(ඩයනා උදයංගනී)
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් දැනුම් දුන් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මෙම ඉඩම ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට විගණකාධිපති වාර්තාවක් මගින් දැනුම් දී ඇති බව කී අමාත්‍යවරයා එහිදී කිසියම් වරදක් සිදුවී ඇත්නම් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ද සඳහන් කළේය.
ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ලබාදීම නිසා පසුගිය රජය සමයේ කතාබහට ලක්වූ මෙම ඉඩම එය දී තිබූ සමාගමටම නව තක්සේරු වටිනාකමට ලබාදී ඇති බව කී අමාත්‍යවරයා එයට කැසිනෝ සඳහා අවසර දී නැතැයි ද කීවේය. එමෙන්ම මෙම ගණුදෙනුව කළේ කැබිනට් අනුමැතිය ඇතිව බවද ඇමතිවරයා කීවේය.
පැවති රජය සමයේ මෙය ලබාදී ඇත්තේ රුපියල් මිලියන 2785 කට බව කී අමාත්‍යවරයා වත්මන් රජය යටතේ එය දී තිඛෙන්නේ රුපියල් මිලියන 3350 කට බව ද පැවසීය.
මෙම ඉඩම ලබාගත් සමාගම පසුගිය රජය සමයේ එයට රුපියල් මිලියන 577 ක් ගෙවා ඇති අතර එම මුදල සහ ඊට අදළා පොළියේ එකතුව ලෙස මිලියන 700 කි. මෙම රුපියල් මිලියන 700 ක මුදල වත්මන් රජයට ගෙවා ඇති රුපියල් මිලියන 3350 න් අඩු කර ඇතැයි කී අමාත්‍යවරයා එසේ කළ හැකි ද යන්න ලේකම්වරයා කරන පරීක්ෂණයේ දී සොයා බලන බව ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ දෙයක් ඔයවගේම අර ජේ ආර් ජවවර්ධන ආණ්ඩුවෙන් පරණ පාලුවට ගිය පොල්වතු වෙනුවට මැති ඇමති වරුන්ට රජයේ සරුසාර පොල්වතු හුවමාරු කරලා දීපු විදිය ගැනත් පරීක්ෂණයක් කරනවානම්?
2785/125= ඇමරිකන් ඩොලර් මි 22.28 3350/155= ඇමරිකන් ඩොලර් මි 17.97
අපිව රවට්ටනන එපා. ඩොලර් වලින් එකම මුදල. ඉස්සර 125 ය දැන් 152 ය . ඔබ තුමා ඉන්ජිනියර් කෙනෙක් නේද
ඕක අහන්න හොඳම කෙනා තමයි වජිර අබේවර්ධන, එයා තමයි ඒකාලේ පැකර්ගේ යාළුවා