නැගෙනහිර මහ ඇමැති අහමඩ් නසීර් නාවික හමුදාවේ උසස් නිලධරයකුට ත්‍රිකුණාමලය සාම්පූර් මහ විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක්ව සිටියදී බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ලබාදුන් වාර්තාව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමු කළ බව ආරක්ෂක ලේකම් කාර්යාල ආරංචි පවසයි.
සාම්පූර් කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රංජිත් ප්‍රේමරත්නට ත්‍යාග ප්‍රදාන අවස්ථාවේදී වේදිකාවේදී මහ ඇමැතිවරයා දැඩි ලෙස බැන වැදුණේ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු හා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කෙෂාප් ඉදිරියේ වීමද විශේෂත්වයකි.
එවැනි අවස්ථාවක කිසිත් නොකියා ඉවසීමෙන් කටයුතු කළ නාවික හමුදා නිලධරයාගේ හැසීරීම අගය කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තාව ලබා දුන්නට විතරක් මදි..එ්ක පත්තරෙත් දාන්න ඕනේ..නැත්තම් එතුමා දකින එකක් නෑ (බ)
ඔලුව ඉදිමුන මිනිහෙක් මේ. මේ මිනිහගේ හැසිරීම පිස්සු බල්ලෙකුටත් අන්තයි. (බ)
මේ වගේ අය රටට පිළිලයක්, වහාම ඒ පිළිලය ඉවත් කල යුතුයි .(හේ)
සරත් වගේ මොළේ අමාරුකාරයෝ තවත් ඉන්නවා වගෙයි. (නි)
මේ අයට දඬුවම් දුන්නේ නැත්තනම් මේ ජනාධිපති වරයාටත් වෙන්නේ මහින්දට වෙච්ච දේම තමයි ...අපි අවදානයෙන් බලාගෙන ඉන්නවා. (බ)
මේ වගේ මිනිස්සු ලංකාවටම ලැජ්ජාවක් (නි)
කලබල නොවන්න මෙය යහපාලන යුගයකි (බ)
මේවා අපිට හොඳ පාඩම් (නි)
මොහුට නිසි පාඩමක් උගන්වන්න. ඒ ගැන සියලුම රජයේ නිලධාරින් මෙන්ම සිවිල් පුරවැසියන්ද වගබලාගන්න. පොලිස් බලතල දුන්නොත් කොහොම තියෙයිද? (නි)
යුක්තිය ඉටු වේවා.(හේ)
මෙම නිලධාරියාට බැනපු එක හරි නෑ. මේ ගැන ජනාධිපතිතුමා කුමන තීරණයක් ගනීද?(හේ)
මේ අයගේ තනතුරු ඉවත් කරන්න.(හේ)
සහජීවනයට වන මෙවන් අගතියක් ඉවසාගෙන ඉඳිමු (නි)
අපේ රණවිරුවන්ගේ මානසිකත්වය බිඳලන්න ඉඩදෙන්න එපා (නි)
හමුදාවත් දැන් දේශපාලනයට යට වෙලා.(හේ)
මහ ඇමති හරිනම් ඉල්ලා අස්විය යුතු බවයි මගේ නම් අදහස (නි)
මෙවැනි බුද්ධියෙන් අඩු අය ගැන තීරණයක් ගතයුතුයි නේද? (නි)
ජනතාවගෙන් කිසිම සමාවක් නැහැ. හරි තීරණයක් ගත්තේ නැත්නම් රජයටත් ජනපතිටත් සමාවක් නැහැ (බ)
මේක අපි විමල් වීරවංශගෙන් හෝ තෙවරප්පෙරුමගෙන් අහන්න ඕනෑ. (නි)
හමුදාවේ නිලධාරීන්ගේ ගරුත්වය නැතිවෙනවා මෙවැනි බූරුවන් නිසා. තැනට සුදුසු විදියට හැසිරෙන්න නොදන්නා හරක් මොකට මහ ඇමැති කරනවාද? රටකට අපමණ අගයක් (බ)
