යෝජිත ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ලබන සතියේ පැවැත්වෙන විවාදයේ දී කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් රටේ අනාගතය ගැන හිතා ආණ්ඩුව ගෙන එන සංශෝධනවලට එරෙහිව ඡන්දය දෙන්නැයි පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික ඒකාබද්ධ කමිටුවේ සාමාජික ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
පක්ෂයට ලැදිකම නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඍජු මතය දැක්වීමට පසුබට නොවන්නැයි ජනතා නියෝජිතයින් ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේ ය. අන්‍යාගමිකරණයට එරෙහිව පෙළ ගැසෙන බව කියන සියලු පක්ෂවලින් මේ පිළිබඳ තම මතය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවද ද සිල්වා මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙම අදහස් පළ කලේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දි අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කල යුත්තේ ව්‍යවස්ථාව පැමිණීමට ප්‍රථම ඝෝෂා කිරීම නොව එය ඉදිරිපත් කළ පසු එය නිසි මගට යොමු කර රටට වැඩ දායි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමයි .(ම)
බොක්ක ගැන හිතලා බොක්කෙන්ම වැඩ කරන සෙට් එකක්නෙ ඉන්නෙ. සිග්නල් කණු ටිකක් වගේ හැසිරෙන්නෙ. කරන්ට් එක එන්නෙ ඉහළින්. (නි)
තම තමන්ගේ සාක්කුවල අනාගතය ගැන නොසිතා තිත්ත වුවත් රටේ නිවැරදි අනාගතය වෙනුවෙන් ගෙනෙන යෝජනාවලට පක්ෂව ඡන්දය දීම අනාගත පරපුර වෙනුවෙන් දියහැකි උපරිම දායාදයයි (නි)
ඔබගේ ඉල්ලීම "බීරි අලින්ට වීණා වැයුමක්" නොවේවා! (නි)
ලෝකෙම ඉස්සරහට යද්දී නිදාගෙන හිටි අපි යන්තම් නැගිටින්න හදන වෙලාවේ, තවත් මොන කතාද? (නි)
අවශ්‍ය දේ අලුත් ව්‍යවස්ථාවක් හැදීම නොවෙයි, තිබෙන ව්‍යවස්ථාවේ අඩුපාඩු තියනවා නම් ඒවා හදාගෙන රට රැකගැනීමයි. වැරැද්දක් වුණොත් අනාගතය ශාපකරාවි. තිබෙන ව්‍යවස්ථාවේ අඩුපාඩු මොනවාදැයි මුලින්ම ජනතාවට පැහැදිලි කරන්න බැරිද? (නි)
රටේ තවමත් නොවිසඳුණු ජාතික ප්‍රශ්නයේදී සැකසෙන යෝජිත ව්‍යවස්ථාවන්ට විරුද්ධවන පාර්ශවයන් එහෙනම් එම ප්‍රශ්නය විසඳීමට යෝජනා ව්‍යවස්තා මාලාවක් සකසා ඉදිරිපත් කළයුතුය. මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට නොහැකිවීමෙන් මතු උපදින පරම්පරා වලටත් දුක්ගැහැට විඳින්න සැළසීම මහා අපරාධයක් (නි)
රටේ ඉදිරි ගමනට උවමනා දේවල් සංශෝදනය කරන්න වෙනවා. (නි)
මේවට දෙන උත්තර ගැන නම් මට හිතාගන්න බැහැ. (අ)