IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්

(ප්‍රසාද් රුක්මල් ) 

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල්  බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් පැමිණිලි කළේය.

හාලිඇල මැදපිටගම  ප්‍රදේශයේ පදිංචි එච් .බංඩාර නැමත්තෙකු මෙසේ තමන්ට  රජයෙන් ලබා දුන් සහල් පරිභෝජනයට නුසුදුසු අයුරින් පවතින බව පවසමින් ලැබුණු සහල් වලින් කොටසක් ද  රැගෙන හාලිඇල  සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නේය .

හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක තනුජය ප්‍රදීප් මහතා මේ සම්බන්ධයෙන් සදහන් කලේ රජය මගින් නොමිලේ ලබා දුන් සහල් කිලෝ 10 ක් අඩංගු සහල් බෑගයේ තිබූ සහල් නරක්වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව පවසමින් සහල්  රැගෙන  හාලිඇල  මැදපිටගම ප්‍රදේශයේ පුද්ගලයකු හාලිඇල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ පැමිණිලි කල බවත් , ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු කරන බවයි .

හාලිඇල ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් ඇම් .සී.වීරසිංහ මහතා පැවසුවේ මේ දිනවල රජය මගින් ජනතාවට නොමිලේ ලබා දෙන සහල් බෙදා දීමේ කටයුතු හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ සිදු කරන බවත් , ඉන් එක් අයෙකුට පමණක් නරක්වූ පරිභෝජනයට නුසුදුසු සහල් ලැබුණු බවට දැනුම් දුන් බවත්ය.  ඔහුට ඒ වෙනුවට වෙනත් කිලෝ 10ක සහල් බෑගයක් ලබා දුන් බවත් සදහන් කළේය .



අදහස් (5)

නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්

Perera Friday, 26 April 2024 03:52 PM

නිකන් දෙන්නේ කුණු ජරාව බව දන්නේ නැද්ද?

:       4       15

Chamara Saturday, 27 April 2024 07:53 AM

2015 මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්නෙ උනේ හැම ගෙදරටම පොඩි හරි වාහනයක් ගන්න ඕනෙ කියපු එක. 2024 වෙනකොට මිනිස්සු ආයෙම හාල් කිලෝ දහයකට පහලවකට දෙන චන්දෙ තීරනය කරන තැනට ඇවිත් .අවුරුදු 9ක් ඇතුලත අපෙ ජීවිත කොච්චර බාල්දු වෙලාද?

:       0       2

Kazi Shajahan Saturday, 27 April 2024 08:13 AM

වහාම 7 පුද්ගල ජනාධිපති කමිටුවක් දාලා පරීක්ෂණ කරන්න ඕනේ.මේක රජයේ අපකීර්තියට කරන්න හදපු ගේම් ද කියලා

:       0       1

Lalla Saturday, 27 April 2024 09:38 AM

පින්බත් කන්න බලාගෙන ඉන්න නිකමුන්ට දෙන දෙයක් කාලා ඉන්න කියනවා මිස රජ සැප දෙන්න ඕනෑද?

:       0       1

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 27 April 2024 05:21 PM

කුණුවූ පාලකයින්ගෙන් කුණු නොවූ ආහාර ලැබේවිද? මොවුන් ජනතාවට සලකන්නේ ඔවුන්ගේ ඌරු කොටුවේ සිටින ඌරන් හැටියට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසා දැමූ කිරි කම්හල වහා අරින්න උසාවි නියෝග
2024 මැයි මස 06 977 0

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති


පාස්පෝට් 180ක් මහරගම කාණුවක
2024 මැයි මස 06 748 0

මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180 ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත


’’වීසා ගාස්තුවල වෙනසක් නෑ’’
2024 මැයි මස 06 1248 2

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජ


කෙහෙළිය යළි රිමාන්ඩ්
2024 මැයි මස 06 624 1

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි ’’ඉමියුනෝගලොබින්’’ හා පිළි


චන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරට
2024 මැයි මස 06 1642 1

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණි


ලංගම බසයේ රෝදය ගැලවේ
2024 මැයි මස 06 788 0

හෝමාගම ලංගම ඩිපෝවට අයත් සිසු සැරිය බස් රථයක් ධාවනය වෙමින් තිබියදී නුගේගොඩ හයිල්ලෙවල් මාර්ගයේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී එහි රෝදයක් ගැලවී මාර්ගය දිග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 515 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1976 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site