(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවන් වී සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් 43 දෙනෙකු එරට රජයේ ඉල්ලීමක් මත , අද(04) අලුයම පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරියා පැවසීය.
මොවුන් ශ්‍රී ලංකාවේ මහාධිකරණ මගින් වැරදි කරුවන් වී විවිධ බන්ධනාගාර වල වසර 10 ක් 15 ක් තරම් කාලයක් සිර දඩුවම් විදිමින් සිටි පාකිස්තානු ජාතිකයන් පිරිසක් බවත් , මොවුන් මෙලෙස පාකිස්තානය වෙත රැගෙන යෑමෙන් පසුව ද එරට බන්ධනාගාර තුළට යළිත් මොවුන් ඇතුළු කිරීමට නියමිත බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
පාකිස්තානු රජය විසින් මොවුන් රැගෙන යෑම සදහා එරට ආරක්ෂක නිලධාරීන් එක් සිරකරුවෙකුට දෙදෙනා බැගින් , ආරක්ෂක නිලධාරීන් 86 දෙනෙකු සමග පාකිස්තානු ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ(03) දින රාත්‍රී 10.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බස් රථ කීපයක් මගින් මෙම පකිස්තානු ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබූ අතර , ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් ද සමග මෙම පිරිස පිටුවහල් කිරීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි.
එහිදී මෙම සිරකරුවන්ට අදාළ නඩු ලිපි ගොනු ද රැගෙනවිත් පාකිස්තානු ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ.
මෙම පාකිස්තානු සිරකරුවන් පිරිස රැගත් පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවයේ පී.කේ.- 9873 දරන විශේෂ ගුවන් යානය අද(04) අලුයම 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන්, පකිස්තානයේ ඉස්ලාමාබාද් ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්. මෙවන් අයව අහිංසක මිනිසුන්ගේ බදු මුදල්වලින් නඩත්තු කිරීම ඉදිරියටත් කරගෙන යනවාද නැද්ද බලධාරීන් තව තවත් පමානොවි තීරණය කලයුතු නොවේද?
ඔය ත්‍රස්තයන් හුරතල් කරන රටේ නිදහස හම්බෙයි සටස් ගාලා. ඊට පස්සෙ ආපහු බිස්නස් පටන් ගනී. මොකෝ මරණ දණ්ඩනය දෙන්න ඔච්චර මහන්සි වෙලා ගෙනියන්න ඕනෙ නෑනෙ.
පකිස්තානු රජයේ අනුදැනුම මත පාකිස්තානේ මත්ද්‍රව්‍ය වගේම රසදිය අඩංගු මුහුණු ආලේපන, ඒ වගේම ලෝකේ තියෙන ඕනෑම බෙහෙතක හොර මිශ්‍රණ හදනවා. මේවා ඔක්කොම ලංකාවේ ඉන්න පකිස්ථාන ජාතිකයන් සහ අනිත් අය ගෙන්වලා බෙදා හරිනවා.
සියලුම විදේශ සිරකරුවන් රටින් පිටුවහල් කරන්න. ඔය අයට කන්න දෙන්නේ අපගේ බදුමුදල්ය.
ඔය එක්කම අර එල්ලුම් ගහට ගිය අයත් ගෙවල්වලට යවන්න. මොකද හිටියා කියලා වැඩක් නැහැනේ. ආණ්ඩුවට මුට්ටිය ඇල්ලුවාම නිදහස් වෙන්න පුළුවන්නේ... තව ටික දවසකින් කීයක් ජනාධිපති නිදහස දෙයිද දන්නේනෑ..