මොනවා කරන්නද? මහ ඇමති ගැන තීරණයක් ගන්න එකයි කරන්න තියෙන්නේ (නි)
රජය මේ ගැන තීරණයක් ගතයුතුයි නේද? (නි)
මේ නැගෙනහිර මහා ඇමතිව වහාම පලවා හරින්න. (බ)
කොටි ඉන්න කාලේ නගුට පිටි පස්සේ ගහගෙන හිටපු අය දැන් චන්ඩි වෙලා.කටක් අරින්නවත් ඉඩ තියෙන්නේ හමුදාවේ කොල්ලෝ ජීවිත පුජා කරලා කරපු සේවය නිසා බලෙන් ඇවිත් ,ඉස්කෝලේ හදන්න දහදිය මහන්සියෙන් වැඩ කරපු අයටත් සත්තම දානවා .ඇමති හොඳයි කුණු අදින්න .මෙයාට දඬුවමක් දෙන්න ම ඕනේ (බ)
පාසලක පොත් බෙදාදීමේ උත්සවයකට හෙලිකොප්ටරෙන් යන ආණ්ඩු කාරවරයෙක් සහ හෙලිකොප්ටරෙන් ගෙනියන තානාපතිවරයෙක් .. කොහොමද සැලකිල්ල .ආහ මට අමතක වුනා . මේ උතුරයි නැගෙනහිරයි නේ . ඇමරිකාව වගේ රටක තානාපති කෙනෙක්ට මේ රටේ වැදගත් රාජකාරියක් නැති බව පේනවා මේ වගේ පුංචි උත්සව වලට සහබාගි වෙන එකෙන්ම (බ)
වහාම පිස්සු බල්ලන් බැද දැමිය යුතුය. එසේ නොමැති වුවහොත් දිගින් දිගටම සපා කෑ හැකිය (බ)
මෙවන් පුද්ගලයින් ගැන තීරණයක් ගන්න මේ සුදුසුම කාලයයි (නි)
මේ වගේ නැහැදිච්ච මිනිහෙක්ව මේ වගේ තනතුරක තැබීම රටට අවාසියක්. තැන නොතැන නොබලා තනතුරෙන් පිම්බුණු මේ මෝඩයට තමන් හැසුරුණු කැත විදිහ වීඩියෝ එකෙන්වත් බලා හැදුනොත් ලොකු දෙයක්. මේ මිනිහ නේවි ඔෆිසර්ගෙන් අනිවාර්යයෙන්ම සමාව ගත යුතුයි (බ)
මේ පින් ඇමතියා දැක්කේ නැතිද දන්නේ නැහැ සෙබළුන් කරන සේවය . සියලුම පොලිස් ආරක්ෂකයින් ඉවත් විය යුතුයි (බ)
හමුදා නිලධරයාගේ හැසීරීම අගය කළයුතු විතරක් නොවේ, උසස්වීමකුත් දිය යුතුයි. ඔළුවක් ඇති අයෙක් සහ නැති අයෙක් අපි එතන දැක්කේ. හිතට හරි අමාරුයි අපේ හමුදාවට කරපු අපහාසයට. (නි)
අපේ හමුදා නිලධාරීන්ගේ විනය පිලිබඳ තවත් හොඳ උදාහරණයක්. මේ සිද්ධිය ඇමෙරිකානු තානාපතිවරයා ඉදිරියේ සිද්ධවීමත් හොඳයි අපේ හමුදාවේ විනය ගැන තේරුම් ගන්න. හැබැයි මේ සිද්ධියට අදාලව දේශපාලකයන්ට විරුද්ධව කිසිම දැඩි තීරණයක් ගන්නේ නැහැ. ලංකාවේ ජඩ දේශපානය එහෙමයි. (බ)
සරත්, තමුන්ගේ අධ්‍යාපන මට්ටම මොකක්ද කියලා හිතාගන්න පුළුවන්. මිනිහෙකුට වැරැද්දකට බනින්න කියලා තමුන්ට උගන්නලා තියෙන්නේ ඒ මිනිහගේ ආත්ම ගරුත්වයත් පහළට දාලද (නි)
සරත්, වරදක් කර ඇත්තේ නාවික හමුදාවද? නාවික හමුදාව මඟින් සාම්පුර් පාසලේ ඔවුන්ගේ වියදමින් පරිගණක අංශයක් පිහිටවීමද? වරද හරියට දැනගෙන කතා කරන්න (නි)
මේවගේ අයට දඩුවම් දෙන්න ඕනේ... (ර)
ඒත් ඉතින් මේක මහා ලොකු සිද්ධියක් නම් නාවික හමුදාව මේ ගැන පැමිණිල්ලක් දාලා නැත්තේ ඇයි? (නි)
