(රන්න - චන්ද්‍රසේන ගමගේ)
එක්සත් ජනතා සන්ධානයෙන් ඉදිරිපත් වී මන්ත්‍රී ධූර ලබා ගත් උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී වරුන් පක්ෂයේ තීන්දු වලට පිටුපා විනය විරෝධීව කටයුතු කරන්නේනම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න සිදු වන බව එක්සත් ජනතා සංධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඇමැතිවරයා එසේ පැවසුවේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එගොඩබැද්ද ග්‍රාමසේවක වසමේ ආරම්භ කළ වැවක් සමග ගමක් නම් සමාජ සුබ සාධන වැඩසටහන ආරම්භ කිරීමෙන් අනතුරුව අද(14) පැවති ජනහමුවේදීය.
වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ කීවේය.
“යම් යම් ප්‍රකාශ කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සියලු දෙනාම පත්වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. සන්ධානයෙන් ඉවත් වී ඔවුන්ට අවශ්‍ය තීන්දු ක්‍රියාත්මක කරන්න පුළුවන් . එසේ නොකර සන්ධානය තුළ ඉඳගෙන එක එක්කෙනාට අවශ්‍ය තීන්දු ගන්න දෙන්නේ නැහැ‘‘ යයිද ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අවරුදු 2 කට වැඩි කාලයක් තිස්සේ ඔයගොල්ල එහෙම තීරණයක් අරගෙන නැහැනේ.... ඉතින් ලබන අවුරදු 2-3 එහෙම තීරණයක් අරගෙන ඇති ඵලය කුමක්ද?
මේ මොනවද කියන්නෙ කියලා මුකුත් තේරෙන්නේ නෑනෙ...
විනය පරීක්ෂණ කරන්න තිබුණේ දැනට අවුරුදු දෙකකට විතර ඉස්සර... දැන් ප්‍රමාද වැඩියි. දැන් කරන්න තිබෙන එකම දෙය නිශ්ශබ්දව ඔහොම්ම ඉඳලා.... නැව ගිලෙන්න පටන් ගන්නකොටම අලුත් නැවේ එල්ලෙන්නයි...
කටමැත දොඩ දොඩා හැමදාම ඉන්නේ නැතිව කරලා පෙන්නනකො.
හරිනම් විනය ක්‍රියාමාර්ග ගන්න ඕනේ ඔහෙලට.ජනතාව සන්දානයට චන්දෙ දුන්නේ යුඑන්පි එකත් එක්ක හවුලේ ආණ්ඩු කරන්න නෙමේ.ජනතාව එලොපු අයවත් ඇතුලට අරගෙන වරදාන බුක්ති විදින ගමන් මෙය මාරු කියවනවද?මෙයාල හරි දක්ෂයි කන්න ඕනේ උනහම "කබරගොයා තලගොයා කරගන්න"
අන්තෝ ජට බහි ජට මොන පරික්ෂන්ද ඔන්න ඔහේ යමු
පක්ෂයේ තීන්දුවලට පිටුපාලා ජනාධිපතිවරණයට එජාප ය සමග එකතුවී ඔය යසට ඡන්දේ ඉල්ලා පස්සෙ සභාපතිත් උනේ. කෝ ඒවට පියවර ගත්තයැ?