ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ රටතුළ සංවාදයක් ඇති කිරීමෙන් ආර්ථික, සමාජීය හා දේශපාලන ගැටළු අමතක කැරවීමේ උත්සාහයක් ඇති බව පෙනෙතියි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වංචා හා දූෂණ චෝදනා ඇති මන්ත‍්‍රීවරුන්වත් සම්බන්ධ කරගනිමින් හවුල් ආණ්ඩුවක් පිහිටුවාගෙන සිටින නිසා බලය රැක ගැනීම වෙනුවෙන් අපරාධකරුවන් රැක ගැනීමේ උත්සාහයක නිරතවීමට එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
චෝදනා පත‍්‍ර දිය යුත්තන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇමැති තනතුරු ලබා දී ඇතැයි කී ටිල්වින් සිල්වා මහතා පසුගිය කාලයේ දූෂණ වංචා කළවුනට එරෙහිව වහා ක‍්‍රියාමාර්ග නොගතහොත් ඊට එරෙහිව විරෝධතා අරඹන බව ද කියා සිටියේය.
රාජපක්‍ෂ රජය බලය යොදාගෙන අපරාධකරුවන් ආරක්‍ෂා කළ බව කී ටිල්වින් සිල්වා මහතා වත්මන් රජය බලය වෙනුවෙන් අපරාධකරුවන් ආරක්‍ෂා කරමින් සිටින බව ද ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ ප්‍රකාශ අහලාම අපිට දැන් අප්‍රසන්න වෙලා තියෙන්නේ. කියවනවා කියවනවා. කරපු දෙයක් නැහැ (නි)
දැන්නම් ජේ.වී.පී. යට ආවඩන කට්ටියට ඒ රැස්වීමට යන්න ත්‍රීරෝද රථ පහක් තිබුනහම හොඳටම ඇති. (නි)
කටේ මසුරන් දාන්න ඕනේ කතාවක් ඒක නම්. (ර)
ඔබලා සහතික නිකුත් කරනවා පමණද.? (ර)
ඉතින් ඔබතුමාලා ඔය ගැන මොනවාහරි කරන්නකෝ (නි)
ඇත්ත ඇත්ත! කෝ අර උප්පැන්න සහතික වෙනස් කොරලා අතටම අහුවෙච්ච කෙනා ඔය යහතින් ඉන්නේ? පාස්පෝර්ට් ඩබලක් ගහලා අහුවෙච්ච කෙනා ගිරිය පුප්පාගෙන සිංහයා වගේ වැජඹෙන්නේ? අනේ අනිච්චන්! මේකත් හොරුන්ටම ඇරුණු ආණ්ඩුවක් වගෙයි පේන්නෙ! එහෙම නැත්නම් මේ ගොල්ලෝ හොරුන්ට දඬුවම් කරන්න බයද? (බ)
අපි මෙහෙම කිවුවට අපිත් ඉන්නේ ඒ කඩේ ඇතුලෙම තමයි. කියන්න මොනවා හරි ඕනේ නිසා කිවුව කියල හිතා ගන්න. (කෞ)
පහුගිය කාලේ, පනින රිලවුන්ට ඉනිමන් බැන්දේ ඔබලාම නේද? (බ)