(සුමිත් පොතුපිටිය)

ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයන් සිදුකිරීම සදහා වැඩි මුදලක් අයකළ පෞද්ගලික රෝහලක නියෝජිතයකුට රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් ගෙවන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා අද නියෝග කළේය .

බණ්ඩාරගම ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික රෝහලක නියෝජිතයකු හට මෙසේ දඩ මුදල් නියම කෙරිණි.

අදාල පෞද්ගලික රෝහල ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයක් සිදු කිරීම සඳහා රෝගියකුගෙන් රුපියල් දෙදහස් පන්සියයක මුදලක් අයකර ඇති බවත්, ඒ සඳහා උපරිම දඩ මුදල් නියම කරන ලෙස පාරිභෝගික සේවා නිලධාරීන් ඉල්ලා සිටීමෙන් පසු අධිකරණය එකී දඩ මුදල් නියම කරන ලදී .

විත්තිය වෙනුවෙන් නීතිඥ බුද්ධි ඉලේපෙරුම මහත්මිය පෙනීසිටින ලදී .