‘රට දිනවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් පෙරටම‘ යන තේමාව යටතේ සංවිධානය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද (22) පැවැත්විණි.
‘අද පාර්ලිමේන්තුවේ ඉන්න 2010 පාර්ලිමේන්තුවට ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 127 ක් ඉන්නවා. ඒ සියලු දෙනා අද වෙනකන් මෙතැනට ඇවිල්ලා නෑ මම දන්න විදියට. පක්ෂ මූලස්ථානය එක්ක වැඩ කරන්නේ නැත්නම් ඒක දකින්නේ නැත්නම් පක්ෂය හඳුනාගන්න පුළුවන්කමක් නෑ‘ යනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවසීය.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඇමැති ඒ.එච්.එම්.ෆවුසි, ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ මුලස්ථානෙට එන්නැති අය ඉන්නේ අභයාරාමේ බව ඔබතුමා දන්නෙම නැද්ද ? මේ අයට පක්ෂයට වඩා හිටපු ජනාධිපතිතුමාව ලොකු බව තේරුම් ගන්න බැරිනම් එක ඔබතුමාගේ ලොකු අඩුපාඩුවක් කියල තමා අපිට නම් හිතෙන්නේ ? අනික ඔබතුමාව බලයට පත්කළේ එයාල නෙමෙයි . එමනිසා ඔබේ වගකීම හරියට තේරුම් බේරුම් කර ගන්න එක අවශ්‍යයි. පක්ෂය හදන එකට නෙමේ ඔබතුමා මුල් තැන දිය යුත්තේ , රට හදන එකටයි. (බ)
පක්ෂේ නොවෙයි වටින්නේ රටයි. පක්ෂේ දාල නේද පොදු අපේක්ෂකයා ලෙස ගියේ. එතනින් නොනැවතී දැන් පක්ෂයක් ගැන කතා කරනවා. (ර)
ජනතා බලපෑම නිසා ඒ අය එන්නේ නැහැ. (ර)
ජනාධිපතිවරයෙකු විශ්‍රාම දිවියක් ගත කරන හැටි ජේ.ආර්. හිටපු ජනපතිගෙන් ඉගෙන ගන්නා ලෙස චන්ද්‍රිකා මැතිනියට ඩලස් මහතා දුන් උපදෙස් නොසලකා එතුමිය මෙහි පැමිණි අති බව ඡායරූප වලින් පැහැදිලියි. මහින්ද මහතා නම් ඩලස් මහතාගේ එම උපදෙස් අනුව ක්‍රියාකරන හැඩයි. නොපැමිණ ඇත්තේ ඒ නිසා විය යුතුයි. (ස)
පක්ෂ විපක්ෂ අතර රාජපක්ෂලා කවුද? (ර)
මහත්වරුන්ගේ හා අවංක තරුණ මන්ත්‍රී වරුන්ගේ නායකත්වයක් කරා ගොඩනැගීමට ඔබතුමා ගන්න උත්සාහය ප්‍රසංශනීය වේ. විචාර බුද්ධියක් ඇති , මන්දබුද්ධික නොවන, මධ්‍යස්ත හා තරුණ, උගත් ජනතාව ඔබ සමග සිටින බව අමතක කරන්න එපා. (ර)
ඔබ තුමා ඡන්දෙ තියන්නකෝ එතකොට පක්ෂේ ඉන්නේ කවුද කියලා වැටහේවි. (ර)
විශ්‍රාම ගිහිල්ලත් දේශපාලනය කරන්නේ කවුද කියලා අපි දන්නවා. මහින්ද නම් ඔන්න එහෙම නැහැ. පන්සලකට ගිහිල්ලා, මළ ගෙදරක ගිහිල්ලා එහෙම ඉන්නවා. (නි)
ඩාර්ලි පාරේ පක්ෂය සහ මහ පොළවේ පක්ෂය අතර වෙනස! (නි)
සැබෑ ශ්‍රීලංකා පක්ෂය හඳුනා ගන්න කොළඹ මූලස්ථාන ගොඩනැගිලි මොටද? සැබෑ පක්ෂය තියෙන්නේ පංච මහා බලවේගය මේ දින වල එක්රැස් වෙන පන්සල් වල නෙව? (ර)
ඔතන ඉන්න කීදෙනෙක් ඔය පක්ෂය අත ඇරලා වෙන පක්ෂ හදපු සහ වෙන පක්ෂ පස්සේ ගිය අයද? හැබයි පක්ෂය කවදාවත් දාල නොගිය දිවිහිමියෙන් පක්ෂයට වැඩ කරපු , හිරේ විලංගුවේ වැටුන අය එළියේ .(හේ)