දිනේෂ් ප‍්‍රියසාද් පරපුරෙන්, ශේෂාද්‍රි ප‍්‍රියසාද්ගෙන් පස්සෙ ඔන්න දැන් දිනක්‍ෂි ප‍්‍රියසාදුත් සිනමාවට එක්ව සිටිනවා. ශේෂාද්‍රි සිනමාවෙ ඉන්න කාලෙ දිනක්‍ෂි සම්බන්ධ වුණේ ටෙලි නාට්‍යවලට විතරයි. හරියට අක්කයි නංගියි කතාවෙලා සිනමාවයි රූපවාහිනියයි බෙදාගෙන වගෙයි කටයුතු කෙරුවෙ. ඒත් ශේෂාද්‍රි විවාහයෙන් පස්සෙ තාවකාලිකව වගේ රංගනයෙන් දුරස්වෙලයි ඉන්නෙ. ඒ අතරෙයි දිනක්‍ෂි සිනමාවට මේ එකතුවෙලා තියෙන්නෙ. ඒත් හැබැයි දිනක්‍ෂිනම් කියන්නෙ අක්කයි නංගියි දෙන්නා සිනමාවයි රූපවාහිනියයි බෙදාගෙන හිටියෙ නෑ කියලයි. ඇයට සිනමාව පැත්තෙන් හොඳ ආරාධනා නොලැබුන නිසාලූ සිනමාවට සම්බන්ධ නොවී හිටියෙ. කොහොම උනත් දැන් මේ වෙද්දී සිංහල සිනමාවේ අලූත්ම පෙම්වතිය දිනක්‍ෂි පි‍්‍රයසාද්. ඇය සිනමාවට එකතුවන්නෙ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්‍ෂණය කරන ‘මේ වගේ ආදරයක්’ චිත‍්‍රපටයත් සමඟයි. ලඟදීම එය තිරගතවීමට නියමිතයි. මේ, සිනමාවේ ඒ අලූත්ම පෙම්වතියත් සමඟ වෙනත් මාතෘකාවක් ගැන අපි ඇත්තට තොරතුරු කතා කළ මොහොතයි.

දිනක්‍ෂි සද්ද නොකරම ‘වාර්තාවක්’ තියන්න උත්සාහයක යෙදී ඉන්නවා නේද?.
‘‘.... වාර්තාවක් තියන්න මේ මම..? අනේ ඒ මොනවා සම්බන්ධවද... මට නම් හිතාගන්න බෑ... මොනවා සම්බන්ධවද මේ කියන්නෙ කියලා.’’
ඇයි බොරු කියන්නෙ...?
‘‘...ම්... මේ දිනක්‍ෂි කවදාවත්ම බොරු කියන බොරු කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාම කියන්නකො මම වාර්තාවක් තියන්න හදනවා කියන ඔය කතාව ගැන..’’
මනමාලියන් වැඩිම දෙනෙකුගෙ ‘දෙවැනි මනමාලි’ වෙලා වාර්තාවක් තියන්න නේද, ඔයා මේ කාලයක ඉඳලා හෙමින්සීරුවෙ උත්සාහයක යෙදෙන්නෙ..?
(හයියෙන් සිනාසෙමින්)... ආ, එහෙම ‘රෙකෝඞ්’ එකක් ගැනද ඔයා මේ අහන්නෙ...
ඒක ඇත්තනෙ...?
‘‘ඔව්, වැඩි දෙනෙකුගෙ දෙවෙනි මනමාලි වුන කතාව නම් ඇත්ත. ඒත් මම එහෙම වුණේ. ඒකෙන් ‘රෙකෝඞ්’ එකක් තියනවා කියන අදහසකින් නම් නෙමෙයි. ඒක මම හිතලා උවමනාවෙන් කරගන්න දෙයකුත් නෙමෙයි. ඒ තුල තියෙන්නෙ පුංචි අහිංසක කැමැත්තක් විතරයි.
මේ වෙද්දි ඔයා කී දෙනෙකුගේ දෙවෙනි මනමාලි වෙලා තියනවාද?
