කොස්තාපල්වරයකුටද ත්‍රිරෝද රියදුරකුට හා කාර් රියදුරකුට තුවාල කළැයි කියන විසි දෙහැවිරිදි ඉංජිනේරු ශිෂ්‍ය ජේ .රුක්ෂාන් රාජපක්ෂ ගංගොඩවිල මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් සිකුරාදා (30) තෙක් රිමාන්ඩ් කළේය.
නුගේගොඩ ජුබිලි කණුව අසල වට රවුමේදී වැරැදි ලෙස රිය ධාවනය කළ බව කියන ඉංජිනේරු ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට ගිය කොස්තාපල් රියට යට කිරීමේ අරමුණින් ක්‍රියා කිරීමේදී ඔහුගේ රිය ත්‍රිරෝද රයකද කාරයකද හැපී ඇත.
ඉංජිනේරු ශිෂ්‍යා නොනවත්වා රිය ධාවනය කරද්දී කොස්තාපල්වරයා කාරයේ එල්ලී ටික දුරක් යද්දී ඔහු මහ පාරේ ඇද වැටුණු බවත් සිද්ධිය දුටුවෝ කියති.
තිදෙනාම කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට දඩුවම් දිය යුතුමයි.(හේ)
මෙයාටනම් හොද දඩුවමක් දිය යුතුයි.(හේ)
මේ රටේ වාහන පදවන වැඩිදෙනා ඉතාම ද්වේශයෙන් ඒක කරන්නේ... සියලු රියදුරු බලපත් හිමියන්ට අනිවාර්ය මානසික සංවර්ධන වැඩසටහනක් කළයුතුයි.(දිල්)
මූ නම් ඉංජිනේරු සිසුවෙක්ම තමයි (බ)
නමේ ප්‍රශ්නයක් එහෙම නොවෙයි නේද ?(දිල්)
මෙයා මැදමුලන කොල්ලෙක් එහෙම නෙවයි නේද?(දිල්)
මෙයත් රාජපක්ෂ කෙනෙක් නේ...(බ)
මේ තරුණයත් සමාජයේ කිසිම වගකීමක් නැතිව නීතිය තමන් අතට අරගෙන ජීවත් වෙන කෙනෙක් කියල පේනවා . (දිල්)
කවුද මේ කාර් රේස් එකකට පුරුදු වෙන කෙනෙක්ද දන්නේ නෑ නේද ?(දිල්)
මෙහෙමද පාරේ යන්නේ (දිල්)
මේක මේ කාර් රේස් එකේ ගිය ගමනක්ද කොහෙද ? (දිල්)
කාගේවත් ඥාතියෙක් එහෙම නෙවෙයි නේද ? පළාතම යට කරගෙන ගිහිල්ල නිසා ඇහුවේ. (දිල්)
දේසපාලන හෝ තාත්තාගේ මුදල් බලේ වැළදුන දරුවෙක්. මේක දැන් බෝ වෙන රෝගයක් ද කොහෙද... (හේ)