අයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු අද (23) පස්වරුවේ වැල්ලවත්ත ගාලු පාරේ රන්බඩු හළක් කොල්ල කෑමට පැමිණියත් එහි සේවකයින් හදිසි නළාව හැඩවීම නිසා ඔවුන් පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
පැමිණි යතුරුපැදියේම නැගී ඔවුන් පැන ගොස් ඇති බවත් පලා යන අතරේ ඔවුන් රන්බඩුහල දෙසට වෙඩි තබා ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරි 09 දින සිට ක්‍රමයෙන් ඔය අතුරු ආන්තරා පහවේවි. ස්වාභාවධර්මයද, යහපත්වී සැමට සෙත සැලසේවි. ඒ සදහා අපි නොපසුබට උත්සාහයෙන් කැප වෙමු. (නදී)
මෙවන් නළා සෑම රන්බඩු හලකටම, බැංකුවකටම, මූල්‍ය ආයතනයකටම, පිරවුම් හලකටම තිබිය යුතු නියම ආයෝජනයක්!!!! (නි)
ලොව දිනන මග කෙසේ වෙතත් දුෂණය භීෂනය නම් රජකරයි මේ යන විදිහට නම් (නදී)
හැම තැනම මැර කල්ලි. ඡන්ද කරන්න චණ්ඩින්ට දීපු ආයුධ අරන් කොල්ලකෑම වැඩි වෙලා වගේ. ලොව දිනන එක කොහොම වෙතත් අපිට පාරේ බැහැල යන්නත් බැරි වෙයි වගේ. (ස)