ගාල්ලේ මාපලගම තල්ගස්වල දී කොස්තාපල්වරයකු යටකරගෙන ගිය බව කියන යතුරුපැදිකරුවකු හා ඔහුගේ සඟයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. බයිසිකලය නවත්වන ලෙස අණකළ අවස්ථාවේ කොස්තාපල්ගේ ඇඟට කපා හප්පා ධාවනය කැර ඇතැයි ද කොස්තාපල් කරාපිටිය රෝහලට ඇතුලත්කැර ඇතැයි ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා ඔබතුමාගේ අදහස මසුරන්. ඔබතුමා කිව්ව අර වරදක් නොකරා කියල ඔප්පු කරන්න බැරි කමනං හරිම කනගාටුදායකයි . (දී)
බන්දුල පෙරේරා මහත්තයා, කාලෙකට පස්සේ වුණත් අද නම් වටිනා අදහසක් ලියා තිබෙනවා. මමත් ඒ අදහස අනුමත කරනවා. (නි)
දැන් පොලිසියට බනින අය මොනවද මේ ගැන කියන්නේ (දී)
නැවත්තුවොත් වෙඩි කන්න වෙයි කියල බය හිතෙන්න ඇති (දී)
මේ පි සි අත ඒ වෙලාවේ තුවක්කුවක් තියෙන්න නැතුව ඇති.එකනේ මේ අයියලා ටික වැඩ දාල ගිහින් තියෙන්නේ.(දී)
පොලිසියට ඇයි මෙච්චර අපල? (නි)
මේ වෙලාවේ පෞද්ගලික තරහාවල් පිරිමහන්න එපා (දී)
පසුගිය සිදුවීම් වලට අනුව මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කර බලන්නට සිතේ (නි)
අනේ මන්දා! නීතිය කරලත් බැහැ නොකරත් බැහැ. පොලිසියේ රාළහාමිට ඉක්මන් සුවය ලැබේවා! (නි)
නැවත්තුවොත් වෙඩි කන්න වෙයි කියල බය හිතෙන්න ඇති. මොකද කෙලින් උන්නොත් නේ වෙඩි තියන්නේ. මේකේ තියන ප්‍රශ්නේ ඔය පාරේ ඉන්න රාළහාමිලා තුන් වේලම කන්නේ පාරේ යන වාහන වලින් ගන්න ජරාව දීල. වැඩිය ගත දාට අඩියකුත් ගහනවා. අඩිය වැඩි උන දාට තමයි වෙඩිත් පත්තු වෙන්නේ. අනෙක තුවක්කු තියෙන්නේ කොස් කොටන්නද? (ස)
වටපිට පොඩ්ඩක් බලන්න. සමහරවිට වෙඩි වැදී තුවාල වුණු කෙනෙක් ඇති. (ස)
කොස්තාපල් පුණ්‍යසෝම, මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වනු.....(දී)
අප්පට සිරි මෙයාට තුවක්කුව ගන්න වෙලා යන්න ඇති. පවු අනේ(දී)
ලංකාවේ තියෙන්නේ මාර්ග නීති උල්ලංගනය කිරීම වලක්වන ක්‍රමයක් නෙමෙයි උල්ලංගනය කරන්න දීල අල්ලලා ඊට පස්සේ රාලහමිටයි රජයටයි ගානක් හම්බ කරගන්න ක්‍රමයක් මිනිස්සු රාස්තියදු වෙන්න කැමති නැති නිසාත් තමන් වරදාක් කලේ නැහැ කියල ඔප්පු කරන්න ක්‍රමයක් නැති නිසාත් අපේ රාලහමිලට ට්‍රැෆික් රාලාහාමි කෙනෙක් වෙනවා කියන්නේ ඉල්ලමක් පැදුන වගේ තමයි. කාර් ගන්න විතරක් නෙමෙයි ගිනි තියල ඇමෙරිකාවේ දේසපාලන රැකවරණ ඉල්ලන්න තරම් ට්‍රැෆික් රාළහාමිලා දැන් දියුණුයි.හැංගිලා ඉදල පාරට පනින ක්‍රම නතර කරලා රාළහාමිලා පාරේ පේන්න ඉන්නවනම් මිනිස්සු මෙයිට වඩා ප්‍රවේසමෙන් වාහන එලවයි.ඒ වගේම කල වැරැද්දට රස්තියාදු නොවී දඩ කොලය ගෙවන්න ක්‍රමයක් සකසනවානම් මිනිස්සු ජරාව දෙන එක නතර වෙලා රජයට ලැබෙන ආදායමත් වැඩි වෙයි.(දී)
යතුරු පැදියෙ ආපු අය ආයුධ හන්ගනව වෙන්න ඇති පසු කාලෙක පෙන්නන්න. (ස)
බන්දුල මහතා අද තමා වැදගත් හරි දෙයක් ලියා තියෙන්නේ. (නි)
අනේ මන්දා! පොලිසියට නම් බොහොම අපලයි වගේ (නි)
සමහරවිට පොලිස් නිලධාරිය යතුරුපැදිය නවත්වන්න හිතාගෙන එකපාරටම පාරට පැන්නද දන්නෙ නැහැ (නි)
පවු! ඔහු රාජකාරිය කරන්නනේ ගියේ (නි)
ඔහුට ඉක්මන් සුවය ලැබේවා! (නි)
දැන් මිනිසුන් නීතිය ගැන සැළකීමක් නැද්ද? (නි)
පීසීට කරදරයක් නම් නොවේවා! (නි)
යට කරගෙන ගියා නම් ආයේ බලන්න දෙයක් නැහැ . පිටරට ඉඳලා නිවාඩුවකට ඇවිත් විනෝදයට මෙහෙ මෝටර් සයිකල් පදින බලවතෙකුගේ පුත්‍ර රත්නයක් වෙන්න ඇති (නි)
රාජකාරිය හරියට කරන්න යන නිලධාරින්ට මේ කාලය හරිම අපලයි වගේ. (නි)