IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


පැකර්ට දුන් ඉඩම ගැන පරීක්ෂණයක්

(ඩයනා උදයංගනී)

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් දැනුම් දුන් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මෙම ඉඩම ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට විගණකාධිපති වාර්තාවක් මගින් දැනුම් දී ඇති බව කී අමාත්‍යවරයා එහිදී කිසියම් වරදක් සිදුවී ඇත්නම් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ද සඳහන් කළේය. 

ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ලබාදීම නිසා පසුගිය රජය සමයේ කතාබහට ලක්වූ මෙම ඉඩම එය දී තිබූ සමාගමටම නව තක්සේරු වටිනාකමට ලබාදී ඇති  බව  කී අමාත්‍යවරයා එයට කැසිනෝ සඳහා අවසර දී නැතැයි ද කීවේය.  එමෙන්ම මෙම ගණුදෙනුව කළේ කැබිනට් අනුමැතිය ඇතිව බවද ඇමතිවරයා කීවේය.

පැවති රජය සමයේ මෙය ලබාදී ඇත්තේ රුපියල් මිලියන 2785 කට බව කී අමාත්‍යවරයා වත්මන් රජය යටතේ එය දී තිඛෙන්නේ රුපියල් මිලියන 3350 කට බව ද පැවසීය. 

මෙම ඉඩම ලබාගත් සමාගම පසුගිය රජය සමයේ එයට රුපියල් මිලියන 577 ක් ගෙවා ඇති අතර එම මුදල සහ ඊට අදළා පොළියේ එකතුව ලෙස මිලියන 700 කි. මෙම රුපියල් මිලියන 700 ක මුදල වත්මන් රජයට ගෙවා ඇති රුපියල් මිලියන 3350 න් අඩු කර ඇතැයි කී අමාත්‍යවරයා එසේ කළ හැකි ද යන්න ලේකම්වරයා කරන පරීක්ෂණයේ දී සොයා බලන බව ද කීවේය.



අදහස් (4)

පැකර්ට දුන් ඉඩම ගැන පරීක්ෂණයක්

lalith Monday, 03 April 2017 05:15 PM

ඉතාම හොඳ දෙයක් ඔයවගේම අර ජේ ආර් ජවවර්ධන ආණ්ඩුවෙන් පරණ පාලුවට ගිය පොල්වතු වෙනුවට මැති ඇමති වරුන්ට රජයේ සරුසාර පොල්වතු හුවමාරු කරලා දීපු විදිය ගැනත් පරීක්ෂණයක් කරනවානම්?

:       0       51

ajith Tuesday, 04 April 2017 04:20 AM

2785/125= ඇමරිකන් ඩොලර් මි 22.28 3350/155= ඇමරිකන් ඩොලර් මි 17.97

:       0       21

lekam Tuesday, 04 April 2017 05:17 AM

අපිව රවට්ටනන එපා. ඩොලර් වලින් එකම මුදල. ඉස්සර 125 ය දැන් 152 ය . ඔබ තුමා ඉන්ජිනියර් කෙනෙක් නේද

:       16       21

lion Tuesday, 04 April 2017 09:11 AM

ඕක අහන්න හොඳම කෙනා තමයි වජිර අබේවර්ධන, එයා තමයි ඒකාලේ පැකර්ගේ යාළුවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site