මනෝප්‍රිය ගුණසේකර
නාවික හමුදාව විසින් සිදු කළ මුහුදු ආරක්ෂක සේවාවක් පෞද්ගලික අංශයට පැවරීම සඳහා කුමන්ත්‍රණකාරීව රුපියල් ලක්ෂ 355ක අල්ලසක් හුවමාරූ කර ගන්නා ලද බවට චෝදනා ලැබ සිටින ඇවන්ඩ් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට ලබන සැප්තැම්බර් 19 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා අද නියම කළේය.
චෝදනා 47ක් යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට දැනුම් දෙමින් මෙලෙස සිතාසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද යුගයේ නිතිය පිරිහුණ , විනය පිරිහුණ ඒ වගේම මෛත්රී පලනයෙනුත් යථා තත්වයට ගන්න බැරිඋනා. රටක නිතිය හා විනය උඩ සිට පහලට ක්රියාත්මක වියයුතුය. නිතිය නැති රටක් පිරිහීම කරා යාම වැළැක්විය නොහැකිය.
ලංකාවේ ත්රිවිධ හමුදාවම මේගොල්ලන්ගේ බුදලේ කියලා හිතාගෙන තමයි මේ නඩේම වැඩ කලේ. හිතුවේ නැහැ අයියාව කලින්ම ගෙදර යවයි කියලා.