(රංජන් කස්තුරි)
රෝහල්වල ප්‍රතිකාර ලබන ඩෙංගු උණ රෝගීන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට පැඟිරි තෙල් ශරීරයේ ගල්වා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යශංය උපදෙස් ලබා දී තිබේ.
මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වාලීමේ පියවරක් ලෙස ඩෙංගු උණ රෝගීන්ටත් ඔවුන් ළඟ සිටින ඥාතීන්ටත් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටත් මෙලෙස උපදෙස් දී ඇත.
මේ අතර දරුවන්ට,පාසැල් සිසුන්ට හා අනෙකුත් පිරිස්වලට දහවල් කාලයේ හැකි හැමවිටම පැඟිරි තෙල් හෝ වෙනත් විකර්ශකයක් භාවිත කරන්නැයි ඉල්ලා සිටින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, මේ අවස්ථාවේ පැඟිරි තෙල් මිලත් අඩුකළානම් ඔබතුමාට ගොඩක් පිං..
මේ විලම්භීත ආණ්ඩුවට දුම් ගහල හරි යවන්නයි තියෙන්නේ, ඒ පැත්තෙන් පෙට් ස්කෑනර් එකට සල්ලි එකතු කරලා දීලත්, මේ අයට අවුරුද්දක් විතර ගියා අනුමැතිය දෙන්න. එ්කෙනුත් හොරා කන්න දඟලනවා.
මදුරුවන් බහුලව බෝවන ස්ථාන පරීක්ෂාවට ලක්කළ යුතුයි.
මිනෝ, සොෆෙල් යන ක්‍රීම් වර්ගත් මදුරුවන්ගෙන් ආරක්ෂාවීමට උපකාර වෙනවා. ඒවා ගැන ජනතාව දැනුවත් කිරීමත්, අඩු මුදලකට ලබා දීමට කටයුතු කරනවානම් තවත් හොඳයි.
පැඟිරි ගස් පඳුරු නිවස අසල වැවීමත් මෙයට පිළියමක්. පැඟිරි කොළ සුළඟට ඇතිල්ලී මෙන් වහනය වන සුවඳට මදුරුවන් ඒම වැළකෙනවා.
මට අත්දැකීමෙන් කියන පුළුවන් හොඳටම අරක්කු බීපු කෙනෙකුගෙන් ලේ බොන මදුරුවන් වෙරි වෙලා අනතුරු සිදු කර ගන්නා බව. උන්ට අඩුම තරමින් බිත්තියේ වහලා ඉන්නවත් බැහැ. ඇදගෙන වැටෙනවා. ඉතින් ඒ උපක්‍රමයත් මදුරු මර්ධනයට සාර්ථකව යොදාගන්න පුළුවන්.
ඇයි පැඟිරිතෙල් මදුරුවන් හොඳට ලිස්සනවද?
ඩෙංගු මදුරුවා ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කල හැකි නමුත් එසේ කිරීමට කිසිදු රජයකට අවශ්‍යතාවක් නොමැත. එක පැත්තකින් මහා පරිමාණ මදුරු දඟර මදුරු දැල් සහ අනිකුත් නිෂ්පාදන කරන සමාගම් මහා පරිමාණ ලාභ ලබන අතර අනික් අතින් වෛද්‍යවරු පුද්ගලික ආරෝග්‍ය ශාලා වලින් ලාබ ලබති. ඩෙංගු වලට ලබා දෙන බෙහෙත් ද්‍රව්‍ය වලින් ෆාමසි හිමියන් ලාභ ලබන අතර රජයේ රෝහල් වලට බෙහෙත් ගෙන්වන ඇමතිවරුන්ද ඉන් කොමිස් ලබනවට සැකයක් නැත. ඩෙංගු මදුරුවා බෝවන තැන් සොයා නිවාස සහ පෞද්ගලික ආයතන වලට දඩ ගසා රජය ලබන මුදල සුළුපටු විය නොහැක. විවිධ බැක්ටීරියා හෝ මදුරුවන් පරීක්ෂණ කිරීමට අවශ්‍ය සමාගම් වලට ලංකාව යනු පරීක්ෂණාගාරයකි.
ලංකාව මුහුදින් වටවූ දුපතක් නිසා ලෝකයේ අනෙකුත් රටවල ඇති වසංගත වලින් බේරී සිටීමේ හැකියාව ඇත. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් ඉතා තදබල ලෙස ආගමන නීති ක්‍රියාත්මක කිරීමෙන් එරටවල සෞඛ්‍යය ආරක්ෂාව ගැන පරීක්ෂාකාරී වනවා මෙන්ම අප රටේද වසංගත තුරන් කර දැමීමේ හැකියාව ඇත. එහෙත් අපේ දේශපාලකතුමාලා කොයි ආකාරයෙන් අප රට ගැන සිතනවාද යන්න අද්භූතය.
ඇමතිතුමනි, පැඟිරි තෙල් විසඳුම ඉතා අගේය. ඔබ අමාත්‍යාංශය මගින් සෑම නිවසකම දෙදෙනෙකුට පැඟිරි තෙල් කුප්පි 2 බැගින් මසකට වරක් නොමිලේ බෙදා දීමට හැකිනම් ,තරමකට හෝ ඒ මදුරු උවදුරෙන් සැනසීමක් බලාපොරොත්තු විය හැකි නේද ?