මේ දිනවල කටයුතු මොන වගේද?
පසුගිය කාලයේ මෙගා ටෙලි දෙක තුනකට සම්බන්ධ වුණා. අවුරුද්දට පෙර ඒවායේ රූගත කිරීම් නිම කළා. තවත් නාට්‍යයක රඟපෑමට ගිවිසගෙන සිටිනවා. නමුත් තවත් බොහෝ චරිත බාර නොගෙන සිටින්න සිදුවුණා.
හේතුව?
දැන් තියෙන රැල්ලත් එක්ක අපේ ගාණට එන්නේ නැතිකොට චරිත අතාරින්න සිද්ධ වෙනවා.
ඒ කියන්නේ අඩු ගණන්වලට ද කතා කරන්නේ?
ඔව්, සමහර වෙලාවට අපි ඉල්ලන ගාණට වඩා අඩු මුදලක් තමයි කියන්නේ.
මෙගා නාට්‍ය තියෙන නිසා ඒ මෙගා සංස්කෘතියත් එක්ක වෙනම පරිසරයක් නිර්මාණය වෙලා. ඒවා පස්සෙම යන්න සමහර අය පුරුදු වෙලා. මේ නිසා නළු නිළියන්ට ඒකෙන් හානියක් වෙනවා.
ඒ කියන්නේ ප‍්‍රතිපත්තියක් නොමැතිකම නිසා අඩු මුදලට රඟපානවා කියන එකද?
ඒක හැමෝම කරන්නේ නැහැ. ප‍්‍රතිපත්ති රකින අය බොහෝමයි. නමුත් මෙගා රැුල්ල එක්ක නිෂ්පාදකවරු සමඟ සටන් කරන්න කාටවත් බැහැ. ටික දෙනෙක් කොහොම හරි ඒ ප‍්‍රතිපත්ති දිනාගෙන මෙගාවල රැඳී සිටිනවා.
ඔබ කියන්නේ අඩු ගණනකට නොයන අය බොහෝමයි කියලද?
ඇත්තෙන්ම ඔව්, අඩු ගණනකට රඟපාන්න යන්නෙ නැහැ. නමුත් අලූතින් එන බොහෝ දෙනාට ඒ ප‍්‍රතිපත්ති රකින්න බැහැ. දැන් රඟපෑමට ඕනෑතරම් අය සිිටිනවනෙ.
සමහර වෙලාවට ගොඩක් නාට්‍ය ප‍්‍රමාණයකට පෙනී සිටීම, ඉක්මණට ප‍්‍රසිද්ධිය ලබා ගැනීම, ඒ වගේ දේ නිසා එහෙම කෙරෙනව ද දන්නේ නැහැ. මම ඒ අයට දොස් කියනවා නෙවෙයි. නමුත් තමුන්ගේ නිළි ගරුත්වය රැක ගන්න ඕනෑ. අවතක්සේරුවට භාජනය වුණාම මේ ක්‍ෂේත‍්‍රයේ හෑල්ලූ වෙනවා. මම ප‍්‍රතිපත්ති රැක්ක නිසා මේ ළඟදී ටෙලි දෙකකම චරිත නැතුව ගියා.
මේ දේවල් නිසාද කලකිරීමෙන් සිටින්නේ?
මම රංගන ශිල්පිනියක් විතරක්ම නෙවෙයි. ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක්. අපි ටෙලිනාට්‍යයක් කළාම එය විකුණා ගැනීමේ දී ක්ෂේත‍්‍රයේම සිටින සමහර අය නිසා වංචාවලට සූරා කෑමට ලක්වෙනවා. අනුමත වූ ටෙලිනාට්‍ය දෙකක් තියෙනවා. ඒවා විකාශය කරවා ගන්න ආසයි. ටෙලිනාට්‍ය නිෂ්පාදනයට ගිය ගණනට වඩා තැරැුව්කරුවන්ට දෙන්න වුණා. සමහර අය වගේ මාත් ඒ තැරැුව්කරුවන්ට අහුවුණා.
ඒ නිසාද දැන් රට හැර යන්න හදන්නේ?
