IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොකිරිස්සන්ට තායිවාන් යන්න බැරිවෙයි

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව නීති විරෝධී ලෙස තායිවානයට ගෙන යාමට සුදානම් කර තිබු  පන පිටින් පොකිරිස්සන් පෙට්ටි 9ක් කටුනායත ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී  අද අළුයම  අත් අඩංගුවට ගත් බව රේගු මාධය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත් අඩංගුවට  ගත් පෙට්ටි තුළ ජීවී පොකිරිස්සන් 683 ක් සිටි බවත්  එහි වටිනාකම  රුපියල් දාහතර ලක්ෂ නම දහසක් බවත් රේගුව කියයි. එහි බර කිලෝග්‍රෑම්  140 කි.

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ස්‍ය අපනයන සමාගමක්  විසින්   මෙම ජීවී පොකිරිස්සන් තොගය  ආහාරයට සකස් කළ මාළු ලෙස රේගුවට ප්‍රකාශ කර කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයට එවා තිබු බව රේගුව කියයි.

මේ පිළිබද රේගු පරික්ෂණය සිදු කළ රේගු ජෛව විවිධත්ව ඒකකයේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්.ඩී.ඒ.එම්.ඒ නියරේපොළ මහතා විසින් අදාල මත්ස්‍ය අපනයන සමාගමට රුපියල් ලක්ෂ හතරක් දඩයක් නියම කොට පොකිරිස්සන් තොගය ගැඹුරු මුහුදට මුදා හැරීමට නියෝග  කළේය.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධිකාරි ජයලාල් ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශණ, තිලංක සමරවීර, කිත්සිරි අතපත්තු, දමින්ද ජයසිංහ යන නිලධාරීහු සිදු කළහ.

 

 



අදහස් (0)

පොකිරිස්සන්ට තායිවාන් යන්න බැරිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site