ශ්‍රී ලංකාවේ කැසිනෝ හල ඉදිකිරීමේ කටයුතු නවතා දැමූ බව ඕස්ට්‍රේලියාවේ කැසිනෝ රජා වන ජේම්ස් පැකර් කියයි.
ඕස්ට්‍රේලියාවේ මල්බන් නුවර ඔහුගේ කාර්යාලයය කියනුයේ ක්‍රවුන් රිසෝට්ස් ආයතනය ශ්‍රී ලංකාවේ තීරණයට ගරු කරන බවයි.
ඒ අනුව තම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොයන බව ද ක්‍රවුන් රිසෝට්ස් ප්‍රකාශිකාවක කියන්නීය.
ක්‍රවුන්ස් රිසෝස් හිමිකරු ජේම්ස් පැකර් නම් ධන කුවේරයෙකි.
ඩීආර් විජයවර්ධන මාවතේ කැසිනෝ හලක් ඉදිකිරීමට පැවැති රජය බදු සහන ලබා දී තිබිණි.
ඔහුගේ වත්කම් ඕස්ට්‍රේලියා ඩොලර් කෝටි 719කි. (ඇමැරිකා ඩොලර් කෝටි 660කි) (රුපියල් කෝටි 87120)
2006/2007 ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයා වූයේ ඔහුය.
ඕස්ට්‍රේලියාවේ විශාලතම කැසිනෝ හිමිකරුවකු වන ඔහු මැකාවූ දූපත, පිලිපීනය හා තවත් රටවල් ගනනාවක කැසිනෝ හල් පවත්වයි.
ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවේ ක්‍රමෝපාය සංවර්ධන නමින් පනතක් ද සම්මත කර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩියම දුක්වෙනවා ඇත්තේ කවුද කියලා අපිට නම් තේරෙනවා (නි)
කැසිනෝ රජා පැකර්ද ? (බ)
අපරාදේ! (නි)
කැසිනෝ එපා කිවුවට ඔක්කොම හරියන්නේ නැහැ (නි)
කැසිනෝ නැතිවුණාට ලංකාවට පාඩුවක් වෙන්නේ නැහැ. කැසිනෝ නිසා ඕස්ට්‍රේලියාවට හෝ ජනතාවට හොඳක් වෙලා නැහැ. සූදුවට පිරිමි ඇබ්බැහි වෙලා පවුල් අනාථ වෙනවා. (නි)
ලංකාවට තමයි පාඩු! (නි)
කැසිනෝ කියන්නේ එතරම් නරක දෙයක් නෙමෙයි කියන එකයි මගෙ අදහස. කැසිනෝ යන කෙනා කොහේහරි ඔට්ටු අල්ලනවා. කැසිනෝ වලින් ලැබෙන ආර්ථික වාසි බොහොමයි. (නි)
ඕක පොඩි පාඩුවක්. දැන් අපි වෙන දේ බලාගෙන සිටිමු. (නි)
කැසිනෝ ගහන්නේ කොමිස් ගහන ආගමක් ධර්මයක් නැති අයයි. දේශප්‍රේමී ලේබලය අලවාගෙන ලංකාවේ සල්ලි ටික ජාවාරම්කරුවන්ට දෙන්න අපේ මිනිස්සු ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. ජීවත් වෙන්න කරන්න ඕන රස්සාවල් බුදු දහමේ සදහන් කරලා තියෙනවා. ඒ අතරෙන් නොකළ යුතු ව්‍යාපාර ගණයට කැසිනෝ වැටෙනවා. ඇයි කැසිනෝ නැති වුණාට අපේ රටේ වෙන රස්සාවල් නැද්ද? (දිල්)
රටේ සල්ලි පිට රටට ගලායන 'කැසිනෝ' අපිට මේ අවස්ථාවෙදි වැඩක් නෑ. පැකර්ගෙ කැසිනෝ දැම්මා කියලා වෙන්නේ අපේ රටේ සල්ලි වලින් මිනිහගේ ඕස්ට්‍රේලියන් ගිනුම් තරවෙන එක. අපිට ඔනෑ කර්මාන්තශාලා වගේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජන. කැසිනෝ ගේමු. අපේ රට මැලේෂියාව, සිංගප්පූරුව තරමට දියුණු උනහම. (නදී)
රටේ ඉන්න මිනිසුන්ට තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් අන්තර්ජාලයෙන්වත් බලන්න බැරිද රටේ ලෝකේ මොකද වෙන්නේ කියලා? කැසිනෝ එපා කියලා කෑ ගහනවා, මොකද්ද කියලාවත් දන්නේ නැතුව! (නි)
බුදුදහම පැත්තෙන් බලන කළ සූදුව වගේම මද්‍යසාරය ද රටේ තිබිය නොහැක. මේ සියලු දේවල් බුදුහාමුදුරුවෝ වැඩ වසන කාලයේ ඉන්දියාවේ තිබුණා.(දිල්)
අපරාදේ අර අය වැය යෝජනාවෙන් ගෙන ආ කෝටි ගණනක බදු මුදල දැන් අය කර ගන්න විදියක් නැහැ නේද අය වැය පියවා ගන්න? (නදී)
කැසිනෝ පනත සම්මත කිරීමට අත උස්සපු මන්ත්‍රී වරුන්ට හෙන 7 ම වැදියන්. ලංකාව සුදුවට පුරුදු කරන්න දැඟලුවට. මහින්ද ගෙදර ගියේ මේක නිසා (නදී)
