නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
එහිදී, ඩිංගි යාත්රාවක්, තහනම් දැල් 3 ක්, පොකිරිස්සන් කිලෝග්රෑම් 1 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 3 ක් සහ මුහුණු ආවරණ 3 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඒක වැරැද්දක් වෙන්නේ කොහොමද
කිලෝග්රෑම් එකක පොකිරිස්සන් අල්ලල මේ කරපු ජෛව විවිධත්වයට හානියට හා පරිසර විනාසයට උපරිම ඇප නොදෙන රිමාන්ඩ් දඬුවම් දිය යුතුය. කිලෝ ග්රෑම් දාහක් මාළු අල්ලපු බහුදින යාත්රාවට ජනාදිපති සම්මානය දිය යුතුය.
අනේ මේ දුප්පත් මිනිස්සුන්ට කීයක් හරි හම්බකර ගන්න ඉඩ දෙන්න