තමන්ගේ වැටුප් ප‍්‍රමාණවත් නැතැයි මන්ත‍්‍රීවරුන් කීවත් රටේ ආර්ථිකය හා භාණ්ඩාගාරයේ තත්ත්වය අනුව ඔවුන්ගේ හා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කළ හැකිද යන්න ගැටළුවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තමන්ට සියලූ දීමනා සමග ලැබෙන්නේ මන්ත‍්‍රීවරයෙකුටත් වඩා අඩු වැටුපක් වුවත් තමන් කිසි දිනෙකත් වැටුප් වැඩිකරන්නැයි නොඉල්ලන බව කී ජනාධිපති මන්ත‍්‍රීවරුන්ගේ වියදම්වල පාලනයක් මෙන්ම ජීවිතවල සරල බවක් තිබිය යුතුයැයි ද සඳහන් කළේය.
ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පස් දෙනෙක් සිටින බවත් වාහන පහක් ඇති බවද කීය.
මේ වරප‍්‍රසාදවලින් අපිට යම් ප‍්‍රමාණයක් අඩු කරගත හැකිද යන්න පිළිබඳව කවුරුත් සැලකිලිමත් විය යුතු බව ද ජනාධිපති පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මන්ත‍්‍රීවරුන් දීමනා ප‍්‍රමාණවත් නොවන බවට කරුණු දැක්වූහ.
අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන මට්ටමෙන් ගත්විට ටෙන්ඩර් ක‍්‍රියාවලිය සියයට පනහකට වඩා දූෂිත බව කී ජනාධිපතිවරයා තාක්ෂණ ඇගයීම් කමිටු නිලධාරීන් ද ඔවුන්ට සම්බන්ධකම් තියෙන සමාගම්,ආයතන වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළේය.
සංවිධානාත්මක අල්ලස හා දූෂණය අද සිදුවන බව කී ජනාධිපති එසේ සිදුවන දෙපාර්තමේන්තු නම් කළහොත් හෙට උදේ වර්ජනය කිරීමට ඉඩ ඇති නිසා නම් නොකියන බව ද ප‍්‍රකාශ කළේය.
සමහරුන් යම් ලිපිගොනුවක් ඉදිරිපත් කළ විට එෆ්.සී.අයි.ඞී යන්න වෙයි කියලා අත්සන් තැබීම ප‍්‍රතිෙක්‍ෂ්ප කරන තත්ත්වයක් ඇතැයි කී ඔහු තමන්ට අයිති දේ නිසිලෙස ඉටුකරනවා නම් එසේ සිතන්නට වන්නේ නැතැයි ද කීවේය.
විපක්‍ෂනායක ආර්. සම්බන්ධන්,කතානායක කරු ජයසූරිය යන මහත්වරුද එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කළොත් මීටවඩා වටිනවා කියව කියවා ඉන්නවට වඩා. (නි)
ජනාධිපති වුණාම කෙළින් වැඩ කළයුතුයි. වැරදි දැක දැක වර්ජන වලට බයේ ඉන්න එක වැරදියි (නි)
තනතුරේ රාජකාරි කරන්න ශක්තියක් නැත්නම් එවන් දේශපාලකයන් රට තවත් විනාශ නොකර ගෙදර යා යුතුයි (නි)
මේ කතා කිවුවා කියලා අපිට ඇති වැඩේ මොකක්ද? (නි)
වටිනා කතාවක් (නි)
ඔබතුම පත්කළේ ඒවා නවතන්න තමයි (නි)
සැබෑ ජනතා සේවකයාට ඕනෑම අභියෝගය ජයගත හැක. (නි)
තමන් දුන්න පොරොන්දු හරියට ඉටුකරනවා නම් කවුරුන් කකුලෙන් අදින්න හැදුවත් දුෂිතයන් පළවා හරින්න ඡන්දය දුන් 60 ලක්ෂයක් සහායට ඉන්නවා කියන දෙය ඔබ පරිණත දේශපාලකයෙක් ලෙස කියනවා නම් නම් කිසිම ගැටළුවක් නැහැ. නමුත් යහපාලනය වෙනුවෙන් සටන් කර ඡන්දය දුන් ජනතාවගේ සිතුම් පැතුම් වලට මෙහෙම පයින් ගසන්න ගියොත් මේ ආණ්ඩුවටත් ජනවාරි 8 ක් උදාවෙනවා සිකුරුයි (නි)
මට හිතෙන දේ මෙතන ලියන්න අමාරුයි (නි)
අපෝ අපෝ ජනාධිපතිතුමනි, තැන තැන උද්ඝෝෂණ අමතක වුණාද? එතකොට පාරදිගේ විරෝධතා? (නි)
එහෙම නොකියා හිටියා කියලා ප්‍රශ්නය විසඳෙනවද? (නි)
මම නම් කරන සේවයට/වැඩට ගෙවන පඩිය මදි කියලා හිතුන හැම වේලාවේම රැකියා ස්ථානය වෙනස් කළා. මොකටද කෙඳිරිගගා ඉන්නේ, තම සුදුසුකම් වලට සුදුසු පඩියක් තියෙන රැකියාවක් සොයාගන්න එකනේ තියෙන්නේ. (නි)
ඔක්කොටම කලින් ඔබතුමාගේ වියදම් අඩුකරලා රටට ආදර්ශයක් දෙන්නකෝ. එතකොට අනිත් අයගේ ඒවත් අඩුකරන්න පුළුවන්. අපිට ආරංචි හැටියට අයවැයෙන් සෑහෙන මුදලක් ඔබතුමාලගේ නඩත්තුවට වෙන්කරලා තියනවා (නි)
මන්ත්රීවරුන් ජනතාවට පටි තදකරන්න කියා, හැන්ද අතේ තියන අය බෙදා ගන්න කුරුමානම් අල්ලනවා (නි)
වැටුප මදි නම් ඇයි මේ මන්ත්‍රීතුමාලා පාර්ලිමේන්තුවට රිංගාගන්න ඔච්චර වලිකන්නේ? ඕක ඇතුළට ඇවිල්ලා ඉන්න සමහර මහත්වරුන්ට දෙපාර්තමේන්තුවක පියන් කෙනෙක් වෙන්න තරම්වත් සුදුසුකම් නැහැ. වැටුපට අමතරව ගහන්න පුළුවන් හැම පැත්තෙන්ම පිල්ලි ගහ ගහා තවත් මදි කියනවා. අනේ මෙහෙම තණ්හාවක්! රටේ අවාසනාව! (නි)
ජනාධිපතිතුමාගේ වැදගත් ප්‍රකාශයක්. (නි)
අහා! එහෙනම් ඔබතුමා දන්නවා වෙන ජිල්මාට්.හොරුන්ව ඇල්ලුවොත් පාලක පක්ෂය දුර්වල වෙනවා දකින්න ඔබතුමා කැමති නැතුව ඇති. (නි)
ලැජ්ජා නැතිකම මහරජකමටත් වඩා ලොකුයිලු කියලා වර්ජනයන්ට බයේ දුෂණයට ඉඩදීම කොතරම් බරපතලද? (නි)
ගිහිල්ල කුඹුරක් හෝ හේනක් වගා කරන්න. නැත්නම් පත්තරවලට ලියන්න. රට තවත් විනාස කරන්න එපා (හේ)
ඔහොම බය වෙලා නම් බැහැ හොඳේ (නි)
ඔබගේ රජයේ තියන දුෂණයන් ඔබතුමාම පිළිගන්නවා. (නි)
අනේ අනේ අපිව බදුවලින් හූරලා මෙයාලා සැප විඳින්න හදන හැටි? (නි)