IMG-LOGO

පාක්ෂිකයන්ට කළ තර්ජන ගැන රුවන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කිරීම සහ බොරලැස්ගමුවේ පක්ෂ ක්‍රියාකාරිනියකට තර්ජනය කිරීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

අදාල සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය සලකා බැලූ කළ පෙනෙන්නේ රටේ ජනතාව දැඩි ජීවන අරගලයකට මැදිව සිටින අවස්ථාවක ඒ වෙනුවෙන් අරගල කරන කණ්ඩායම් මර්දනය කිරීමට ආණ්ඩුවේ පාර්ශව කටයුතු කරමින් සිටිනවා ද යන සැකය බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි. 

"කෝට්ටේ මහනගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක වන හර්ෂණී සඳරුවනි මහත්මියගේ නාවල පිහිටි නිවසට මාර්තු මස 17 වන දින අලුයම 2.00 ට පමණ නාදුනන කණ්ඩායමක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත. එම ප්‍රහාරයෙන් මන්ත්‍රිතුමියගේ නිවසට අලාභ හානි වී ඇතත් වාසනාවකට මෙන් නිවසේ කිසිවෙකුටත් අනතුරක් වී නොමැත.

නාගරික මන්ත්‍රීතුමිය විසින් මේ ගැන මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇති අතර ඊට අදාළව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන බවක් පෙනෙන්නට නැත. 

බොරලැස්ගමුවේ පදිංචිව සිටින පක්ෂ ක්‍රියාකාරිනියක වන චාන්දනි පතිරගේ මහත්මියගේ නිවසට ද ඉකුත් 14 දා රාත්‍රියේ මුහුණු ආවරණ පැළැඳ ගත් පිරිසක් පැමිණ තර්ජනය කොට ගොස් ඇතැයි ඇය අපට දැනුම් දුන්නා ය.මෙය නිදහසේ තමන්ගේ දේශපාලන මතය දැරීමට ඇති අයිතියට කළ බාධා කිරීමක් වන හෙයින් අගතියට පත් මහජන නියෝජිතයන් හට සාධාරණයක් ඉටුකර දීමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද රුවන් විජයවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.



අදහස් (1)

පාක්ෂිකයන්ට කළ තර්ජන ගැන රුවන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

NM Sunday, 20 March 2022 12:23 AM

ඉදිරියේදී පත්වන නව රජයකට පාර්ලිමේන්තුවට පත්කරගැනීමට Dr. Harini Amarasuriya, කාවින්ද ජයවර්දන ( ඔහුගේ පියා ජාතික අර්බුදය විසදීම සදහා Ranil Wickremesinghe සමග කැපවී සේවය කල කෙනෙකි ) හිටපු රජයේ නිලධාරිනියක් සහ Governor of North P.S.M.Charles, පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඩක් නගන ලද දේවානි ජයතිලක, Yohani de Silva ( විදේහ අදයපනය ලබා ඇති මේවනවිට ජනප්‍රිය ඇයට තරුණ සමාජය එනුවෙන් යමක් කල හැක) ඔවුන්ගේ කැමැත්ත මත සහ Ranil Wickremesinghe මැතිතුමා අවසන් තීරණය ගනු ඇත. අලුත් පිරිසක්ද පාර්ලිමේන්තුවට පත්කර ගැනීම වැදගත්වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 23 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site