‘ඒ ගාන කීයද කියලා එකපාරටම මතකයට එන්නෙත් නෑ. එහෙම නම් ඉතින් එකේ ඉඳලා ගණන්කරගෙනම යන්න ඕනෙ. මම හිතනවා පහලොස් දෙනෙකුට වැඩි මනමාලියො පිරිසකගෙ මම දෙවැනි මනමාලි වෙලා තියෙනවා.’’
පටන් ගත්තෙ කාගෙන්ද?
‘‘පටන් ගත්තෙ මගෙ බාප්පගෙ දුවගෙන්’’
මේ වෙද්දි අවසානයටම දෙවෙනි මනමාලි වුණේ කාගෙද..?
‘‘ ඉෂාරා සඳමිණිගෙ..’’
ඔය අතර අපේ නිළියො කීදෙනෙක් හිටියාද...?
අභිෂේකා විමලවීර, භාග්‍යා හෙට්ටිආරච්චි, සමාධි අරුණශාන්ති, ප‍්‍රතිභා හෙට්ටිආරච්චි, ගයත‍්‍රී රාජපක්‍ෂ, මේනකා පීරිස්, ලෝචනා ඉමාෂි... ඉෂාරා සඳමිනි..’’
ලෝචනාගේ දෙවැනි මනාලිය
ආරාධනා ලැබිලා ලිස්ට් එකේ ඊළඟට ඉන්නෙ කවුද..?
‘‘ ඊළඟට ආරාධනයක් තවම ලැබිල නෑ..’’
හැබැයි ඒ වුණාට ශේෂාද්‍රිගෙ දෙවෙනි මනමාලි වුණේ නෑ නේද ඔයා..
‘‘මම ශ්‍රේෂාද්‍රිගේ අක්කානෙ.. ඒ නිසා ඒක සුදුසු නෑනෙ..’’
ඒ තරමටම දෙවෙනි මනමාලි විදිහට ඔයාවම තෝර ගන්න එකේ මොනවහරි රහසක් තියෙනවද..?
‘‘කිසිම රහසක් නෑ.. අපි යාළුවොනෙ. ඒක යාළුකම නිසා සිද්ධවෙන දෙයක්..’’
ඒ විදිහට ආරාධනා ලැබිල ඔයාට දෙවෙනි මනමාලි වෙන්න බැරිවුණ අවස්ථාත් තියනවද..?.
‘‘ඔව්, එහෙම එක අවස්ථාවක් තියෙනවා. ඒ උදාරි කෞෂල්‍යාගෙ.. එයා මට කතා කරද්දී.. ඒ දවස්වල මම ටෙලි නාට්‍යයක ෂූටින් වලට දින දීලා තිබුණා. ඒ නිසා ඒ අවස්ථාව මඟ ඇරුණා.
ඔයා දෙවෙනි මනමාලි වෙද්දී. ඔයා වගේම එක දිගටම දෙවෙනි මනමාලයො වුණ නළුවොත් ඉන්නවද...?
‘‘ඔව්, කාවිංග, මාධව, එරංග වගේ අය කීප අවස්ථාවකම මම දෙවෙනි මනමාලි වුන අයගෙ දෙවෙනි මනමාලයො වුණා..’’

ඔය අවස්ථා පහළොව අතරෙ අමතක නොවන බොහෝම ‘ආදරණීය මතකයන්’ එහෙමත් ඇති නේද..?
‘‘ඇත්තටම ඒ හැම විවාහ උත්සවයක්ම ආදරණීය මතකයක් තමයි. ඒ හැම එකකම ‘‘ඩාන්සින් පාට්’’ එකකුත් තිබුණ නිසා. ඒවා හරි සුන්දර අත්දැකීම් වුණා...
ඔයා පහළොස්වතාවක් දෙවෙනි මනමාලි වෙද්දි, ඒ පහළොස් වතාවෙ දෙවෙනි මනමාලයො වුණ කාගෙන්වත්.. ඔයාට පේ‍්‍රම ආරාධනා එහෙම ලැබුනෙ නැද්ද..?
‘‘අනේ නෑ.. එහෙම දේවල් දැනුනෙවත් නෑ..’’
එහෙම දේවල් දැනුනනම්.. ඔයාගෙ ප‍්‍රතිචාරය මොනවගේ වෙන්න ඉඩ තිබුණද..?
