ශ්රී දළදා මාලිගාව ඇතුළු පූජනීය ස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන සුරාසල් එම ස්ථානවලින් වහාම ඉවත් කිරීමටත්, එම පූජා භූමි අවට කාර් රේස් පැවැත්වීම වහාම තහනම් කිරීමටත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ය.
මෑතක දී වඩාත් කතා බවහකට ලක්වූ උපාය මාර්ගික පනත යටතේ බදු සහන ලබා දුන් කෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ‘වෝටර් ෆ්රන්ට්‘ හා ‘ලේක් ලෙෂර්‘ කැසිනෝ බලපත්‍ර දෙ වහාම අවලංගු කිරීමට ද සිරිසේන මහතා යෝජනා කර ඇත.
විදේශ සේවාවට අනුයුක්ත කර ඇති සියලු දේශපාලන පත්වීම් හා ඥාතීන්ගේ පත්වීම් අවලංගු කර විදේශ සේවයට වෘත්තීය නිලධාරීන් හා සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් පත් කරන බවත්, ත්‍රස්තවාදය පරාජය කිරීමේ ක්‍රියාවලියට අදාළව මේ රටේ කිසිදු පුරවැසියකුට හිරිහැර කිරීමට හෝ අත තැබීමට හෝ කිසිදු ජාත්‍යන්තර බලවේගයකට ඉඩ නොතබන බවත් ඔහු කියයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට සුවිශේෂී පුනරුත්තාපන මධ්‍යස්ථාන පිහිටුවන බවත්, දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සියයට අසූව දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියයි.
රටේ සිදුවන බව කියන මෙගා දූෂණය නවතාලීම මගින් පමණක් පසුගිය වසර හය තිස්සේ සිදුවූ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් රටට ලබා දීමට කටයුතු කරන බව කියන සිරිසේන මහතා මෙතෙක් කළ ව්‍යාපෘති ඇගැයීමට ලක් කර එහිදී සිදුවූ බව කියන තාක්ෂණික වංචාවලට වගකිවයුත්තන්ට දඩුවම් දෙන බව ද පවසයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අයවැයෙන් දැනට වෙන් කරන සියයට 1.8 සියයට තුන දක්වා ඉහළ දැක්වීමට ද, රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකය රාත්‍රී 10 දක්වා විවෘත කර තැබීමට ද, නව ආයුර්වේද පනතක් ගෙන ඒමට ද සිරිසේන මහතා යෝජනා කර ඇත.
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිශ්පාදනයෙන් දැනට වෙන් කරන සියයට 1.7 ක ප්‍රතිශතය සියයට හය දක්වා වැඩි කිරීමටත්, මහපොළ රුපියල් පන් දහස දක්වා ඉහළ දැමීමටත් යෝජනා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ දිනුම අනිවාර්යයි.(හේ)
මම සිතන්නේ මෙතුමා ජනාධිපති වුණාම සාධාරණ, සාමකාමී රටක මැරයන් සහ කුඩුකාරයන් නැති, එතනෝල් වස විස නොමැති රටක ජීවත්වීමේ වරම් අපිට ලැබේවි කියායි (නි)
ඍණ ආර්ථිකයක් අරගෙන මෛත්‍රිපාල මහත්තයාට සැහෙන්න මහන්සිවෙනවා රට ගොඩ ගන්න. (බ)
තිලක්, ඩුබායි වලට වෙලා ඉන්න. අපි අපේ රටේ දේවල් බලාගන්නම්. කළ හරිය අපිට පේනවා. (නි)
රටේ මිනිස්සු කියන ආකාරයට සාක්ෂරතාවයෙන් පොහොසත් නම් අනිවාර්යයෙන්ම ඔබ ජයගන්නවා සිකුරුයි.(හේ)
අපෙ ආර්ථිකය ලෙඩවෙලා ඒක සුවපත් කිරීමට ඔබතුමට හෑකි වේවායි පතමි. (බ)
රටේ සම්පත් තමන්ගේ බුදලයක් යයි සිතන කුමාරවරු රජවරුන්ගේ බහින කලාව පෙන්නුම් කරනවා. (හේ)
ඇත්තටම ඒ වැඩේනම් වැදගත්.ප්‍රථමයෙන් ඒ වැඩ පිළිවෙල ක්‍රියාවට නංවන්න.(හේ)
