(අංජුල මහික වීරරත්න)
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ජාතික සංහිඳියාව උදෙසා ආශිර්වාද කිරීම ද මෙහිදී සිදුවිණි.
ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් පසුගිය දශක ගණනාවක සිට සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති බවත් එය අනාගතය සඳහාත් ගෙන යමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලයේදී අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වනවා සේම ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට ද එය ඉවහල් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී ආගමික දේශන සිදු කළ මවුලවිතුමන්ලාට සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය.
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන අලී සබ්‍රි, නසීර් අහමඩ්, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එච්.එම්. ෆවුසි, එච්.එම්.එම්. හරීස්, එම්.එස්. තවුෆික්, අලී සබ්‍රි රහීම්, එස්.එම්.එම්. මුෂාරෆ්, යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරු සහ විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේන ඉන්නකොට මේවා තිබ්බේ නැහැ... අන්තිමට රටත් නන්නත්තාර කරලා එයත් නන්නත්තාර වෙලා ගියා.
මුසල අගමැතියව දකින්නත් අප්පිරියයි.
පසුපසින් තියෙන්නේ බදු සල්ලි නේද අපේ මුස්ලිම් මිතුරනේ ඔබ හා කහටක් නෑ හිතේ නාකි දේශපාලන හැතිකරේ පැන්නිය යුතුය හැකි ඉක්මනේ...
සංහිඳියාව ඇති වෙන්න ඕනේ අපෙන්. අපිට උඹලා සමග සංහිඳියාවක් නැත.
මහී කොහෙන්ද බොල මුස්ලිම් මිතුරන් ආවේ? ඔහෙලා වගේ ගොයියෝ නිසා තමයි හම්බසෙට් එක මෙරටේ සිංහලයාගේ ඉඩකඩම් අත්පත් කරගෙන අපේ සිංහල දරුවන්ගේ අනාගතය නැති කරන්නේ.