‘‘... එහෙනම් ඉතින් මමත් නොදැනුනා වගේ ඉඳියි..
තව කී වතාවක් දෙවෙනි මනමාලි වෙන්නද හිතාගන ඉන්නෙ..?
‘‘.. ම්... ඒක කියන්න බෑ..’’
එහෙමනම් දෙවෙනි මනමාලි.. ‘මනමාලි’ වෙන්නෙ කොයි කාලෙද..?
‘‘ඒකත් කියන්න බෑනෙ..’’
දිනක්‍ෂි පැහැදිලිවම කියන්නෙ, මේ උත්සාහය වාර්තාවක් තියන්න නෙමෙයි කියලද..?
‘‘.. අනේ නෑ... අනේ නෑ...’’




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණාගාටුවෙන් වුණත් මටත් කියන්න තියෙන්නේ අර බාලම ගෑනු ළමයා නම් හරිම විකාරයක් වගේ කියලා. (ම)
හොඳම අන්න අර දෙවැනි ගෑනු ළමයා. ලස්සනමත් එයාමයි. සුදුසු වයසේදී විවාහයක් කරගෙන හැම තැනකටම මුණ පෙන්වන්නේ නැතිව පිළිවෙලකට ඉන්නවා. දිනක්ෂිත් වරදක් නැහැ. (නදී)
මම නම් මේ ගොල්ලෝ කවුද කියලාවත් දන්නේ නැහැ. සත්තකින්ම. (නි)
මට නම් දිනක්ෂි තමයි ලස්සන (නි)
මගේ හිතේ නම් මේ අක්කලා නංගිලාට කැමැත්තක් නැහැ (නි)
මටත් ඒ හැටි විශේෂත්වයක් දැනෙන්නේ නැහැ (නි)
අපෝ මට නම් මේ අක්කලා නංගිලා දැකලම එපාවෙලා.පුදුම විදියට කැපීපෙනෙන්න දඟලනවා. මෙයාලත් සාමාන්‍ය ගැහැණු ළමයි. (නි)
එම් බාම් කරලා වගේ. (අ)
ඇත්තටම ඇය හරිම ලස්සනයි (නි)
අර පොඩිම සහෝදරිය ගැන නම් මගේ ප්‍රසාදයක් නැහැ (නි)
මම නම් දිනක්ෂි අක්කගේ ඩාන්සින් වලට ගොඩක් ආසයි. ලස්සනට ඩාන්ස් කරනවා. (ර)
මෙයා නම් ප්‍රියමනාපයි. ඒ වුනාට බාලම නංගි නම් ඡයාරූපවලට විහිළුවක් වගේ මුණ දෙන්නේ. පැනල කැපී පෙන්න උත්සාහ කරන බව පේනවා. දිනක්ෂි නම් ප්‍රසන්නයි. (ස)
කැපී පෙන්න දඟලන්නේ පොඩිම එක්කෙනා. කොළඹ තිබෙන හැම පාටියටම ඇවිත් ඡායරූපවලට අමුතුම ඉරියව්වකින් මුණ දෙන්නේ. (නදී)
එක් කෙනෙක් ගැන නම් මතක් වෙනකොටත් හිනා යනවා. යන යන තැන කැපීපෙනෙන්න පුදුම උත්සාහයක් දරන්නේ. (නි)
මම නම් කැමතියි මෙයාලට. වාසනාවන්ත ගැහැණු ළමයි තුන් දෙනෙක්. සුබ පතනවා ඔයාලට. (නදී)
සමාවෙන්න ඕනේ මේ තුන්දෙනාගෙම ලස්සනක් මම දකින්නේ නෑහෑ ලස්සනත් නෑහෑ මට නිකන් විකාර වගෙයි (බ)
මේ තුන් දෙනාම වාසනාවන්ත තුන් දෙනෙක් මමනම් ගොඩක් ආදරෙයි. (ර)
මේ තුන්දෙනාම හොඳයි. එයාලගෙ තාත්තට ඒ ගෞරවය ලැබෙන්න ඕන, ප්‍රථම සිංහල කාටූන් චිත්‍රපටියේ නිර්මාපක මහා සිනමාකරුවාට. (ස)
ලස්සනයි නමුත් අහංකාර වැඩියි (ම)