නාවුක නිලධාරියාට අපගේ ප්‍රණාමය. (ර)
හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට දැකගන්න ලැබේවි (නි)
උතුර, දකුණ මාරුවෙන්න මහා ඇමතිට මතක හිටින දෙයක් කරානම් නරකද... (ර)
මහ ඇමති නොගැලපෙන වැඩක් කරලා තියෙන්නේ . (ර)
ඕක තාමයි ඇත්ත ,පස්සේ කියයි වැරදීමක් කියල .මෛත්‍රී මහත්තයට කරන්න පුළුවන් දෙයක් නැහැ ,(බ)
වැදගත් තනතුරු දරපු පමණින් පුද්ගලයෙක් වැදගත් වෙන්නේ නැහැ. පුදගලයෙක් කරන කියන දේවල් වලින් තමය් කෙනෙක් වැදගත්ද නැද්ද බව තීරණය වෙන්නේ. (ර)
අපේ ප්‍රණාමය නාවික හමුදාවේ විනය ගරුක භාවයට. (ර)
නොනැවෙන ස්ථිර තීරණයක් ගත යුතුයි. (ර)
නාවික හමුදාවට කියයි ගනන් ගන්න එපා කියලා... (ර)
අපිත් බලාගෙන ඉන්නේ මේකෙට මොකද කරන්නේ කියලා. (ර)
නාවික හමුදා නිලධාරියා ලොවට පෙන්වුයේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේම පවතින මනා වූ විනයයි. මහ ඇමති පෙන්වුයේ ඔහුගේ හැදියාවේ තරමයි. මින් අප සමඟ සිටින සාමාන්‍ය මුස්ලිම් ජනතාවද මහත් අපහසුතාවයකට පත්වුණා. (නි)
කලින් මෙවැනි දේවල් සිදු වූයේ නැත.(හේ)
මොනවා වෙන්නද? ඕක සුළු වැරදීමක් කියල ඉහළින් නියෝගයක් එවලා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකටම කියලා කියවයි. (නි)
මෙයාට දෙන්න පුළුවන් ඉහලම දඩුවම දෙන්න මෙවැනි අය එවැනි නිලතල වලට සුදුසු නැහැ (හේ)
මේ සිද්ධීයට කිසිවක් සිදුවන්නේ නෑ.(හේ)
මේ පුද්ගලයාට ලැජ්ජාවක් කියා දෙයක් තියෙනවා නම් වහාම ඉල්ලා අස්විය යුතුයි. එසේ නොවන්නේ නම් මොහුව තනතුරෙන් ඉවත් කළයුතුමයි. අපි බලමු ආණ්ඩුවේ ප්‍රතිචාරය (නි)
සරත්, කාටවත් කවුරුවත් මොන හේතුවකටවත් බනින්න බැහැ. විශේෂයෙන්ම පාසල් ළමුන් ඉදිරියේ මේ වගේ වැදගත් තනතුරු වල ඉන්න අය. පස්සට අඩ ගහලා අවවාද කරන්න තිබුනා වරදක් කරලා නම්. (හේ)
බොදුබල සේනාවට මේවට හොඳටම හිනා ඇති (නි)
පේනවා නේද රට බේරාගත් ත්‍රිවිධ හමුදාවට සළකන හැටි? (නි)
නැගෙනහිර මහ ඇමති හිතාගෙන ඇති එයා අගමැති කියලා. දැඩි අවවාදයක් දෙන්න. නැත්නම් අනෙක් අයත් හිතාගන්න පුළුවන් එයාලත් රටේ අගමැති කියලා (නි)
ඉතින් ඇයි මෙයාලට නටන්න දෙන්නේ? (නි)
වැරදි කළා නම් ප්‍රතිවිපාක විඳින්න වෙනවා (නි)
තනතුරින් ඉවත්කර නීතියේ ඉදිරියට ගෙනියමු. පුබුදු, හමුදාව,පොලිසිය දැන් දේශපාලනයට යට නැහැ. ඉවසීමෙන් කටයුතු කරනවා. (නි)
මොන දේ වුණත් බැනපු විදිහ හරි නැහැ. ඉස්සරහට සිංහලයට වෙන දේ තමයි දැන්මම පෙනෙන්නේ (නි)