වෙනත් ආගමි වල අයත් මාලිගාව අසලින් යනකොට ගරු කටයුතු ලෙස යන්නේ. ඒකට අපේ රටේ බුද්ධාගම ආරක්ෂා කරන්න කියලා භාර දීපු කට්ටිය එතන රේස් පදිනවා. (දිල්)
ගුණපාල,මේක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන දෙයක් (නි)
ඔබේ දරුවාට රටක් ඉතිරි වෙන්න ඕනෑ නම් මෛත්‍රීට ඡන්දය දෙන්න (දිල්)
බිමල් හරි. මේවා අපි කාටද කියන්නේ....? (නි)
මම මෙච්චාර දවසක් හිතාගෙන හිටියේ විශ්වකර්මය ඉන්නේ දිවය ලෝකේ කියල..බැලුවම මේ අපේ අතේ දුරින්නේ මෙච්චර දවසක් හැංගිලා ඉදල තියෙන්නේ..ආයේ චේතිය රජ්ජුරුවෝ ඉපදිලා ..9 වෙනිදා වෙනකම් බොරු කියන්නේ.(හේ)
ඇත්තටම මේවා කරන්න පුළුවන්ද? (නි)
ඒ කියන්නේ 9න් පස්සේ අපේ දරුවන්ට රටක් ඉතුරුවෙන්නේ නැහැ කියලද?(හේ)
මෛත්රීපාල සිරිසේන මැතිතුමා අවංක පුද්ගලයෙක්.ජනවාරි 8 වැනිදායින් පසු යහාපාලනයක්.ඔබතුමාගේ දිනුම ස්ථීරයි.තෙරුවන් සරණයි..!(හේ)
ඔය දළදා මාලිගාව ඉස්සරහ ඇරෙන්න ඔය කාර් රේස් වලට මේ රටේ වෙන තැනක් නැද්ද . මේවා තමන්ට වස් දොස් එන වැඩ .!(හේ)
රේස් පදින එකනම් අවුලක් නෑ.ඒත් දළදා මාලිගාව ඉදිරිපිට නැතුව.(හේ)
කැසිනෝ ආවා කියන්නේ ලංකාවේ තරුණ තරුණියන් විනාශ වෙනවා.(හේ)
මේ වගේ වැඩ ගොඩක් හොදයි බටහිර රටවලට.(හේ)
ලංකාවේ සංස්කෘතියට මේ දේවල් ගැලපෙන්නේ නෑ.(හේ)
හොඳ තීරණයක්. (නි)
මෛත්රීපාල සිරිසේන මැතිතුමා අවංක පුද්ගලයෙක්. ඔබ තුමාගේ දිනුම ස්ථීරයි. තෙරුවන් සරණයි..! (ර)
මට මතක හැටියට නම් ආණ්ඩුව ජේම්ස් පැකර්ගේ කැසිනෝ දෙකම දැනටමත් නවත්තලානේ. ඉතින් තව මොකක් නවත්වන්නද.? (නදී)
නියමයිනේ. ජයවේවා! (නි)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන මොකද කියන්නේ කියලා දැනගන්න කැමතියි. (හේ)
මම නම් ජයවේවා කියන්නේ ටිකක් කල් අරගෙන යන්න ඉඩ ඇරලා. එතකොට ජයවේවා හෝ අපි කරගත්ත මෝඩකම කියල කියනවා. (නදී)
මොනවා කළත්, මොනවා වුණත් හොඳයි කියලා කියන අයට වැඩිය දැන් ඉන්නේ බුද්ධිමත් ජනතාවක් (නි)
මොනවා කළත්, මොනවා උනත් හොඳයි කියන ජනතාවට වැඩිය දැන් ඉන්නේ බුද්ධිමත් ජනතාවක් (නදී)
අපේ රට මුලසිටම හදන්න ඕනෑ. සමහරුන්ගේ තිබෙන මේ රස්තියාදු මානසිකත්වය නැතිකරන්න ඕනෑ. (නි)
වීරසිංහ, ඇත්තටම මේ ආණ්ඩුව නාස්තිකර තිබෙන මුදල් ගැන හිතා බලනකොට මේවා කරන්න පුළුවන්. (නි)
ඉන්දික, ඍණ ආර්ථිකය කෙසේවෙතත්, මේ ආණ්ඩුව අරගෙන තිබෙන ණය ප්‍රමාණය ගෙවන්න අපේ දරුවන්ගේ දරුවන්ටත් බැරි වේවි. (නි)
මේ දේශපාලකයෝ ඔක්කොම පොරොන්දු දෙන්න රුසියෝ. මම කියන්නේ දෙපැත්තේම අය ගැන. එත් කියන දේවල් හරියට පුස්ස බින්දා වගේ තමයි. (නි)
විදේශ කටයුතු සඳහා විශ්ව දේශපාලනය ගැන දැනීමක් ඇති බුද්ධිමතුන් පත්කළ යුතුයි (නි)
එසැණ පාඨකයෝ අපි හැමෝම එකතුවෙලා ජනවාරි 9 වෙනිදාට බන්දුල පෙරේරා ගැන හොඳින් බලාගනිමු (නි)
80%ක් නෙමෙයි. මේ රටේ සිගරැට් සම්පූර්ණයෙන් තහනම් කරන්න, අරක්කු තහනම් කරන්න. ඒකනේ හොඳම ප්‍රතිපත්තිය. (නි)
