සිරාජ් හසීම්
උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍යධූරයෙන් පී.ටෙනීස්වරන් මහතා ඉවත් කරන්නැයි එම අමාත්‍යවරයා නියෝජනය කරන ටෙලෝ සංවිධානය විසින්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ.
මහ ඇමැති විග්නේෂ්වරන් මහතාට ගෙන එනු ලැබූ විශ්වාස භංගයට සහාය නොදැක්වීමට ටෙලෝ සංවිධානය තීරණය කර තිබිය දී එම තීරණය නොතකා ටෙනීස්වරන් මහතා විශ්වාස භංගයට අත්සන් තැබා ඇතැයි එම පක්ෂය කියයි. එමෙන්ම පළාත් අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා ගැන සිදු කෙරෙන විමර්ශනවලට සහාය නොදක්වන බව එම ටෙනීස්වරන් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි ද, පක්ෂයේ තීන්දු තීරණවලට එකඟ නොවන නිසා ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇතැයි ද පක්ෂ ආරංචි කියයි.
පක්ෂයේ තීරණය එහි ලේකම් එන් ශ්‍රීකාන්තා මහතා විසින් මහ අමැතිවරයාට ලිඛිතව දන්වනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දේශපාලනය දන්නේ නැහැ. ඒ වුනාට උතුරු පළාත් සභාවේ බැනර් එකටනම් කැමැත්තක් නැහැ.