(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු පකිස්තානයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් දිනකට 30 - 40ත් අතර ප්‍රමාණයක් මිය යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු 30 ත් 40 ත් අතර ප්‍රමාණයක්

එඩී ගිලන් රථ සේවය පවසා ඇත්තේ දිනකට කරච්චි නගරයේ මෘත ශරීරාගාරය වෙත මියගිය අයගේ සිරුරු 30 - 40 අතර ප්‍රමාණයක් රැගෙන යන බව පවසා ඇත. 

පසුගිය දින 6ක කාලය තුළදී පමණක් එම ගිලන් රථ සේවය මළ සිරුරු 568 ක් කරච්චි මෘත ශරීරාගාරය වෙත ප්‍රවාහනය කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය අඟහරුවාදා දින පමණක් මළ සිරුරු 141 ක් එම ගිලන් රථ සේවය කරච්චි මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති බවත් පාකිස්තාන මාධ්‍ය පැවැසුවේය.

කරච්චි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පසුකර ඇති බවත් එම නගරයට බලපා ඇති දැඩි සුළං තත්වය හේතුවෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ලෙස දැනෙන බවත් පාකිස්තාන මාධ්‍ය ප්‍රකාශ කළේය. පාකිස්තානයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇතැයි විශ්වාස කරන නමුත් මරණවලට නිශ්චිත හේතුව නිල වශයෙන් ප්‍රකාශ කළ හැක්කේ මරණ පරීක්ෂණවලින් පසුව බව එරට මාධ්‍ය පැවැසුවේය.