IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පකිස්තාන සරසවියේ 15ක් මරුට

පකිස්තානයේ බචා ඛාන් සරසවියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට නවතම වාර්තා කියයි.

තුවක්කු රැගෙන සරසවියට ඇතුළුවූ තිදෙනකු වෙඩි තබා ඇතැයිද පකිස්තාන හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

තුවක්කුකරුවන් දෙදෙනකු මරා දමා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති සායිඩ් වසීර් කියයි.

ත්‍රස්තවාදීන් 8 -10 ක් අතර පිරිසක් විශ්ව විද්‍යාලය තුළ රැඳී සිටින බවද ඔහු පවසයි. තුවාලකරුවන් රැගෙන යාම සඳහා ගිලන්රථ 20ක් පමණ විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවී ඇතැයිද සරසවි සිසුන් 70%ක් පමණ ආරක්ෂිත බවත් එහි ආරංචි සඳහන් කරයි.

ස්වේච්ඡා සංවිධාන නියෝජිතයකු ප්‍රකාශ කර ඇත්තේ තමා සිරුරු 15ක් පමණ දුටු බවයි. අඩු ගණනේ 50ත් 60ත් අතර පිරිසක් තුවාල ලබන්නට ඇතැයි ඉන්දියාවේ පීටීඅයි පුවත් සේවය පවසයි. ඒ අතර ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකුද වෙතියි කියති.

මරා දැමූ අය අතර රසායන විද්‍යා මහාචාර්ය හමීඩ් හා ශිෂ්‍යයකු ද වන බව ඒ.පී. පුවත් සේවය කියයි. හමුදාව ආරක්ෂක මෙහෙයුම් සඳහා විශ්ව විද්‍යාලයට ඇතුළුවූ බවත් සිසුන් සියලු දෙනා සරසවි භූමියෙන් ඉවත් කළ බවත් වාර්තාවේ.

569f1f82d2016120a770 569f2dff201612020890

569f1db1a2016120345b



අදහස් (0)

පකිස්තාන සරසවියේ 15ක් මරුට

කරුණාරත්න Wednesday, 20 January 2016 07:33 AM

දෙවියනේ, ඉගෙනගන්න ළමයි පළිද මේවට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site