(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
තමා පක්ෂයෙන් ඉවත් කළත් පළාත් සීමා නිර්ණයට පක්ෂව කිසිවිටෙකත් ඡන්දය දෙන්නේ නැතැයි පොළොන්නරුව දිසිත්‍රික් (එජාප) මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
ජයරත්න මහතා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
සිඩ්නි ජයරත්න මහතා මෙසේද කීය.
‘‘සීමා නිර්ණ කමිටුවේ අය පිස්සුවක් නටලා. තැන් තැන්වල කුකුල්ලු කපලා අරක්කු බීලා සීමා නීර්ණය කරනවා. අපේ ප්‍රදේශවල සීමා නිර්ණය අද ලොකු අවුලක් වෙලා. මම අලුත් ඡන්ද ක්‍රමයට විරුද්ධයි. පරණ ක්‍රමයට ඡන්දය තියන්න ඕනැ. අප අද කාගේත් ලණු කන්න අවශ්‍ය නැහැ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම බයක් වෙන්න එපා. ඔබව පක්ෂෙන් එලවන්නේ නෑ. එකක් එහෙම එලවන්න තරම් කට්ටිය පක්ෂේ දැන් නැහැ, අනික එහෙම ප්‍රතිපත්ති කැඩුවයි කියලා පක්ෂවලින් එලවන සිරිතක් අපේ රටේ නෑ, හේතුව අපේ රටේ පක්ෂවලට එහෙම රකින්න කියල ප්‍රතිපත්ති නැති හින්දා.
පැරණි මනාප ක්‍රමයෙන් අමනාප වෙන ප්‍රමාණය වැඩි නැත්ද? මුදල්, වෙනත් දේවල් බෙදීම කලයුතුමද? අලුත් ක්රමයේ අඩුපාඩු නිවැරදි කරගන්න බැරිද? රටට ගැලපෙන ජන්ද ක්‍රමයක් නැත්ද?
ඊළඟ පාර හිටියත් ඇප නැහැ. එලෙවුව්ත් ඇප නැහැ. ඒ නිසා අපිට කමක් නැහැ. කැමති නම් හිටහන්... බැරි නම් පලයන්.