IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නැහැ. නැහැ. ක්‍රිකට් අතඇරලා නැහැ කවදාකවත්

2016-05-18-ENT-44

සචිත්‍ර සේනානායක පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණක් වන්නේ ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි. ඔහු විසින් ගායනා කරනු ලැබූ කුලුඳුල් ගීතය වන "වටිනා ඔබගේ" යන ගීතය දින කිහිපයකද පෙර එළිදක්වනු ලැබීය. මේ ඒ පිළිබඳව ඔහුත් සමග කරනු ලැබූ කතාබහකි.

මේ ගීතයේ Title එක වෙන්නේ "වටිනා ඔබගේ" කියලයි. එකේ පදරචනය කළෙ සඳුන් පෙරේරා. මියුසික් කළෙ ශෙහාන් මද්දුමගේ. වීඩියෝ එක කළෙ යශාන්. ගායන කරන්නෙ මමයි. මේක මගේ පළමුවැනි ගීතයයි.

 

2016-05-18-ENT-47ක්‍රිකට් ක්‍රීඩාවෙන් දැන් ගායනයට යොමුවෙලාද?

නැහැ. නැහැ. ගායනය පැත්තටම යොමුවෙලා නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩාව කියන අතඇරලා නැහැ කවදාකවත්. මේ සිංදුව කළේ ගිය අවුරුද්දේ. හැබැයි ක්‍රිකට් එක්ක කාර්යය බහුල වුණ නිසා තමයි මේ ගීතය එළිදක්වන්න බැරිවුණේ. මේ දවස් ටිකේ වැස්සයි, පුහුණුවීම් ටිකක් අඩු නිසා තමයි මේ ගීතය එළියට දාන්න කාලයක් හමුවුණේ.

 

ගීතයේ ඇතුළාන්තය ගැන වැඩි දෙයක් කිව්වොත්?

මුලින්ම අපි කතාවුණේ මගේ බිරිඳට සිංදුවක් ලියන්න කියලා. පද රචනය හැදුවේ ඒ විදිහටයි. එයාගේ ආදරය මට හම්බවෙලා මගේ ඉස්සරහ ගමන යන්න ලැබෙන සහයෝගය ඒක වෙනසක් නැතිව ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවායි කියන එක දාලා තමයි ගීතය ලියලා තිබුණේ. හැබැයි වීඩියෝ එකෙන් කතාව වෙන පැත්තකට යොමුකරන්න සිදුවුණා. ඒකාලෙ වෙද්දී මගෙ බිරිඳ Pregnant වෙලා හිටිය නිසා. වීඩියෝ එක නිසා කතාව කට්ටියම කතා කරලා චුට්ටක් වෙනස් කළා.

 

යම්කිසි ඒකාකාරී ගීතයන් බිහිවන කාලෙක මෙවැනි ගීතයක් එළිදැක්වීම හොඳයි කියලා ඔබ හිතනවාද?

ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ ගීතයක් එළිදැක්විය යුතුමයි කියලා. පොඩි ආසාවක් තිබුණා සිංදුවක් කළොත් හොඳයි කියලා. යශාන් මට කාලයක් තිස්සෙ කිය කියා තිබ්බා දෙයක් තමයි "සචී සිංදුවක් කරමු" කියන දේ. එයාගේ තිබ්බ දැඩි උනන්දුව මත තමයි මේ කරන්න පෙළෙඹුණේ. ඒත් එක්කම බිරිඳ, අපේ අක්කා මේ කට්ටියම කිව්වා ගීතයක් කරන්න කියලා. ඒ කට්ටියගේ උනන්දුවත් එක්ක මේ ගීතය කළා.

 

පළමු ගීතයෙන් පමණක් සීමාවෙන්නද බලාපොරොත්තුව?

මගේ පළමුවැනි අරමුණ වන්නෙ ක්‍රිකට් සෙල්ලම් කරන එක. ඉතිං නිවාඩු පාඩුවේ වෙලාවක් ලැබුණාම සිංදුවක් කරනවා. සිංදුවක් කරන එක ලොකු කර්තව්‍යයක් නෙමෙයි. නමුත් වීඩියෝවක් කරන එකනම් ලොකු දෙයක්. ඒකනිසා මම ගායනා කරලා වෙන කාවහරි වීඩියෝව සඳහා යොදලා ඉදිරියේදී ගීත එළිදැක්වෙන්න පුළුවන්. හැබැයි වීඩියෝ නම් ඇතියි කියලා හිතෙනවා.

 

මේදේ සඳහා සහයෝගය දැක්වූ අය ගැන කිව්වොත්?

හුඟක් අය මාව මේ සඳහා උනන්දු කෙරෙව්වා. විශේෂයෙන්ම මගේ බිරිඳ, අම්මා, අක්කා, අයියා මගේ යාළුවෝ. යශාන් තමයි ලොකු උනන්දුවක් දැක්වූවේ. ඉතිං ඒ ඔක්කෝටම ස්තූතිවන්ත විය යුතුයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-05-18-ENT-45
2016-05-18-ENT-46
2016-05-18-ENT-48
2016-05-18-ENT-49
 



අදහස් (0)

නැහැ. නැහැ. ක්‍රිකට් අතඇරලා නැහැ කවදාකවත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site