දොඩම්ගොඩ දී පහර කෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගැනීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පොලිස් මූලස්ථානය කියයි.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතියේ 162වැනි රීතියට අනුව තොරතුරු ලබා ගත යුතුව ඇති බවත්, එම තොරතුරු රැස් කර ගැනීමෙන් පසුව ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත හැකිද නොහැකිද යන්න තීරණය කළ යුතුව ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා විසින් කොස්තාපල්ට ලිඛිතව දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පී.සීගේ ඉල්ලා අස්වීම තාම බාර ගෙන නෑ
ප්‍රනාන්දු Thursday, 10 July 2014 03:34 PM
මෙයාව පොලියේ අදිකාරී තනතුරට උසස් කරන්ඩ. නීතියට කරන ගෞරවයක්.(අ)
චමින්ද Friday, 11 July 2014 07:01 AM
දැන් මේ පොලිස් නිලධාරියාටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට වගේ තැනක් තියෙනවානේ.පහුගිය දවස් වල මන්ත්‍රී කෙනෙකුගේ ඉල්ලා අස්වීම පක්ෂ නායකයෙක් බාර ගත්තේත් නැහැ නේද? (නි)
සුරම්‍යා Friday, 11 July 2014 08:53 AM
කාලකන්නි දේශපාලකයෝ ටික ඉන්නකම් අපේ රටට හොඳක් වෙන්නේ නැහැ. (ස)
චාමර Thursday, 10 July 2014 10:39 PM
මොකද ප්‍රමාද? (නි)
නිශාන්ත Thursday, 10 July 2014 10:39 PM
මේ රටේ අවශ්‍ය විදියට එයාලට හොරකම් කරන්න නොදුන්නොත් වැරදියි වෙන්න ඇති (නි)
සඳුන් පෙරේරා Saturday, 12 July 2014 06:02 AM
මේ අයට දැන් තියෙන ප්‍රශ්නය තමයි මොහු කොන්ද ඇති බව පෙන්වීම. ඒක අනෙක් පොලිස් නිලධාරීන්ට ආදර්ශයක් වෙනවට පොලිසිය කැමති නෑ. හැමදාම හැමකෙනාම දෙකට නැමිලා ඉන්න කියල තමයි කියන්නේ. (අ)
සේරම් Friday, 11 July 2014 03:23 AM
මුළු පොලිස් දෙපාර්තුමෙන්තුවටම ඉන්න එකම ගට්ස් තියෙන පොලිස් නිලධාරියා කියල ඉතිහාස ගතවේවි. (නදී)
කසුන් Friday, 11 July 2014 03:45 AM
සපුනිකා (කැකිල්ලේ තීන්දුවක් නැතුව තනතුරින්වත් උසස් කළොත් නීතියට කරන ලොකු ගෞරවයක් වේවි. එතකොට අනිත් පොලිස් නිලධාරීනුත් නීතිය අකුරට කරාවි.) ඔයාගේ වගේ අදහස් තියෙන අය දැන් නෑ. අවංක අයට තැනක් නෑ, දැන් රටේ. මමත් රජයේ රැකියාවක් කරන්නේ. මෙහෙත් එහෙම තමයි. මට එපා වෙලා තියෙන්නේ. (නදී)
මාලිකා Thursday, 10 July 2014 12:07 PM
දැන්නේ දැනගත්තේ මේ අලුත්ම පුවත.... (නි)
චමින්ද Thursday, 10 July 2014 12:07 PM
ඇයි ඕක කියන්න ඔච්චර කල් ගත්තේ? ලියුම එවලා ටිකක් කල් නේද? (නි)
ඇන්ටන් Thursday, 10 July 2014 12:19 PM
අවංක සේවය වෙනුවෙන් ඔහුට උසස්වීමක් දී සේවයේ තබා ගැනීමයි කළයුත්තේ. අවාසනාවට ශ්‍රි ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
හැරිසන් Thursday, 10 July 2014 12:38 PM
දැන් එම නිලධාරියාට තියෙන්නේ සියල්ල අමතක කරලා පාඩුවේ ඉන්න (නි)
සෝමා Thursday, 10 July 2014 12:40 PM
මෙතුමාට දැන් තිබෙනවා ඔන්න හොඳ අවස්ථාවක් (නි)
සමරතුංග Thursday, 10 July 2014 12:42 PM
මෙයයි යථාර්ථය... (නි)
රුවන් Thursday, 10 July 2014 01:04 PM
මොකද දන්නෙ නැහැ නේද ප්‍රමාද? (නි)
සපුනිකා Thursday, 10 July 2014 01:05 PM
ඔහු පගාව නොගෙන නීතිය හරියාකාරව කිරීම නිසා ඔහුට ගැටලු ගොඩයි. කැකිල්ලේ තීන්දුවක් නැතුව තනතුරින්වත් උසස් කළොත් නීතියට කරන ලොකු ගෞරවයක් වේවි. එතකොට අනිත් පොලිස් නිලධාරීනුත් නීතිය අකුරට කරාවි. (නි)
සෙනෙවි Friday, 11 July 2014 05:22 AM
ඉල්ලා අස්වීම භාර ගන්න බැරි නම් සේවය හැර ගියොත් මොනවා කරන්නද ? (නදී)
තිලක්-ඩුබායි Thursday, 10 July 2014 01:55 PM
මෙවැනි එක පොලිස් නිලධාරියෙක් හෝ සිටීම ගැන සතුටු වෙනවා. (නි)
මහීපාල Thursday, 10 July 2014 02:19 PM
රජරට කොල්ලෙක් පාඩමක් ඉගැන්නුවා එහෙනම්? (නි)