කොස්තාපල්වරයකුටද ත්‍රිරෝද රියදුරකුට හා කාර් රියදුරකුට තුවාල කළැයි කියන විසි දෙහැවිරිදි ඉංජිනේරු ශිෂ්‍ය ජේ .රුක්ෂාන් රාජපක්ෂ ගංගොඩවිල මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් සිකුරාදා (30) තෙක් රිමාන්ඩ් කළේය.
නුගේගොඩ ජුබිලි කණුව අසල වට රවුමේදී වැරැදි ලෙස රිය ධාවනය කළ බව කියන ඉංජිනේරු ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට ගිය කොස්තාපල් රියට යට කිරීමේ අරමුණින් ක්‍රියා කිරීමේදී ඔහුගේ රිය ත්‍රිරෝද රයකද කාරයකද හැපී ඇත.
ඉංජිනේරු ශිෂ්‍යා නොනවත්වා රිය ධාවනය කරද්දී කොස්තාපල්වරයා කාරයේ එල්ලී ටික දුරක් යද්දී ඔහු මහ පාරේ ඇද වැටුණු බවත් සිද්ධිය දුටුවෝ කියති.
තිදෙනාම කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පී සී යට කරන්න හැදු ඉංජිනේරු සිසුවා රිමාන්ඩ්
සේනානායක Thursday, 29 January 2015 09:45 PM
මෙයාට දඩුවම් දිය යුතුමයි.(හේ)
සමන් Friday, 30 January 2015 02:24 AM
මෙයාටනම් හොද දඩුවමක් දිය යුතුයි.(හේ)
කිත්සිරි Friday, 30 January 2015 02:40 AM
මේ රටේ වාහන පදවන වැඩිදෙනා ඉතාම ද්වේශයෙන් ඒක කරන්නේ... සියලු රියදුරු බලපත් හිමියන්ට අනිවාර්ය මානසික සංවර්ධන වැඩසටහනක් කළයුතුයි.(දිල්)
ලහිරු Friday, 30 January 2015 03:10 AM
මූ නම් ඉංජිනේරු සිසුවෙක්ම තමයි (බ)
ලකී Friday, 30 January 2015 03:35 AM
නමේ ප්‍රශ්නයක් එහෙම නොවෙයි නේද ?(දිල්)
සුජානි පෙරේරා Friday, 30 January 2015 04:55 AM
මෙයා මැදමුලන කොල්ලෙක් එහෙම නෙවයි නේද?(දිල්)
ලලන්ත Friday, 30 January 2015 05:29 AM
මෙයත් රාජපක්ෂ කෙනෙක් නේ...(බ)
උමේෂ් Friday, 30 January 2015 06:12 AM
මේ තරුණයත් සමාජයේ කිසිම වගකීමක් නැතිව නීතිය තමන් අතට අරගෙන ජීවත් වෙන කෙනෙක් කියල පේනවා . (දිල්)
ගිහාන් Friday, 30 January 2015 06:14 AM
කවුද මේ කාර් රේස් එකකට පුරුදු වෙන කෙනෙක්ද දන්නේ නෑ නේද ?(දිල්)
එෂාන් Friday, 30 January 2015 06:21 AM
මෙහෙමද පාරේ යන්නේ (දිල්)
ලලිත් Friday, 30 January 2015 06:23 AM
මේක මේ කාර් රේස් එකේ ගිය ගමනක්ද කොහෙද ? (දිල්)
රංග Friday, 30 January 2015 06:24 AM
කාගේවත් ඥාතියෙක් එහෙම නෙවෙයි නේද ? පළාතම යට කරගෙන ගිහිල්ල නිසා ඇහුවේ. (දිල්)
රසික Thursday, 29 January 2015 03:44 PM
දේසපාලන හෝ තාත්තාගේ මුදල් බලේ වැළදුන දරුවෙක්. මේක දැන් බෝ වෙන රෝගයක් ද කොහෙද... (හේ)