‘‘ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ හැම දේශපාලන පක්ෂයක්ම කැඩුවා ,එක්සත් ජාතික පක්ෂයත් කඩන්න උත්සහ ගත්තා. මේ විදියට යන මහින්ද රාජපක්ෂ මහත්තයගේ දේශපාලනය ඡනතාව ප්‍රතික්ෂේප කර අන්තිමට නවතින්නේ කුණුබක්කියේ‘‘ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා කඩුගන්නාව ඩෝසන් කුළුන අසලදී කිවේය.
ඔහු මුස්ලිම් කොන්ග්‍රසය,හෙළ උරුමය කඩන්න බොහෝ උත්සාහ ගත්ත සමහර උත්සාහ සාර්ථක වුනා හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායමට අද ඒ කරුමයට මුහුණ දිලා. අන්තිමට ජනතාව ප්‍රතික්ෂේප කලා.
මේ ළගදි විමල් විරවංස මහත්තයගේ ගෙදර ලමයෙක් කරදරයක් වී ජිවිතයක් අහිමි වුණා. මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවක් තිබිලා එක්සත් ජාතික පක්ෂේ ප්‍රාදේශිය සභා පළාත් සභා මන්ත්‍රිවරයෙකුගේ හෝ ගෙදරක මෙහෙම ප්‍රශ්නයක් වුනානම් අද ඒ මන්ත්‍රිවරයට මොන වගේ තාඩන පීඩනයකට මුහුණ දෙන්න වෙයිද? මේ රට ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය තුමත් නීතියට ඇඟිලි ගහන්නේ නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන්ෂන් ගිය අය කොහොමත් කුණු බක්කියට තමයි (නි)
කුණුබක්කිය ගඳනොගස්සා විනාශ කරන්නකෝ (නි)
ඔබතුමාගේ පක්ෂය කඩාගෙන ගියේ කවුද. ඒ නිසා තමුන්ගේ ඇහේ තිබෙන ලොකු කුණුගොඩ පෙනෙන්නේ නැතුව වෙන්න ඇති අනුන්ගේ කුණු හොයන්නේ (නි)
ඔබතුමන්ලා තමයි අද කුණු බක්කියේ. ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි (නි)
කවුද මේ? අපි ජීවිතයට අහපු නැති කෙනෙක්. මොනවාහරි කියලා කැපීපෙනෙන්න හදන කෙනෙක් වගේ කියලයි හිතෙන්නේ. (නි)
කුණු බක්කියේ සිට කතා කරයි (බ)
මන්ත්‍රීතුමා කියන දෙය පැහැදිලි නැහැ. මහින්දගේ කාලේදී විමල් වීරවංශගේ ගෙදරදී ඔය මරණය වුණා නම් වෙන්නේ සත්‍යය එහෙම පිටින්ම වසන් කරලා මුළු ගෙදරට විතරක් නොවෙයි මුළු පවුලටම ආණ්ඩුවේ සල්ලි වලින්ම "සුදු හුණු" ගානවා. නමුත් මන්ත්‍රීතුමා කියන විදියේ කරදරයකට ඔය එක් කෙනෙක්වත් පත්වෙන්නේ නැහැ. (නි)
අතකොටා වගේ වැඩකාරයෝ ටික හිරේ දැම්මාට මහින්ද වෙනුවෙන් ඕනෑතරම් හොර ඡන්ද දාන්න වුණත් කොල්ලෝ තාම මේ රටේ ඉන්නවා. (නි)
මට නම් හිතෙන්නෙ විමල් අනිත් අයට කළ අපහාස ආපසු කැරකෙනවා කියලයි. (නි)
මම දන්න විදියට නම් ඒ කාලේ මහින්දගෙන් වැඩියෙන්ම වැඩ කරගත්තේ විපක්ෂයේ හිටපු කට්ටිය (නි)
මෙයත් ඉක්මනටම කුණු බක්කියකට යන කෙනෙක් වගේ පේනවා. (නි)
පරිස්සමෙන් ඉන්න. ඔයාට කුණු කූඩේ හරි ඉන්න රටක් තියෙන්නේ එතුමා නිසා. (නි)
මේ කොහේ ඉඳලද කාලෙකට පස්සේ. ආයිත් ඡන්දයක් තිබ්බොත් ඔහෙලට නම් අැපත් නැහැ. එ්ක මතක තියාගත්තොත් හොඳයි. (නි)
මෙයාලා මේ කටින්ද මන්දා කතාකරන්නේ? (නි)
කවුද කුණු බක්කියට යවන්නේ කියලා ජනතාව තමයි තීරණය කරයි. (හේ)
ඒජපෙ නම් මහින්ද කැඩුවේ නෑ. (හේ)
කුණු බක්කියේ ඉන්නේ කවුද කියලා රටේ මිනිස්සු දන්නවා (නි)
අහසින් වැටුණු මිනිසුන් අතර පොළවේ පයගසා සිටින මිනිසුන්ද සිටින බව වටහාගන්න (නි)
ජනතාව එතුමා ප්‍රතික්ෂේප කර නැහැ. එතුමා රටට සාමය ලබාදුන් වීරයෙක් (නි)
මෙයා ඉපදිලා නැහැ, නැත්නම් යලි ඉපදිලා. මොකද ශ්‍රීලනිපය මෑතකදී හා අතීතයේදී කැඩුවේ කවුද කියලා හොඳට හොයලා බැලුවා නම් හොඳයි නේද. ආත්මය රැක ගන්න බොරු කියන එකෙන් වැළකුනොත් තවත් හොඳයි. (නි)
මහින්ද මහත්තයාගේ මල්පොහොට්ටුව එහෙම ලේසියෙන් පරවෙන්නේ නැහැ (නි)
දේශපාලන කුණු බක්කිය ගැන කියන්නේ අත්දැකීමෙන් වෙන්න ඇති (නි)
ඔවුන් දැනටමත් ඉන්නේ කුණු බක්කියේ තමයි. (නි)
කුණු බක්කියට යැවුවේ ජනවාරි 8. දැන් ඉන්නේ සමූපකාර කුණු බක්කියේ. (නි)
මොන වීර කමක් කලත් අනා ගත්තාට පස්සේ ??? (ම)
අනේද කියන්නේ.....? පොඩ්ඩක් ඉන්නකෝ. මිනිස්සු එ්ක බලාගනීවී (නි)
කවුද මේ මයන්ත දිසානායක කියන්නේ? මොනවද ඔහු රට වෙනුවෙන් කරලා තියෙන්නෙ. (නි)