදී කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත කලින් කළදේම කරන්නද කල්පනාව? (නි)
විහිළු කරනවද? දෙන්නම ඉන්න බැහැ ඒකට (නි)
මහින්ද නැතුව කට්ටියට මෙලෝදෙයක් කරගන්න බැහැනේ. අපි බලාගෙන ඉන්නේ. දෙන්නම් හරි තැනට හරි වෙලාවට (නි)
පුද්ගලයෝ වටා නොව ජනතාවට වගකියන පක්ෂ ගොඩනැගිය යුතුයි (නි)
යූඇන්පී එක සමග එකතුවී සන්ධානය විනාශ කර නැවත ගොඩගන්න කථා කිරීම විහිළුවක්. වමේ පෙරමුණ ඔවුන්ගේ තිබුණු බොහෝ ආසන නැති වුණා නිදහස් පක්ෂය සමග එකතු වූ නිසා. නිදහස් පක්ෂයට තනියම දිනන්න කවදාවත් බෑ (බ)
කලින් මහා ඡන්දෙදි වගේ රැවටෙන්නද හදන්නේ? පරාද වුණත් කමක් නැහැ, වෙනම ඉල්ලන්න. (නි)
යා දෙක නොරත රත! (නි)
මේ මනස්ගාත ජනතාවට දැන් එපාවෙලා. (නි)
මහත්තයෝ, ඔය කියන කට්ටියට කවදාහරි මහින්ද නැති දවසකට මොකද වෙන්නේ? (නි)
ඔය ප්‍රෝඩාවට අහුවෙන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙලා ඉවරයි. එය සිදුකළේ පක්ෂය කඩාගෙන ගොස් විරුද්ධ පාර්ශව සමග මැතිවරන ව්‍යාපාර කළ අයත් මහ මැතිවරණයේ දී පක්ෂය පරාජය කිරීමට කළ හැකි සියලු දේ කළ අයත් සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් පාක්ෂිකයන්ගේ මතයට පිටුපා හවුල් ආණ්ඩු හැදීමට එක්වූ අයත් ය. වත්මන් නායකත්වය යටතේ මහින්ද මහත්තයා ශ්‍රී.ල.නි.ප.යෙන් ඡන්දෙ ඉල්ලුවත් පරාජය ඒකාන්තයි. (බ)
නියම ශ්‍රිලනිපයක් අද නැහැ. ශ්‍රීලනිප නාමයෙන් තිබෙන පක්ෂය හෝ විනාශ කරන්නේ එහි අරක්ගෙන සිටින බල පෙරේතයන්. (බ)
යූඇන්පී එක සමග ගිවිසුම් ගහලා මහින්ද පරදවලා නැවත සන්ධාන ගොඩනගන්න කථා කිරීම මොන විහිළුවක්ද (බ)
එකට කෑවත් බොක්ක වෙනස් අය මෙකොටද
අනේ මහින්ද ඕනේ ඡන්ද දිනන්න විතරයි (බ)
නිදහස් පක්ෂ ලොක්කන්ට මහින්ද ඕනේ වෙන්නේ ඡන්දෙ වෙලාවට විතරයි,ඕක දැන් පොඩි ළමයෙකුත් දන්නවා,අපි නියම වෙලාවට නියම උත්තරය දෙන්නම්. (බ)
අප්පචි කොතනද අපි එතන.(අ)
තවත් වතාවක් තනතුරු දරපු අය නිවී සැනසිල්ලේ ගදරට වී ඉන්න ගමන් ඊළඟ සුදුස්සට තැන දෙන්න තරම් අප රටේ මිනිසුන්ගේ සිත් සතන් දියුණු වී නොමැත (බ)
අපෝ රාජපක්ෂ පවුල නම් ගාවාගන්න එපා (නි)
(දේන්නම කොහොමද වේදිකාවට නගින්නේ (අ)
