(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගිවීමට හැකිවන පරිදි “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය තමාට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනු කළ පෙත්සම ඔහු විසින්ම අද ඉල්ලා අස්කර ගන්නා ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවීම හේතුවෙන් “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කරුවන්ගේ නිර්දේශ හා ස්ථාවරය මත ප්‍රතික්ෂේප කිරීම නීතිවීරෝධී බව සඳහන් කරමින් නුවන් තුෂාර මහතා නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු දිසා විනිසුරුවරයා පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් පෙත්සම නිෂ්ප්‍රභා කළේය.