සරත්, කොහෙද සෘණ ආර්ථිකයක් තියෙන්නේ? පොතක් පතක් කියවලා දැනුම ටිකක් වැඩිකර ගන්න. පාට කණ්ණාඩි දාගත්තහම සමහරුන්ට උන් හිටි තැනුත් අමතකයි. (නි)
එතකොට දැන් ලංකාවේ තිබෙන කැසිනෝ වලට මොකද කරන්නේ? (නි)
දැනටම රටට කරලා තිබෙන සංවර්දනය හොදටම ප්‍රමාණවත්.ඔබ ඔබගේ දරුවා ගැන/දරුවාගේ අනාගතය ගැන හිතලා ඡන්දය දෙන්න.(හේ)
බොහොම හොද ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. ක්‍රියාවට නගන්න ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.! (ර)
මෙතුමා දැන් ඇලඩින්ගේ පුදුම පහන වගේ, ගිය ගිය තැන පොරොන්දු දෙනවා, දෙන පොරොන්දු මොනවද කියලා මතක තියේද දන්නේ නැහැ. මෙතුමාගේ අරමුණ ඕනෑම පොරොන්දුවක් දීල බලය ලබගැනීමයි. නමුත් මෙය දුර්වලතාවයක් මොකද ප්‍රබල පරිනත අපේක්ෂකයෙක් සමග තරගයකදී (බ)
අන්‍යාගමිකකරණයත් නවත්වන්න (බ)
මෙන්න නියම වැඩ, පට්ටයි (බ)
විදේශ තානාපති කාර්යාල මණ්ඩල ගැන ඔබතුමාගේ අවධානය යොමු වීම ඉතා හොඳයි. සමහර අයගේ වැඩ කටයුතු දැක්කම මොන සුදුසු කමක් සැලකිල්ලට ගෙන ,ඒ රාජකාරි පැවරුවාද කියල උඩ ඉන්න දෙයියෝ විතරයි දන්නේ. (බ)
අද වෙන මහා පරිමාන දුෂණය නැවැත්තුවොත් මේවා කරන එක සුළු දෙයක්. (බ)
රටේ දළ දේශීය ආදායම ගත්ත ණය සහ පොලිය ගෙවන්නත් මදි වෙලා ඒකටත් ආයෙමත් ණය ගන්න වෙන ආර්ථිකයක් තමා මෛත්‍රිපාල මහත්තයාට බාරගන්නේ වෙන්නේ. (බ)
ලෝකේ ණය නැති රටක් නැ. ඇමෙරිකාව, ප්‍රංශය, ආදී හැම රටකම ණයයි. (ර)
තානාපති කාර්යාල මණ්ඩල වල වැඩ කරන සමහරු නිසා අපේ විදේශ සේවාවේ ගුණාත්මක භාවය ගිලිහිලා. ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රිත ලිපියක් තේරුම් ගැනීමට බැරි අයත් මේ එක්කම ඉන්නවා. (ර)
වැඩිය නෙවෙයි ඥාති සංග්‍රහ නවත්තලා රටේ තනතුරු වලට සුදුස්සන් පත් කලොත් එතැනින්ම ප්‍රශ්න වලින් භාගයක්ම ඉවරයි. එතකොට ඒ උදවිය අඩු ගානේ පඩියටවත් වැඩ ටික කරාවි. (නදී)
ඔවු සෑම්, ඊට පස්සේ එයා කියයි ගිය ආණ්ඩුව ගත්තු ණය ගෙවන්න තියන නිසා මට බදු මිල අඩු කරන්න බෑ, කරුණාකරලා පටි තද කරගන්න කියලා (නදී)
කියන ඒවා අමතක නොවේ නම් කරන්න බැරි කමකුත් නැහැ. (නදී)
ඔබතුමා ඉස්සෙල්ලා මැතිවරණය දිනාගන්න. ඉන්පසු කරන්න සිතන දේවල් කියන්න. එක තමා හරි. මොකද රුප පෙට්ටිවලින් ඔබතුමාගේ කතා අහපු අපි ඔබතුමා ගැන සතුට වුනා වගේම ප්‍රශ්නාර්තයකුත් ඇතිකරගත්තා. ඒ ඔබතුමා ප්‍රකාශ කළ දේවල් දින දෙකකදී " මම කිවුවා කියලා හිතං කියන්නේ මට පිස්සුවට එහෙම කියනවද.?" සහ " මම කිව්වද කියලා හිතං මට නං මතක නැහැ " ආදී වශයෙන් ප්‍රකාශ කිරීම නිසාය. මෙලෙස කිවේ ඔබතුමාට අපේ කැමැත්ත තිබෙන නිසාය. (හේ)
ඕන තරම් හොඳ ධාවන පථ තියෙනවා. ඒවගේ කාර් රේස් තියන්ඩ. නැට්ටුක්කාරියෝ ගෙනත් දළදා හාමුදුරුවෝ ඉස්සරහ නටවන්ට ඕනේ නෑ. මේවා කළ වැරදි වලට එන හෙන. බේරෙන්ඩ අමාරු හැඩයි. මෙත් වඩමු. (බ)
ඔබ තුමාලගේ ප්‍රතිපත්ති මාලාවේ ඵලය නම් එලම තමා .අරටුවට ගුල්ලෝ ගහල වගේ පේනවා ..(බ)
අන්න අන්න... ඉතින් ඕකනේ කියන්නේ..! (නි)
මෙහෙම ගියොත් අනුරාධපුරයේ අටමස්ථානයෙත් රේස් තියයි.(හේ)