මහින්ද එක්ක ඉඳලද මෛත්‍රී දිනුවේ? එදා පැරදුනු කෙනා අද මන්ත්‍රී වෙලා කොහොමද දිනන්නේ? (නි)
අපිට නම් එහෙම එපා (නි)
රෑ වැටුනු වළේ දවල් වැටෙන්න එපා. (නි)
මගේ අදහස නම් ජනාධිපතිතුමා අපක්ෂපාතිව ක්‍රියා කළයුතුයි මෙවැනි ඡන්දයකදී. (නි)
කොහොම වුණත් පූජාපිටිය හිටපු සභාපති අනුර මඩලුස්ස මහතායි හිටපු මන්ත්‍රී දොළපිහිල්ල එකතුවෙලා බෞද්ධයන්ට අපහාස කරනවා. පූජාපිටිය බෝධි මළු විහාරය ඉස්සරහම මාළු කඩයක් කරනවා.. මේක හොරෙන්ම ටෙන්ඩර් නැතුව අරගෙන.. (බ)
වාසියට මෛත්‍රීට හේත්තුවෙලා ආයේ ඡන්දෙ ළංවෙද්දි මහින්ද මතක් කරගන්නවා. මෙයාලා තාමත් දන්නවා වැඩක් කරපු මිනිහා කවුද කියලා (බ)
තවමත් ලංකාවේ ජනප්‍රියම මහින්ද. ගියවර කළ කැත වැඩේට අපි මෙදා පාර නිසි පිළිතුර දෙන්නම් (නි)
"නොපෑහෙන දීගේ හෙවණැල්ලත් ඇදයි කිව්වලු" (නි)
අපි ආයෙත් මහින්ද ගේනවා. වටේ හිටපු අය නැතුව. (නි)
හිටපු ජනාධිපති තුමනි,කලින් කරපු වැඩේ මතකයි නේද?වෙනම ඉල්ලන්න නැත්නම් අපි ඡන්දය දෙන්නේ නෑ.(හේ)
ගඟේ ගහගෙන යන මිනිහා තුත්තිරි ගහේ හෝ එල්ලෙන්න හදනවා මෙන් කෙසේ හෝ දේශපාලන බලයක් ලබාගන්න සමහර පැරදුනු නායකයෝ සහ දුෂිත හෙන්චයියන් මානබලන බව කාටත් නොරහසක්. බුද්ධිමත්ව කල්පනා කර මෙම රටට අහිතකර බලවේගයන් පරදන්න. (නි)
පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද වෙනත් සන්ධානෙකින් ඡන්දෙ ඉල්ලුවා නම් අද විපක්ෂ නායක. තම පියාත් සමඟ එකතුව බණ්ඩාරනායක මහතා ආරම්භ කළ පක්ෂය හැරනොගිය නිසා ඔහු නිකම්ම මන්ත්‍රී වුණා. සාමාන්‍ය ශ්‍රීලනිප පාක්ෂිකයින් වත්මන් ශ්‍රීලනිපයට කැමති නැහැ. ඒ නිසා මහින්ද පාර්ලිමේන්තු මැතිවරණයේදී කෑ ලණුව යළිත් කන එකක් නැහැ (නි)
මහින්ද නැති ශ්‍රීලනිප යක් නැත. (නි)
හොඳයි හොඳයි බලමුකෝ (නි)
වත්මන් දේශපාලනය පිළිබඳව සාමාන්‍ය ජනතාවට කලකිරීමට මේකම ඇති. (ර)
පක්ෂය විනාශ කරන්නේ වෙන කවුරුත් නෙමෙයි, ඒ අය ගැන අපි දන්නවා (නි)
මහින්ද හොරෙක් කියපු අය කොහොමද එතුමාත් එක්ක එකතු වෙන්නෙ? (නි)
වෙන්නේ නැති දේවල් කතා කරලා කලාය නාස්ති කර ගන්න එපා.(හේ)
අපිට නිදහස් පක්ෂය නැතුව වැඩක් නැහැ. අපි මහින්ද සමඟයි (නි)