ඇමරිකා එක්සත් ජනපදියේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු බාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් අද අලුයම 5 ට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියාය.
ඉන්දියාවේ මුම්බායි හි සිට පැමිණි ගුවන් යානයකින් ඇය මෙරටට පැමිණි අතර ඇය සමග පස් දෙනකුගෙන් යුතු දූත පිරිසක්ද පැමිණ ඇතැයි ගුවන්තොටුපළ ආරංචි කියයි.
බිස්වාල් ඇතුළු පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශයේ හා ඇමරිකා තානාපති කාර්යාලයේ පිරිසක් කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියහ.
ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙරටදී ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ සැලසුම් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ (බ)
සිරියලතා, ඔයාට තේරෙයි තව ටික දවසක් යනකොට. (නි)
මගේ නම් ඇගේ මයිල් කෙලින් වෙනවා බයට මේ අයගේ නම් අහල. අපේ රටට දළදා හමුදුරුවන්ගේම පිහිටයි (බ)
පළවන අදියර , දෙවන අදියර අවසානයි. දැන් තුන්වන අදියර සඳහායි එන්නේ. (බ)
පාලකයනි මේ දේශයේ ඔබලා අයිති කරුවෝ නොවනබව මතකයට ගන්න.(හේ)
රට අනතුරේ. ඇය දෙවැනි වරටත් ආවා (බ)
ඔන්න බබෝ බිල්ලෝ එනවා, මුන්ට ඕන මුළු ලෝකයම උන්ගේ සපත්තුවෙන් පාගා ගන්ට. (බ)
මොකද මේ යාලුවෝ එනවට බය වෙන්නේ ? ඊලගට එරටේ ජනාධිපති තුමා එන්නේ රටට යෝජනා සහන රැගෙන .ඔන්න කිවුව (බ)
තමන් අරන් එන නුඩ්ලස් පැකට් කාල සත පහක්වත් වියදම් නොකරන චීනුන් දහස් ගානකට වඩා සුද්දෙක් ඇවිත් හොඳට කාල බීල වියදම් කරලා යන්නේ .ලෝකයේ හැමෝම සමග සමගියෙන් සමාදානයෙන් ඉන්න බය ඇයි? ඔය ජාති අාලයෙන් ඉන්න උදවියගේ පවුල් පිටින් ඉඩ කඩම් අරගෙන පුරවැසි කම් අරන් ඉන්නේ චීනේ නෙමෙයි (බ)
දැන් ඉතින් හැමෝම ඇවිත් යන්න එනවා.(හේ)