එෆ්.අස්ලම්
මොලයේ නහරයක් පිපිරීමෙන් මියගිය අයෙකුගේ වකුගඩු යුගලය තවත් ජීවිත දෙකක් බේරාගැනීම වෙනුවෙන් දන්දුන් කතා පුවතක් බදුල්ල පළාත් මහ රෝහලෙන් වාර්තා විය.
පසුගියදා (20) මියගිය බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ පදිංචිව සිටි විදුරංග කුමාර (50) මහතාගේ වකුගඩු දෙකම ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව වෙනත් රෝගීන් දෙදෙනකුට පරිත්‍යාග කර ඇත.
දැඩි හිසරදය සමගින් ඇතිවූ රෝගී තත්වයක් මත කුමාර මහතා දැඩි අසාධ්‍ය තත්වයෙන් (17) වැනි දා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.
අධික රුධිර පීඩනය නිසා ඔහුගේ මොලයේ නහරයක් පුපුරා ගොස් ඇති බව තහවුරු කරගත් වෛද්‍යවරුන් කෘත්‍රිම ස්වසන යන්ත්‍රවලින් ස්වසනය ලබාදී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට විශාල වෙහෙසක් දැරුහ. එම උත්සහායන් ව්‍යර්ථ විය.මේ අනුව වෛද්‍යවරුන් ඔහුගේ තත්වය ගැන පවුලේ ඥාතීන් දැනුවත් කළහ.
ඔහුගේ ශරීර අවයව දන්දී තවත් ජීවිතයක් බේරා ගැනීමට පවුලේ ඥාතීන් විසින් කැමැත්ත පලකර සිටියේ ඒ අනුවය.
මේ අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජොයෙල් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම බදුල්ල මහ රෝහලේ ශල්‍යාගාරයේදී පසුගියදා(20) මියගිය අයගේ වකුගඩු යුගලය සාර්ථකව ඉවත් කර ගන්නා ලදි.
යමෙකු මිය යාමේදී ඔහුගේ ශරීර අවයවයන් තවත් ජීවිතයක් බේරාගැනීමේ පරමාර්ථයෙන් ශරීර අවයව පරිත්‍යාග කිරීම සමාජයට ආදර්ශයක් බවත් මියගිය විදුරංග මහතා වෙනුවෙන් ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන් කල මෙහෙය අගය කරන බවත් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ උදාර මිනිසුන් මේ රටේ සිටීමත් සතුටට කරුණක්. විදුරංග මහතාට හොඳ ලොවකට යාමට මේ පිනම ඇති. එවන් දුක්බර මොහොතක පරාර්ථකාමීව මේ ගත් තීරණයට නිවසේ අයටද අපගේ ප්‍රණාමය. ඔබ සැමට යහපතක්ම වේවා!!!
"කරණා විටදී මාරය සමගින් යුද්දේ " "අවයව දන් දෙන්න සිතුවා ඒ මැද්දේ " "මියගිය සිරුරෙ තිබෙනා වූ වැදගත් දේ " " පරහට දන්දීලා ' විදුරඟ ' සුව නින්දේ "
තමන්ගේ අවයව දන්දීම උත්තම ගනයේ පූජාවක් මේකේ ප්‍රතිපෝෂණය කවද හරි ලැබේවි. නමුත් මැරුණට පස්සේ අවයව දෙනවට වඩා ජීවත්වීමයි වැදගත්. මේක වළක්වාගන්න තිබුන මරණයක්. හැම දෙනෙක්ම මේ කලබලකාරී ජීවන රටාවේදී වයස 40 ට වැඩි නම් තමන්ගේ 1) රුධිර පීඩනය 2) කොලොස්ටරෝල් මට්ටම ) 3) රුධිරගත සීනි මට්ටම 4)වකුගඩුවල ක්‍රියාකාරිත්වය ගැන අවදානයෙන් ඉන්නම ඕන නැත්නම් මේ වගේ අකල් මරණ වලට මුහුණ දෙන්න වෙනවා. මේවට ජනමාධ්‍ය උදව් කරන්න ඕන නමුත් හුඟක් මාධ්‍ය මේක කරන්නේ නැහැ. ලංකාදීපය මේකෙන් නිදහස් සඳුදා වෛද්‍ය අතිරේකය පලකරන එකම පිනක්. අපේ ජාතියේ අවාසනාවට මේ වගේ දේවල් ජනතාවට සන්නිවේදනය කරපු උත්තම පුද්ගලයන් ,මහාචාර්ය කෝදාගොඩ , දොස්තර ජයලත් ජයවර්දන, දොස්තර ආරියසේන ගමගේ වගේ අය කලින්ම අප අතහැර ගිහින්