රුපියල් මිලියන 35.5ක අල්ලසක් ලබා දීම හා ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසමෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇප මත සිටින ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංඛ සේනාධිපති මහතාගේ සහ හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ විදෙස් ගමන් තහනම් කරණ ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද නියෝග කළේය.
ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කැරිණි.
මේ දෙදෙනාද ඇතුළු හත් දෙනකුට එරෙහිව බිලියන 11.4ක් රජයට පාඩු කළැයි පැවරූ නඩුවක් අධිකරණය හමුවේ පවතින අතර ඒ නඩුවෙන් සේනාධිපති සහ ප්‍රනාද්දු මහත්වරුන්ගේ විදෙස් ගමන් බලපත් නිදහස් කර තිබිණි.
ඒ හේතුව නිසා මේ නඩුවේ විදෙස් ගමන් තහනම් කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේය.
සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා නඩුව අප්‍රේල් තුන් වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ ජෝක් බලලා දැන් එපා වෙලා. (ර)
ඔය නඩු රබර් වගේ ඇදෙනවා මිසක් තීන්දු ලැබෙනවා බොරු... (ර)
හේතුවක් නැතුව අැවන්ගාර්ඩ් ආණ්ඩුවට ගත්තට රුපියල් මිලියන ගණනක් වන්දි ගෙවන්න සිංගප්පූර් අධිකරණයකින් නියෝග කරලා නේද. දැන් එතකොට අත්අඩංගුවට ගන්න ඕනෑ එ්කට නියෝග දීපු අය නෙමෙයිද? (නි)
කොච්චර දවසකටද දන්නේ නැහැ. (නි)