‘තුම් බින්’ දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන නේහා ෂර්මාට මේ වනවිට බොලිවුඩ් සිනමාව තුළ ප්‍රේක්ෂක උනන්දුව වැඩිව තිබෙන බව සඳහන්. ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව මෙන්ම සිනමා තරුවල අවධානයද වර්තමානය වනවිට යොමුව ඇත්තේ නේහාටයි.
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ මේ වනවිටත් නේහා ෂර්මා සමගින් චිත්‍රපටයක රඟපාන්නට කැමැත්ත පළ කර ඇති බව සඳහන් වෙනවා. එමෙන්ම බොලිවුඩයේ ප්‍රවීණයා වන අමිතාබ් බච්චන් නේහා ‘තුම් බින්’ දෙවැනි චිත්‍රපටයේ ඉතා විශිෂ්ට රංගනයක නියැළෙන බව සිය ‘ට්විටර්’ ගිණුමේ සඳහන් කර තිබෙනවා.
රිතික් රෝෂන්ගේද සුබපැතුම්ද මේ වනවිට නේහා ෂර්මාට ලැබී තිබෙන අතර, බොහෝ දුරට ඉදිරියේදී රිතික් රංගන චිත්‍රපටයක සිනමා පෙම්වතිය වන්නටද නේහාට හැකිව තිබෙන බව නිල නොලත් වාර්තා සඳහන් කරනවා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නේහා ෂර්මාට වැඩි අවධානයක්