ආරක්ෂක අංශයට තිබූ අභිමානය නැති වී ගිහින්. ඔබ නැති අඩුව දැනේ අපට හොඳින්. අප අතින් සිදුවූ වරදට සමාවන්න (නි)
තව තව අමුතු රංගන දාන අය ඉන්නවා (නි)
තමන් ඉදිරියේ මේ වගේ කතාකරලා හැසිරෙන්න දෙන්න ඉඩ දුන්නහම ආණ්ඩුකාරවරයාට තමයි අපහස වෙන්නේ. නාවික හමුදා නිලධාරියාගේ හැසිරීම අගය කළයුතුයි (නි)
ඉදියේදී අපේ රණවිරුවන්ට මොනව කරයිද මේ වගේ නොමනා හැසිරීමක් ඇති ඇමති තුමාලා .තමුන්ගේ අසිලචාරකම පොඩි දරුවන් ඉදිරියේ පෙන්නුවූ මෙවැනි ඇමතිලා යහාපලන ආණ්ඩුවේ ලොකු පුටුවල සිටීම හාස්‍යයට කරුණකි . එමෙන්ම එම අවස්ථාවේ ළඟ සිටි කුඩා දියණියගේ මුහුණට වැදුණු පහර ගැන ඔහු සමාව ගත යුතුය. (බ)
පුලුවන් නම් දැන් කෙළින් තීරණයක් අරන් අපිට පෙන්නන්න (නි)
සජින් වාස්ලාටත් ප්‍රභූ ආරක්ෂාව දෙන රටක අපි බලාගෙන ඉඳිමු මෙයාල ඉවත් කරනකම් (නි)
මේක දේශපාලුවන්ගේ නියම ස්වභාවය පෙන්වන එක සිද්ධියක් පමණයි. සාමාන්‍ය සිවිල් රාජ්‍ය සේවකයන් මොනතරම් මොවුන්ගෙන් නින්දා අපහාස විඳිනවද? (නි)
වීරෝදාර රණවිරුවන් ගැන, සිංහලකම ගැන ආදරයක්,කැක්කුමක් ඇති අපට මෙය වේදනාවක් වුවත්, දේශපාලන බලපෙරේතකමට සහ දේශපාලන ගැති බවට අනුව එය සුළු සිදුවීමකි (නි)
මේවට ඉතින් මොනවා කරන්නද. රැවුලයි කැඳයි දෙකම ඕනෑනේ. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අහන්නත් දෙයක් නැහැ, සහජීවනය වෙනුවෙන් ඔය වාර්තාවට වෙන දේ හිතාගන්න පුලුවන් (නි)
පළාත් සබාවට අවලංගු යහපාලනය...(බ)
කොන්දක් තියෙනවා නම් කෙළින් තීරණයක් ගන්න. මේ වගේ අය මහ ඇමතිකම් වලට සුදුසු නැහැ. (නි)
හමුදාවේ විතරක් නෙමෙයි, ජනතාවගේත් කොඳු නාරටි කඩලා ඉවරයි. (නි)
රණවිරුවන් හෑල්ලු කිරීම ඇමරිකාවට පෙන්නන්න කළ වැඩක්ද? නැත්නම් ඇමරිකන් තානාපති ඉදිරියේ මේ වගේ නාවික හමුදා නිළධාරියකුට මෙහෙමත් බනිනවද? (නි)
මෙහෙම දේවල් අපේ රණවිරුවන්ට වෙන එක අපිට ඉවසන්න බැහැ (නි)
ජාත්‍යන්තර කුමන්තනයක් (හේ)
මේකට අදහස් නොදා ඉන්නම බැහැ. දැන් මොවුන්ට මුල මතක නැහැ. ඔවුන් අද පාරේ බැහැලා ඉන්නේ මේ විරයෝ නිසා. (නි)
පිළිකුල්සහගත වැඩක් ලෙස දකිමි. මහා අැමති පදවියට ලැජ්ජාවක් (නි)
තව පොලිස් බලතලයි, ඉඩම් බලතලයි දුන්නා නම්, කොහොම උද්දච්චකමක් තියේවිද? (නි)
විනයගරුක ඉවසීම තියන ගුණගරුක නිලධාරියෙක් (නි)
මෙහෙම මහ ඇමතිලා තමයි අපට ඉන්නේ. (නි)
අපිට මේ සිද්ධිය ගැන ඇත්තටම කණගාටුයි (නි)
කොටි හිටපු කාලේ හැංගිලා හිටි කට්ටිය දැන් එළියට ඇවිල්ලා නටන්න පටන් අරන්. (නි)
