IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පක්ෂ දෙකක ආධාරකරුවෝ ගැටෙති : අයෙක් රෝහලේ

(කීර්ති ප්‍රනාන්දු  )

පක්ෂ දෙකක දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එක් පක්ෂයක ආධාරකරුවෙක්  මිනුවන් ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි  .

එම ආධාරකරුගේ නිවසට පැමිණ ඇති  අනෙක් පක්ෂයේ   ආධාරකරුවන් දෙදෙනා ඔහුගේ දේශපාලන මතයට විරුද්ධ බව පවසමින්  බැණ වදිමින් මෙම පහරදීම සිදුකර ඇති බව පවසන පොලිසිය මෙම දෙපාර්ශ්වයම ඥාතිවරුන් බවද කියා සිටියි  .

පහර කෑමට ලක්වී ඇත්තේ මිනුවන්ගොඩ  පදිංචි 39 හැවිරිදි විවාහක අයෙකු බවද පොලිසිය පවසයි  .

සැකකරුවන්  ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී ඇතැයි  පවසන  මිනුවන්ගොඩ පොලිසිය සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීම සඳහා  විමර්ශන ආරම්භ කර ඇතැයි කියා සිටි  . 



අදහස් (1)

පක්ෂ දෙකක ආධාරකරුවෝ ගැටෙති : අයෙක් රෝහලේ

Perera Friday, 30 August 2024 01:51 PM

ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම... ඔය තත්වයට රට පත්කළේ බලලෝභී දේශපාලකයෝ...!

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site