මගේ රටට මම පුදුම ආදරෙයි. ඒත් මට හරි කලකිරීමක් තියෙන්නේ. ඒත් මේ සිත් තැවුල් නිසා මම ආදරය කරන ජපානය වගේ රටකට යන්න තීරණය කළා. ඇත්තටම වෙලාවකට හිතෙන්නේ මේ මොනවත් නැතුව එදා ජපානයට වෙලා හිටියා වගේ දිගටම හිටියා නම් හොඳයි. මම ලොකු මෝඩකමක් කළේ කියලා වෙලාවකට හිතෙනවා.
දැන් සූදානම එහේ පදිංචියට යන්නද?
නැහැ, මගේ අම්මා සහ සහෝදරයෝ ඉන්නෙ ලංකාවේ. ඉතින් ඒ අය දාලා යන්න මට බැහැ. ඒ හැරත් ජනතාවගෙන් ලැබෙන ප‍්‍රතිචාර සියල්ල මට ලැබුණේ කලාව නිසා. ඒ ඔක්කොම අත්හැරලා යන්න සූදානම් නැහැ.
මේ දිනවල ඔබට අවුරුදු කුමාරි කියලා කියන්නේ ඇයි?
මට නම් එහෙම කියන්නේ නැහැ. හැබැයි මම අවුරුදු කුමාරි තෝරන්න අවුරුදු උත්සවවලට යනවා. ඉතින් ඒවායේ දී සාධාරණ විනිශ්චයක් ලබාදෙන්න මට පුළුවන් දේ කළා.
කෙහොමටත් කාලයක සිට මම එළිමහන් වේදිකාවේ ප‍්‍රසංගවලට සහභාගී වෙනවා. එහිදී ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. දැන් මගේම ගීත කීපයක් කිරීමේ අදහසකුත් තියෙනවා. ඇත්තටම රඟ නොපා ගායිකාවක් වුණා නම් මීට වඩා නිර්මාණශීලී දෙයක් කරන්න තිබුණා. මොකද අද නිළියන් නොවන අයටත් නිළියන් කියන කාලයක් මේක.
2025 දෙසැම්බර් මස 04
747
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
567
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘නිළියන් නොවන අයටත් නිළියන් කියන කාලයක් මේක’’
විමල් Friday, 08 May 2015 02:23 AM
ජපන්නේ ඉතින්...! (නි)
චන්න බුවනක Tuesday, 19 May 2015 05:12 PM
නිළියක් අගය කරන්න ඕනෑ ප්‍රේක්ෂකයෝ. (නි)
ටෙනිසන් Friday, 08 May 2015 09:18 AM
රොමේෂ් මෙයත් නිළියක්ලු. (බ)
ශාන් Wednesday, 27 May 2015 09:58 AM
මම හොඳට දන්නවා කවුද කියා. (ත)
හේවාවිතාරණ Saturday, 16 May 2015 12:38 PM
එයා කියන්නේ ඇත්ත තමන් තමාවම විග්ග්‍රහ කර ගන්නව කියන්නේ අන්න ඒ එකට තමා (කේ)
බන්දුල Saturday, 09 May 2015 02:35 PM
ටෙලි නට්‍ය කීපයක වාඩි වෙලා හිටියට නිලියෙක් වෙන්න බැහැ. ඔයා ජපනෙම ඉන්න (බ)
ජයපාල Sunday, 10 May 2015 07:33 PM
දැක්කෙත් අදයි අපි. අනේද කියන්නේ? (නි)
යමරසිංහ Friday, 15 May 2015 04:08 AM
2016 අපායෙ දින දර්ශනයේ පෙනී සිටින්නට කැමතිද? (බ)
පුබුදු Friday, 08 May 2015 06:35 AM
ප්‍රතිචාර නැත. (බ)
මීනු Sunday, 10 May 2015 05:06 AM
රොහානි දක්ෂ නිලියක් වගේම හොඳ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරපු කෙනෙක්. (හේ)
රොමේෂ් Friday, 08 May 2015 08:28 AM
ඉතින් මෙයත් නිළියක් කියලාද කියන්නෙ.මමනම් දන්නෙ නෑ.එකම ටෙලිනාට්‍යයක නම් මම මෙයාව දැකලා තියෙනවා.(හේ)
පහන් Friday, 08 May 2015 07:40 PM
මෙයා ගැන මම හොදට දන්නවා (නදී)
සමන්තිලක Friday, 08 May 2015 07:49 PM
ඔබ නිළියක්ද ? (නදී)