ඇමෙරිකානු තානාපති ඉදිරියීදී අපේ නාවික හමුදා නිලධාරියා ගේ හික්මුනුභාවයට අපි ඔහුට ආචාර කරමු. ඒ හැසිරීම තුලින් අපගේ හමුදා වේ ඇති විනය ගරුක භාවය ලොවට ප්‍රකාශ වෙනවා, ජනාධි පති තුමනි මේ මහ ඇමැති අහමඩ් නසීර් ට වහාම විනය පරීක්ෂණයක් පවත්වන්න. (අ)
නූගත් අය නුසුදුසු තැන් වලට පත් කළවිට මේ වගේ දේ සිදුවේ. ඔය මිනිස්සු දැන් ගොරවන්නේ අපේ රට බේරාගත් රණවිරුවන්ට බව සිහිකළ යුතුය. (නි)
මේ තනතුරු වලට සුදුසු අය දාන්න (නි)
මේ දැන් නැගෙනහිර මෙයාල උඩ පනින්නේ හමුදාව නැගෙනහිර මුදාගෙන වැඩි ජනයා වූ මුස්ලිම් ජනයාට සාමයෙන් සිටීමට කටයුතු සලසා දුන් නිසයි. මේ මහ ඇමැති අහමඩ් නසීර් දේශ පාලුවා අයි.එස්.අයි.එස් කාරයෙක් වෙන්න ඇති නිකන් පුම්බන්නේ. (අ)
ඔය වාර්තා ගැන නම් ඉතින් අපි නොදන්නවායැ (නි)
අනේ මන්ද සරත්. ඔයාගේ මොලේ කචල් අනිවාර්යයෙන්ම (බ)
මේ තත්වය තවදුරටත් පැවතීමට නොදී ලත්තැනම ලොප්කර දමන එක රටක ලොකු වගකීමක්. මෙතැනදී වර්ගවාදය නොව මහා ඇමතිකමේ බලය අරන් හිස උදුම්මා ගැනීමට අපි ජනතාව හැටියට දැඩි විරෝධය දක්වමු. (නි)
වරදක් කරලා තිබ්බනම් බැන්නට කමක් නැහැ (බ)
අපේ ත්‍රිවිද හමුදාවටම කරනලද අපහාසයක්. මේ සදහා ඔහු පිලිබදව දැඩි තීරණයක් ගනීවි කියා රටේ අපි හැමෝම බලාගෙන ඉන්නවා ගරු ජනාධිපතිතුමනි. (බ)
දැඩි විනය පියවර ගත යුතුයි ! (බ)
මේ සිද්ධියේදී යහපාලන ආණ්ඩුවේ ඇල්මැරුණු ප්‍රතිපත්තිය ගැන කනගාටු වෙනවා.(හේ)
අායෙත් අහන්න දෙයක් නැහැ, ඕකට වෙන දේ අපිට හිතාගන්න පුළුවන් (නි)
ආරක්ෂක ලේකම්තුමා දැන් මේ ගැන මොනවද කියන්නේ? (නි)
ලොකු කණගාටුවක් ඇතිවෙනවා. ඉස්සර දේශපාලුවන්ගෙන් බැනුම් ඇහුවේ ට්‍රැෆික් රාළහාමිලා. දැන් නේවි කැප්ටන්ලා. මේකද අපි බලාපොරොත්තු වූ වෙනස? (නි)
මෙයාගේ හැසිරීම අන්තිමයි. මහ ඇමති කෙනෙක් වුණාට මෙයා කතා කරන්නවත් දන්නේ නැහැ. අර අහිංසක ළමයාගේ මුනේ අත වදිනවා ඒ ළමය ගැනවත් හිතන්නේ නැතිව හැසුරුණු විදිය අන්තිමයි. (බ)
පුබුදුට දේශපාලනයට හමුදාව යටවෙලා වගේ පෙනුනට ඒ හමුදා නිලධාරියාගේ ඒ අවස්ථාවේ හෑසිරිම අගය කළයුතුයි. හමුදාව දේශපාලනයට යටවුණ කාලය ඉවරයි. (නි)
හමුදාවට අවම බලය පෙන්වන්න තියෙන්නේ මේ වගේ අයට තමයි. (නි)
අපේ රණවිරුවන් බාල්දු කරන්න දිවි හිමියෙන් ඉඩදිය යුතු නැහැ.(බ)
මෙහෙම අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)
මෙවැනි මහා ඇමතිවරුන්ගෙන් මහජනයාටත් රටටත් කිසිම වැඩක් නැත. මොහු ඉවත් කිරීම රජයෙන් කළ යුතු වැඩකි. මෙවන් අයට ආරක්ෂාව සැපයීමෙන් වළකින්න. (බ)