කැසිනෝ වලට අපිත් කැමති නැහැ. නමුත් 1980 ගණන් වල කැසිනෝ පටන් ගත්තහම නිකන් හිටි අය දැන් කෑගහන්නේ ඇයි කියලයි මේ අහන්නේ. ඒවා තාමත් හොඳට යනවා. ඒවා ගැන කතා නැත්තේ මොකද? (නි)
කොහොමහරි ලංකාවට ලොකු පාඩුවක් වුණා කියලා නම් හිතෙනවා. රැකියා ගොඩක් අහිමි වුණා. සුදුගහන කෙනා කොහෙහිටියත් ගහනවා (නි)
අනේ සාරා දැන් කැසිනෝ නවතීවි කියල හිතනවද. පැකර් අාවත් නැතත් ලංකාවේ කැසිනෝ නවතින්නේ නැහැ. එ්ක තේරුම් ගන්න. (නදී)
මෙතන තව දෙයක් සිදුවෙනවා. හොඳ හෝ නරක වෙනම දෙයක්. නමුත් පැකර් කියන්නේ ලෝකයේ ඉතා විශාල බලගතු ආයෝජකයෙක්. ඔහුගේ ක්‍රියාවලීන් අනුගමනය කරන විශාල කොටසක් සිටිනවා. මේ නිසා යම් කලකට අපේ රටට විදේශ ආයෝජන ඒමේ බලපෑමක් සිදුවිය හැකිය. මේ කියන්නේ කැසිනෝ වලට ආදරයෙන් නොවේ. ආර්ථිකයට වියහැකි අනෙක් බලපෑම් හිතලයි. (නි)
කැසිනෝ රජා ඩඩ්ලි සිරිසේන මොකද කියන්නේ? ඇයි දැනට ලංකාවේ තියෙන කැසිනෝ වහන්නේ නැත්තේ? (නදී)
පැකර් කැසිනෝ දැම්මා නම් ඒ මුදල් යන්නේ එයාට මිසක් අපිට නෙමෙයි. අපට ලැබෙන්නේ සුලු ආදායමක්. රටක ආයෝජනය ඵලදායි වෙන්නේ කර්මාන්ත සඳහා යෙදවූවිටයි.එතකොට තමයි රටක නිෂ්පාදනය වැඩිවෙන්නේ. (නි)
කැසිනෝ බදු දැන් අය කරගන්නේ කොහොමද ? ඉදි රියට අය වැය කොහොමද පියවන්නේ? (හේ)
කැසිනෝ ගහන්න යන්නේ දුප්පතුන් නොවේ. ඒවාට යන්නේ මිල මුදල් තියෙන ධනවතුන්. එයාලා විනෝද වෙන්න ඒ වගේ තැන්වලට යනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපේ රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සදහා කැසිනෝ තිබිය යුතුම දෙයක් හැටියට මම දකිනවා. එහෙම නැතිනම් ඒවා තියෙන රටවල් කරා සංචාරකයන් ඇදී යාවි. එහෙම වුනොත් අපිට ඒක හානිකරයි.(හේ)
රට බේරාගත් ජන නායකයින්ට දීර්ගායු ලැබේවා (දිල්)
මේවා සින්ගපුරුවේ තියෙනවා. ඉතාම හොඳින් ක්‍රියාත්මකයි. මෝඩයෝ වගේ බනිනවා. අපරාදේ ආයෝජනය! (හේ)
ඔය කැසිනෝ දැම්මා කියලා ඕවට පොඩි අපි යන්නේ නැහැනේ! (නි)
මේකේ ප්‍රතිචාර බැලුවහම කැසිනෝ වලට, ගණිකා ව්‍යාපාරයට උඩගෙඩි දෙන අයත් ඉන්නවා කියලා හිතෙනවා. (නි)
කැසිනෝවලට අපි විරුද්ධයි. ධනවත් විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමටනම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කළ යුතුයි. ජේම්ස් ෆැකර්ගේ හෝටල් ව්‍යාපෘතියට අමුතුවෙන් කැසිනෝ බලපත්‍ර ලබා දුන්නේ නෑ. (හේ)
ගම්මානවල කොල්ලෝ ඔය සුදුවට කවදාවත් ගියේ නැහැ. ඕවාට ගියේ ලොකු මුදාලලිලා. (නදී)
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කසනෝ, කසනෝ කියනවා. (නදී)
මේ තහනම මිනිසුන්ට තියෙන ආදරයට කල දෙයක් නොවේ. මේ ගනුදෙනුවේ අතරමැදිය එක්ක තිබෙන තරහකට කල දෙයක්. සාමාන්‍ය ජනයා නොදන්නවට, රටේ හැම තැනම පොහොසත්තුන් පෝය දවසට එක්තුවෙලා බුරුව ගහනවා. කෙතරම් රැකියාවන් අහිමි උනාද. රටට ලැබෙන බදු අදායම නතර උනා. මේ ලියන සමහරක් කැසිනෝ මොන පාටවත් කියල දැකල නැහැ. අනික මිනිසුන් පන්සිල් පද කඩන එක ගැන බලන්න, රජය දරන උත්සාහය වැරදියි. මුළු රට පුරාම ගහක් ගලක් යට රේස් බුකි තියෙනවා. (නදී)
දහම් ඔබ හරි (නදී)