උපාලි ආනන්ද
සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති විරෝධීව මුද්‍රා තැබීමෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සිය තනතුරට අවැසි බලය ඉක්මවා කටයුතු කර ඇති බවට කැකිරාව මහේස්ත්‍රාත් ඩී. පී. එස්. එම්. කරුණාරත්න මහත්මිය තීන්දු කළාය.
ඒ අනුව නිති විරෝධීව මුද්‍රා තබා වසා දැමූ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාව මුද්‍රා කඩා වහාම යළි විවෘත කරන ලෙසට ද කැකිරාව මහේස්ත්‍රාත් ඩී.පී.එස්.එම් කරුණාරත්න මහත්මිය කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත තනිප්පුලිආරච්චි මහතාට තවදුරටත් නියෝග කර ඇත.
මෙසේ මුද්‍රා කඩා යළි විවෘත කරන ලෙසට නියෝග කෙරුණේ නුවර පාර මරදන්කඩවල උලංකුලම ඩේරිස් පෞද්ගලික සමාගමට අයත් කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි.
එම ආයතනයට සහ එහි අයිතිකරු වන ඉසුරු ජීවන්ත චන්ද්‍රසේකර මහතාට එරෙහිව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත තනිප්පුලිආරච්චි මහතා අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසිත තනිප්පුලිආරච්චි මහතා ප්‍රකාශ කළේ සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් කිරි ආශ්‍රිත නිෂ්පාදනය විත්තිකරුට අයත් මෙම ආහාර පරිහරණ ආයතනය තුළ සිදුකරමින් පවතින බවට පැමිණිලි ලැබුණු බවයි.
පොලිස් සිරමැදියේ රදවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ බෙල්ල මිරිකා කම්මුල සප
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී අද(19)පැවැත්විණි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්
බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව
බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වසා දැමූ කිරි කම්හල වහා අරින්න උසාවි නියෝග
Dulmini Tuesday, 07 May 2024 07:57 AM
ඩේරීස් ආයතනයේ පරීක්ෂණ කටයුතු කරන්න ඉන්ස්පෙක්ටර් මහත්තෙයා එනකොට මල්ලිට කියලා තේ මේසයක් පිළියෙල කලානම් ඕවා වෙන්නෙ නැහැ මුදළාලි . ඉන්ස්පෙක්ටර් උන්නාන්සේ තේ බොන වෙලාවෙ අහවලාගෙ මල්ලිත් මේසයේ හිටියනම් පරීක්ෂණ කටයුතු ඉතාමත් සාර්ථකව අවසන් වෙනවා.මම දැකපු දෙයක් කියන්නෙ ඉඹුලානට ආසන්න ගමේ කැඩුම් බිදුම් වෙදෙක් ඉන්නවා ඒ බෙහෙත් ශාලාව ඉදිරිපිට අලංකාරව තියෙනවා පිටිපස්සෙ වතුර භාජන පිරිලා වතුර වලවලුත් එහෙමයි ඒවායේ මදුරුවො යන්නෙ ඇමරිකාවෙ ගුවන් තොටුපලක ✈️ යනවා වගේමයි ඒත් ඉස්සරහ දොරේ ඩෙංගු මර්ධනය කල ආදර්ශමත් පරිශ්‍රයක් කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තෙයා දැන්වීමක් අලවා තිබුනා